Geeyakawathagotha Wiki
Register
Advertisement
තනි තරුවේ
ගායනය වික්ටර් රත්නායක
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය වික්ටර් රත්නායක

ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයා ලාංකීය සංගීතයට දායක කරපු තවත් අලංකාර ගීතයක් මේ.

ගී පද[]

තනි තරුවේ...

ඔබත් ඔහොම ඔතැන ඉන්න

මමත් මෙහෙම මෙතැන ඉන්නවා


නෙතඟ නෙතඟ පැටලි පැටලි

මුවඟ මුවඟ ඇලලි ඇලලි

මෙතෙක් දුරක් එක්වී පැමිණී

තනි තරුවේ...


මහද අරණ ළතැවි ළතැවි

රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි

මගෙන් ඉවත ඇදිලා සැනසී

තනි තරුවේ....

ඇරඹුම[]

පද රචනය[]

දිනක් වික්ටර් රත්නායකයන් තම සමීප මිතුරකු වන ප්‍රේමකීර්ති හා තවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සමග මුහුදු වෙරල ආසන්නයේ විවේකීව සැන්දෑ සාමය ගත කර තිබෙනවා. මුහුදු වෙරළේ වැතිරිලා සිටිය ප්‍රේමකීර්ති සවස් අහසේ පායාගෙන එන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන ඉඳල එක වරම 'තනි තරුවේ' කියල කෑ ගහල තියෙනවා. අහසේ තනි තරුව දැකීමත් සමග ඔහුගේ සිතට නැගුනු සිතුවිලි සමුදාය ගීයකට පබන්දුනේ ඉන් පසුවයි.[1]

විචාරයන්[]

වචනයට යා හැකි දුර නතර වූ තැන උපදින්නේ සංගීතයයි . ඒ සඳහා තනි තරුවේ නම් වූ නිර්මාණය කදිම නිදසුනක් වේ. ප්‍රේමකීර්තිගේ වචන නිශ්චිත ඉලක්කයක් කරා එල්ල වන්නක් නොවේ. එහෙත් හදවත පසාරු කරගෙන යන පාළු වේදනාත්මක බවක් ශ්‍රාවකයා තුළ ඉතිරි කිරීමට මේ ගීතය සමත්වෙයි.

තනි තරුවේ

ඔබත් ඔහොම ඔතැන ඉන්න

මමත් මෙහෙම මෙතැන ඉන්නවා


කෙතරම් අපූරු චිත්‍රයක් ද? තරුව සිටින්නේ අහසේ ය. තමා සිටිනුයේ මහ පොළවේ ය. දුරස් වී එකිනෙකා දෙස බලා සිටිනු මිස වෙන කුමක් කරන්නද? තරුවක් තනිවී ඇත. ඔහුත් තනිවී ඇත. ඉතින් අපි දෙතැනක හිඳ එකිනෙකා දෙස බලා සිටින්නෙමු.

මේ තරුව කවුද? ඒ ප්‍රේමවන්තියක් හෝ බිරියක් විය නොහැකි ද? නමුත් ඇය තරුවක්ම ය. ජීවිත කාලය තුළ ඔහු ඇගෙන් එළිය බිඳක් හෝ ලබාගෙන තිබේ. ඇය අහසේ සිටියත් වෙන්වී දුරස් වුණත් ඇය තරුවක් ම ය. ඒ නිසා ඔහුට කෙසේවත් ඇයට වෛර කළ නොහැකිය. කළ හැක්කේ බලාසිටීම පමණක් මය.

”නෙතඟ නෙතඟ පැටලි පැටලි

මුවඟ මුවඟ ඇලලි ඇලලි

මෙතෙක් දුරක් එක්වී පැමිණි

තනි තරුවේ....."

මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා වූ තරුවකි. ඔහුට ආදරය කළ තරුවකි. ජීවන ගමන්මඟ එළිය කළ තරුවකි. තනි නොවී සිටි තරුවකි. එහෙත් දැන් තනි තරුවකි.



යොමු[]

සින්දුව බාගතකරන්න

වීඩියෝව නරඹන්න []

Thani_Tharuwe_Victor_Rathnayake

Thani Tharuwe Victor Rathnayake

Song Chords[]

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement