Geeyakawathagotha Wiki
Register
Advertisement
සියාතුවේ මා මිතුරේ
ගායනය සුනිල් එදිරිසිංහ
පද රචනය වසන්ත කුමාර කොබවක
සංගීතය රෝහණ වීරසිංහ

සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගීතය රචනා කරන්නෙ වසන්ත කුමාර කොබවක මහතා

ගී පද[]

සියාතුවේ මා මිතුරේ

අඳ කුඹුරට ආල වඩන සියාතුවේ

සියාතුවේ මා මිතුරේ


සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්

ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින්

වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්

දැවුනා සිත දැවුනා කෙත කර සුළඟින්


සියාතුවේ...


අඬලා කුමට ද මිතුරේ සියාතුවේ

හැමදා මුව රළ වාගේ සිටිනු නොහේ

ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ

ගලනා දිය අප හැමටයි සියාතුවේ


සියාතුවේ...

ඇරඹුම[]

පද රචනය[]

80 දශකයේ මැද භාගයේ වසන්ත කුමාර කොබවක මහතා සේවය කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංගණන ව්‍යාපෘතියක. නුවර කලාවිය හෙවත් වැව් බැඳී රාජ්‍යයේ ඔහු එවකට සේවය කළේය. දිනක් ඔහු රාජකාරියේ නිරත වෙමින් සිටියදී තම පිරිස සමග වනගත පෙදෙසක් හරහා දුෂ්කර ගම්මානයකට පැමිණෙනවා.

වතුර නැතුව වියලී ගිය වටපිටාව ඉතා කටුක නිසාම ඔහු අසල නිවසකින් බීමට ජලය ඉල්ලා ගන්නවා. කිහිළි කරුවෙන් නිවසට එන ගෙහිමියා දැක ඔහුගේ සිතට පහළ වූ අදහස් ගීතයකට ගලපනවා. වැසි වැටී ප්‍රධාන වැව පිරී තිබුනත් වැරදි ජාල කළමනාකරණය නිසා මේ දුෂ්කර ගම්මානයේ ජනතාවට බීමට පවා ජලය නොලැබී තිබේ. වාරු නොමැති ගෙහිමියා "සියාතුවේ" නමින් ආමන්ත්‍රණය කර ඔහු ලියූ ගීතය අතරතුර මේ තත්වය වෙනස් කළ යුතුයැයි පවසනවා. එය මෙම ජනතාව අතරින්ම පැනනැගිය යුත්තක්. අහිංසක ජනතාව මුවන්ට උපමා කරන ඔහු, එසේ නොසිට තමන්ට හිමි ජලය ලබාගැනීමට පෙරට එන ලෙස ගැමි ජනතාවට ආරාධනා කරනවා.[1]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/sunil-edirisinghe-mp3-songs/siyathuwe-ma-mithure-mp3-song.php 3.78 MB

වීඩියෝව නරඹන්න []

Sunil_Edirisinghe_Songs_-_Siyathuwe_Ma_Mithure...

Sunil Edirisinghe Songs - Siyathuwe Ma Mithure...

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

--

Song Chords[]

--

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement