Geeyakawathagotha Wiki
Register
Advertisement
තිරය ඇරෙනවා
ගායනය සුනිල් එදිරිසිංහ
පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය රෝහණ වීරසිංහ
එළිදැක්වීම 1983

1983 වසරේ ප්‍රචාරය වූ මෙම ගීතය බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පළමු ගීත රචනයයි.

ගී පද[]

තිරය ඇරෙනවා තිරය වැහෙනවා

ඔල්වරසන් හඩ පැතිරෙනවා

සඳලුතලෙන් බැස මානවිකාවන්

තාලෙට ඉඟසුඟ නටවනවා


කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති

නළ වතුරෙන් සැනහෙන දරුවෝ

ගොයම් නැටුමකට දෑකැති ලෙළවති

කුඹුරක් ඇස නොගැටුන දරුවෝ


තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...


දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට

කරළිය හිමි නැති අපේ ළමයි

හේනට කුඹුරට ගත සවි දියකර

කරළිය අබියස බලා හිඳී


තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...

ඇරඹුම[]

පද රචනය[]

බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් රචනා කල මේ ගීතය ගැන එතුමාගේ වචනයෙන්ම. ("පැරණි සිංහල ගී රසික හවුල" Facebook පිටුවේ පළවූ ලිපියක් ඇසුරෙන්)[1]

"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ. මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ. සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

සංගීතය[]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • මේ ගීතය ගායනා කරන්න භාර ගන්නා විට සුනිල් එදිරිසිංහයන් ඔහු නොහඳුනයි. නමුත් ඔහුගේ මිත්‍ර ජයලත් මනෝරත්නයන් හරහා සුනිල් එදිරිසිංහයන් වෙත යවපු ගීත කිහිපයක් අතරින් මෙම ගීතය සහ ලෝකයක් තනන්නට කියන ගීත දෙක ගුවන් විදුලියේ සරළ ගී වැඩහටහන සඳහා තෝරා ගෙන තිබුණ.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2345/thiraya-arenawa-thiraya-wahenawa-sunil-edirisinghe-sinhala-mp3.html 4.04MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/sunil-edirisinghe-mp3-songs/thiraya-arenawa-mp3-song.php 3.28MB

වීඩියෝව නරඹන්න []

  • Youtube Video by 2-Rajitha jayamini Withanachchi
    Sunil_Edirisinghe_"තිරය_ඇරෙනවා"_Thiraya_arenawa

    Sunil Edirisinghe "තිරය ඇරෙනවා" Thiraya arenawa

  • සුනිල් එදිරිසිංහයන්ගේ "නව රිද්ම" ඇල්බමයේ එන නව සංගීතයට ගායනා කල ගීතය Youtube Video by Ruchira Bandara
Thiraya_Arenawa_Sunil_Edirisinghe

Thiraya Arenawa Sunil Edirisinghe

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Sinhalajukebox.org http://sinhalajukebox.org/lyrics/php/A00120032C01.html

Song Chords[]

Site Link Info.
sinhalachordsfactory.blogspot.com http://sinhalachordsfactory.blogspot.com/2014/10/thiraya-arenawa-sunil-edirisinghe.html

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement