Geeyakawathagotha Wiki
Register
Advertisement
බිම්බරක් සෙනග
ගායනය ගුණදාස කපුගේ
පද රචනය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ ශූරීන් ගයන ඉතා ජනප්‍රිය දේශප්‍රේමී ගීතයක් වන මේ ගීතය සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන රචනා කරන ලද්දක්.

ගී පද[]

බිම්බරක් සෙනග ගැවසුන

චන්ද්‍ර සූරයා ඉපදුන

ස්වර්ණ භූමියේ මනරම්

මාළිඟාව කෝ...


යුද්දෙකට ඇවිත් රුපුසෙන්

සත් මුහුදු මතින් ගුවනින්

කම්බි වට කලේ මනරම්

මාළිඟාව ‍කෝ මාළිගාව කෝ


ටැට්ටරේ යකඩ ගජසෙන්

කුංචනාදයෙන් ඇලලුන

වෘක්ෂ දේවතාවන් බිම

වැටී පණ ගසයි


මිණී මල් පිපුණු සීතල

නිම්න භූමියේ ඇටකටු

හතර රියන් කඩ අහිමිව

විලාපය නඟයි...//


බිම්බරක් සෙනඟ...//


කැලෑ මල් පිපී රතුතොල්

වලින් කෑ ගසා ඉල්ලන

ජාතියේ නිදානය රන්

රුවන් කරඬු කොයි


වෑ කන්ද කඩා බිම්කටු

කම්බියෙන් බෙදා

මේ රණ බිමේ හිස ගසා දමනා

කඩුව බිම දමව් කඩුව බිම දමව්...


බිම්බරක් සෙනඟ...//

ඇරඹුම[]

මේ සින්දුව සාමාන්‍ය ගීත තේමාවන්ගෙන් බැහැරව ලියපු එකක්. රත්න ශ්‍රී විජේසිංහයන් මේ සින්දුව ලියල තියෙන්නේ 80 දශකයේ මොනරාගල පැලවත්ත ප්‍රදේශයේ සිදුවුණු ඉඩම් කොල්ලකෑමක් සම්බන්ධව. මොනරාගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර දහස ගණනක ඉඩම් ප්‍රමාණයක් උක් වගාව සඳහා විදේශ සමාගමකට පවරලා තියෙනවා. (එංගලන්තයේ Buker Tate සමාගම) ඔවුන් විසින් එම ප්‍රදේශය තුල ඉමහත් පරිසර විනාශයක් කරන්න සුදානම් කරලා තියෙනවා. ඊට විරුද්ධව රටතුල පැනනැගුනු විරෝධතාව මුලික කරගෙන ලියපු ගීතයක් මේ. අදටත් දේශප්‍රේමිත්වය වඩවන අලංකාර ගීතටක් ලෙස මෙය ඉතා ජනප්‍රියයි. ගීතයේ පද පෙළ අධ්‍යනය කරනකොට එදා වෙල්ලස්ස ප්‍රදේශයේ සිදුවුණු දේ හොඳින් හිතාගන්න පුළුවන්.[1]

ගීතය පිළිබඳ හොඳ විස්තරයක් මෙම බ්ලොග් අඩවියෙන් http://geeyakamathakapotha.blogspot.com/2012/12/blog-post_30.html

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න[]

Wellasse_Geethaya(Bimbarak_senaga)-Gunadasa_Kapuge

Wellasse Geethaya(Bimbarak senaga)-Gunadasa Kapuge

Song Chords[]

මූලාශ්‍ර[]

Advertisement