Geeyakawathagotha Wiki
Register
Advertisement
සිතින් විතරක්
ගායනය චාමර වීරසිංහ
පද රචනය ආරාධනා ඒකනායක
සංගීතය නවරත්න ගමගේ

චාමර වීරසිංහ ගායනා කරන මේ ගීතය කාගේත් පොදු අත්දැකීමක් ගැන කියවෙන්නක්.

ගී පද[]

සිතින් විතරක්‌ පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ...

මට ද ඔබ හිමි නෑ...


නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී

දෙතොල් ඔබගේ මදහසින් සැරසේ

දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ

දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ...


සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ

නිසල කරන් මම ඉන්නම් සෑම දින

කාත් කවුරුවත් නොමැති මා හට

ඔබත් අහිමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මට ද ඔබ හිමි නෑ

ඇරඹුම[]

පද රචනය[]

තරුණ කාලයේ සිතේ ඇතිවන නමුත් සැබෑ කරගත නොහැකි ආදරය ගැන කියවෙන මේ ගීතය රචනා කළේ ආරාධනා ඒකනායක. ඇය වෘත්තියෙන් ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ විධායකවරියක්.

සංගීතය[]

ආරාධනා පළමුව ගීතය රචනා කර රන්සිළු ඕඩියෝ ආයතනයට ලබා දී තිබෙනවා. ඉන්පසුව නවරත්න ගමගේ මහතා විසින් එයට තනුවක් සකස් කර චාමර වීරසිංහගේ ගායනයට ලබා දී තිබෙනවා.

විචාරයන්[]

"සිතින් විතරක්‌ පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
ළංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ..."

ආදරය නිසා විඳවන හිතක්‌... ඔහු ඇයට ආදරය කරනවා... ඒත්... මේ ආදරය හිතේ ඇතිවුණු ආදරයක්‌ විතරයි. ඇයට සැබෑවට පෙම් කරන්න ඔහුට වරම් නෑ.. ඔහු ඇයට ආදරය කරන බව... ඇය දන්නෙත් නෑ... ඔහු ඇය දෙස නිතර බලා ඉන්නවා. ඒ ළඟ ඉඳන් නොවේ. දුරට වෙලා... ළං වෙන්න බෑ... ඔවුන්ට ඒ ආදර ලෝකය හිමි නෑ.. ඇයට ඔහුත් ඔහුට ඇයත් කවදාවත් අයිති නැහැ..

"නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ... මට ද ඔබ හිමි නෑ..."

මේ පෙම්වතාව ඇය නිතර හමුවෙනවා. ඒත් කතා කරන්න අවස්‌ථාවක්‌ නෑ.... ඇය ඇසිපිය නොගසා ඔහු දෙස බලා ඉන්නවා..... නාදළුවන් දෙතොල් අතරින් සිහින් සිනාවකුත් උපදිනවා. ඒත් ඔහුට ඈ දෙස බලලා වැඩක්‌ නෑ. ඈ හා සිනාසෙන්න ඕනෑ නෑ නිශ්ඵල වැඩක්‌.... ඇය කවදාවත් හිමි නොවන බව ඔහු දන්නවා...

"සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ...
මට ද ඔබ හිමි නෑ.."

ඈ ඉදිරියේ ඔහුගේ හිත චංචලයි... ඒත් ඒ හිත හැම වෙලාවෙම නිශ්චලව තියාගන්න තමයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු තනිකඩයෙක්‌... ඈ... සමහර විට විවාහක තරුණියක්‌ වෙන්නත් ඇති... ඔහුගේ හිත ඉකිබිඳිනවා... මං තනිවෙලා කාත් කවුරුවත් මට නෑ... ඔයාත් අහිමිව ගියාදෙන්... ආදරේ මම ඔයාට ආදරේ වගේම ඔයාත් මට ආදරේ කරනවා නම් අපි කවදාවත් ළං වෙන්නේ නැත්නම්.... මට මීටත් වඩා දුක හිතේවි... කමක්‌ නෑ.... අපිට අපි අයිති නෑ.[1]

විශේෂ තොරතුරු[]

  • මෙය ආරාධනා ඒකනායක විසින් ලියූ පළමු ගීතයයි.
  • මෙය චාමර වීරසිංහගේද පළමු ගීත ගායනයයි.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2577/sithin-witharak-pem-karannam-chamara-weerasinghe-sinhala-mp3.html 4.77 MB
Topsinhalamp3.com http://topsinhalamp3.com/songs/chamara-weerasinghe-mp3-songs/sithin-witharak-pem-karannam-mp3-song.php 4.74 MB

වීඩියෝව නරඹන්න []

Sithin_Witharak-Chamara_Weerasinghe

Sithin Witharak-Chamara Weerasinghe

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/686/chamara-weerasinghe-sithin-witharak-pem-karannam.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=989

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]


Advertisement