Geeyakawathagotha Wiki
Register
Advertisement
සඳ රේණු ගලන
ගායනය තීක්ෂණ අනුරාධ
පද රචනය නිලාර් N. කාසිම්
සංගීතය කසුන් කල්හාර
ඇල්බමය සඳ රේණු ගලන

ගී පද[]

සඳ රේණු ගලන

සඳ රෑක සිහිනයට

ඔබ ඈත ඉඳන් ඇවිදින්

මගෙ පාළු හිතට

මනමාල කතා කියමින්...


මඳ සීත සුළඟ

මඳහාස නඟන විට

සිත කෝළ වුණිද මෙතරම්

ඒ දැනුණු හැඟුම නොදනිම්


සඳ රේණු ගලන ...


නෙක හීන පුරන

නෙතු දෑල දුලන විට

හිත කීරි ගැහෙන හැටි නම්

ඒ හැඟුම කෙලෙස පවසම්


සඳ රේණු ගලන ...

ඇරඹුම[]

පද රචනය[]

  • නිලාර එන්. කාසිම් විසින් රචනා කරන ලද මේ ගීතය පෙම්වතෙක් තම පෙම්වතිය ගැන කරන සිතුවිල්ලක් ගැන ලියන ලද්දක්. ආදරය ගැන දැනෙන සංවේදනය අකුරු වලට පෙරලීම ඉතා අපහසු කටයුත්තක්. ආදරය ගැන ගීත බොහොමයක් රචනා කල නිලාර් එන්. කාසිම් ඒ සිතුවිලි සමුදාය වචනයට පෙරළුව අයුරුයි මේ.

සංගීතය[]

  • සංගීතය නිර්මාණය කළේ කසුන් කල්හාර විසින්.

ගීතය ගැන නිලාර් ගේ වචනයෙන් "මේක අවුරුදු කීපයකට පෙර ආ ගීයක්‌. තීක්‍ෂණ ස්‌වාධීන ගායකයකු ලෙස ප්‍රේක්‍ෂකයන් අතරට ආ ගීය... මම මේ ගීය ලියලා ගායනයට තීක්‍ෂණ උචිතයි කියලා හිතුවා. තනු නිර්මාණය සඳහා කසුන්ට ගීය දුන්නේ ටෙලිෆොaන් එකෙන්... ඒත් කසුන් වැඩක නිරතව සිටි නිසා මම ගීයෙ පදපෙළ කියවද්දී කසුන්ගේ බිරිඳගේ පියා... ජයතිලක කම්මැල්ලවීර ප්‍රවීණ ලේඛකයා තමයි දුරකථනයේ අනෙක්‌ කෙළවර සිට මෙය ලියාගත්තේ.

ඒ දවස්‌වල තීක්‍ෂණයට හරියට වැඩ. ඒ නිසා සිංදුව හදලා ට්‍රැක්‌ එක රෙකෝඩ් කළත් ගායනයට කසුන්ට වේලාවක්‌ නැහැ. ඒත් දවසක්‌ පාන්දර ජාමෙක තීක්‍ෂණ ස්‌ටුඩියෝ එකට ඇවිත් ගීතය පටිගත කර තිබුණා. ගීයේ සමහර වචන පැහැදිලි නැති නිසා තීක්‍ෂණ වෙනත් වචන දාලා තමයි රෙකෝඩ් කරලා තිබුණේ. ඒත් ඒ ඔහු දැනුවත්ව වූ දෙයක්‌ නොවේ.... ඒත් ගීය ඇහුවාම මට කේන්ති ගියා. මම තීක්‍ෂණට දොස්‌ කිව්වා...." නිලාර් ගීය ගැන අතීත සිද්ධිය සිහිපත් කළා..."[1]

ගීතය නිවැරදි කිරීමෙන් පසුව තීක්ෂණ විසින් ඔහුගේ "සඳ රේණු ගලන" ඇල්බමයට ගායනා කරනු ලැබුවා.

විචාරයන්[]

  • 2010/12/12 දිවයින

බලන්න... නිලාර් මේ ගීයෙන් තරුණකම ඉතාමත් හොඳින් මූර්තිමත් කරන ආකාරය.

සඳ රේණු ගලන

සඳ රෑක සිහිනයට

ඔබ ඈත ඉඳන් ඇවිදින්

මගෙ පාළු හිතට

මනමාල කතා කියමින්

පාළුව සමඟ සිටින මේ පෙම්වතාගේ සිහිනයට ඇය එන්නේ ඉතාමත්ම සුන්දර වූ වෙලාවක.... සඳ පායලා... එහි සොමිරැස්‌ ගලා එන මොහොතක්‌... ඇයවිත් පෙම්බස්‌ මුමුණනවා...

ප්‍රේමයෙන් වෙළී සිටින මේ පෙම්වතුන් දකිද්දී මඳ සීත සුළඟත් මදහස නඟනවා... එතකොට හිතට තරමක්‌ ලැඡ්ජා ගතියකුත් එනවා.

මඳ සීත සුළඟ

මඳහාස නඟනවිට

සිත කෝළ වුණිද මෙතරම්

ඒ දැනුණු හැඟුම් නොදනිම්

ප්‍රේමය ඒ විදිහට අත්විඳිද්දී දැනෙන හැඟුම තේරෙන්නෙ නැහැ කොහොමද කියන්නෙ කියලා... ආදරයේ චමත්කාරය ඔහුට හොඳින් දැනෙනවා. හිත කීරි ගැහෙන ඒ ආදරය ගැන කොහොමද කියන්නෙ....

විශේෂ තොරතුරු[]

  • ගීතයේ ස්‌ථායී කොටසේ හැම පේළියකම ආරම්භක වචනය ලඝූ අක්‍ෂර දෙකකින් සහ එක්‌ ගුරු අක්‍ෂරයකින් සමන්විතයි.

සඳරේණු.... ලඝූ අක්‍ෂර දෙකයි, ගුරු අක්‍ෂරයයි සඳ රෑක.... ඔබ ඈත.... මගෙ පාලු.... මනමාල.... කියන වචන සකස්‌ වන්නේ එවැනි ඝන සහිතවයි.[2]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1606/sanda-renu-galana-theekshana-anuradha-sinhala-mp3.html 3.38 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/20258/sanda-renu-galana-theekshana-anuradha-mp3-song-download-online-listen

වීඩියෝව නරඹන්න []

Theekshana_Anuradha

Theekshana Anuradha

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/750/prince-udaya-priyantha-sanda-renu-wahena-mey-seetha-rathriye-lyrics.html
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Sanda-Renu-Galana-Sanda-Reka-Sihineka/

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=26
Guitar.lk http://guitar.lk/sanda-renu-galana-guitar-lesson/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]


<fb:comments></fb:comments>

Advertisement