Geeyakawathagotha Wiki
Register
Advertisement
විකසිත පෙම් පොකුරු පියුම්
ගායනය W.D. අමරදේව
පද රචනය අජන්තා රණසිංහ
සංගීතය ප්‍රේමසිරි කේමදාස

අජන්තා රණසිංහයන් විසින් රචනා කරන ලද මේ ගීතය ඔහුගේ ජීවන අත්දැකීමක් ඇසුරෙන් ලියවුණක්.

ගී පද[]

විකසිත පෙම් පොකුරු පියුම්

ඔබේ පයට පොඩි වී ගියාදෙන්

පතිකුලයට අද මට පිටුපා යන

මගේ සොඳුරු ළඳුනේ...//


හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා...//


විකසිත පෙම්...


තනිකම රජයන පාලු විමානේ

ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

ඔබ දිවි අරණේ රුවන් විජිතයේ

මැණික් පහන් වැට දැල්වේවා...//


විකසිත පෙම්...


විකසිත පෙම්...

ඇරඹුම[]

පද රචනය[]

අජන්තා රණසිංහයන් තම ජීවිතයේ ආදර අත්දැකීම් ගැන බොහෝ ගීත ලියපු පුද්ගලයෙක්.ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගියා වේදනාව කැටිකර මේ ගීතයෙන් මුදාහැර තිබෙනවා. කාලයක් තිස්සේ පෙම් කරපු ඇය ඔහුට පිටුපා වෙනත් අයෙක විවාහ කර ගත් අවස්ථාව පසුබිම් කරගෙන ඔහු ලියපු පද මාලාව තමයි මේ සින්දුවේ එන්නෙ. පතිකුලයට පියනගන ඇයට ඔහු වෛර කලේ නැහැ, ඒ වෙනුවට ඔහුගේ සිතේ මතුවුණු ප්‍රාර්ථනාවන් ගීයකට එකතු කලා. සැම අවස්ථාවකම විරහ වේදනාව සමග ඇයට යහපතක් ප්‍රාර්ථනා කරන ලෙසට ගීතය රචනා කර තිබෙනවා.

සංගීතය[]

අමරදේව මහතා ගායනා කරන මේ ගීතය අර්ථයට සරිලන ලෙස ඉතා අලංකාරවත්ව සංගීතවත් කලේ ප්‍රේමසිරි කේමදාස මහතා.

විචාරයන්[]

අපේ දේශීය කාන්තාවන්, පිරිමින් හැදියාව... සහ චර්යාවන් අනුව උසස්‌ තැනක ඉන්නේ. කිසි විටෙක ඊර්ෂ්‍යාවක්‌ ඇතිකර ගන්නේ නැහැ. මේ ගීයේ සඳහන් පෙම්වතාත් එහෙමයි. ඇය තමාව අතැර දැමුවේ නොගැළපෙන නිසානේ. බැරි වෙලාවත් විවාහ වුණා නම් දෙදෙනාගේම ජීවිත අඳුරට ගමන් කරන්න තිබුණා. මේ පෙම්වතා හිතුවේ එහෙමයි.


හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම් ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔබ නැති සොවින් මම රෑට තනි යහනේ ඉඳන් ඉකිබිඳිනවා... හිතේ උපන් කඳුළු බිඳු නෙතින් පිටවෙන්න ඔන්න මෙන්න. ඒත් කමක්‌ නැහැ... අපේ ආදරණීය සැමරුම් ගැන හිතමින් මම දුක්‌වෙන්නම්. ඒත් එවන් විරහ දුකක්‌ ඔබට නම් නොදැනේවා.

ඔහු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හිතේ කිසිම කහටක්‌ නෑ. හිතින් දුක්‌ වින්දත් මේ පරාජිත පෙම්වතා ප්‍රාර්ථනා කරන්නේ ඇයට සුබ දිවියක්‌. පෙම්වතකුගෙන් විය යුත්තේ ඒක තමයි... හිතේ වේදනාවක්‌ ඇති නොවෙනවා නොවේ. ඒත් ඉතිං තමන්ට නොගැළපෙනවා නම් අතහරින එකනේ හොඳ... පෙම්වතා සහ පෙම්වතිය කෲර ලෙස හෝ ආදරණීය ලෙස දෙදෙනාගෙන් වෙන් වුණාට කමක්‌ නැහැ. විවාහය කියන්නේ ප්‍රේමය නොවෙයිනේ. විවාහය ඊට වඩා ගැඹුරු බැඳීමක්‌. ඒ නිසා වෙන්වෙන එක හොඳයි. අතැර දැමූ පසුව ඇතිවන සිත් වේදනාව සදාකාලික නැහැ. හදවත පළලා උණු ලේ දහරින් කියලා සිංදු ලිව්වාට එහෙම වෙන්නේ නැහැ. ආචාර්ය අජන්තා යළි තමන්ගේ ගීයෙන් කියෑවෙන ගැඹුරු අර්ථය පහදා දුන්නා.

තනිකම රජයන පාළු විමානේ

ගොම්මන් කළුවර හඬා වැටෙද්දී

ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ

මැණික්‌ පහන් වැට දැල්වේවා

ගොම්මන් කළුවර වැටෙද්දී තනිකම වැඩියෙන් දැනෙනවා. පුදුමාකාර පාළුවක්‌ දැනෙන්නේ. ගොම්මනේ උපදින තනියත් එක්‌ක මේ පරාජිත පෙම්වතාගේ හදවත හඬා වැටෙනවා. ඒත් ඔහු තුළ ඇය කෙරෙහි තරහක්‌, වෛරයක්‌ නෑ. ඒ නිසා තමයි ඔහු ඇයගේ අනාගතයට සුබ පතන්නේ අනාගත ජීවිතය ආලෝකවත් වේවා යෑයි පතන්නේ...

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1192/vikasitha-pem-pokuru-piyum-w-d-amaradeva-sinhala-mp3.html mp3, zip, listen and lyrics
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/vikasitha-pem-pokuru-piyum-mp3-song.php 128 kbps, 44,100 Hz
Sinhalasongs.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1192/vikasitha-pem-pokuru-piyum-w-d-amaradeva-sinhala-mp3.html 128kbps, 44100 Hz

වීඩියෝව නරඹන්න []

Wika_Sitha_Pem_--Amaradeva

Wika Sitha Pem --Amaradeva

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=867

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

[[Category:]]

Advertisement