Geeyakawathagotha Wiki
Register
Advertisement
සිරියහනේ ලණු ඉහිරී
ගායනය එඩ්වඩ් ජයකොඩි
පද රචනය ලූෂන් බුලත්සිංහල
සංගීතය H.M. ජයවර්ධන

එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මේ ගීතය ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහතා. එතුමා පවසන විදිහට ගීතයෙන් කියවෙන්නේ තනිකඩ මිනිසෙක්ගේ හැගීම් ගැන.

ගී පද[]

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ

මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//


ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්

නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්

යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//


සිරියහනේ...


යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්

මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්

යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//


සිරියහනේ...

ඇරඹුම[]

පද රචනය[]

නාරිලතා මල කියන්නේ නාරි දේහයේ හැඩය ගත් මල් වර්ගයක් බවයි පිළිගැනීම. තනිකඩ මිනිසෙක්ගේ පිළිවෙළක් නොමැති ජීවිතය සහ ස්ත්‍රියක පිලිබඳ ඇති බලාපොරොත්තු මෙම ගීතයෙන් කියවෙනවා.

විචාරයන්[]

ලූෂන් ලියු ගී අතරින් මීළඟට මගේ අවධානයට යොමු වූයේ එඩ්වඩ් ජයකොඩි ගයන ‘සිරි යහනේ ලණු ඉහිරි සුසුම් හෙළන රෑ’ නම් වූ නිර්මාණය වෙතටය. මෙය විසංවාදයකට තුඩු දුන් ගීයකි. ඊට හේතු වූයේ ඊට ඇතුළත් ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ’ නම් වූ යෙදුමයි. ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැම්හු එය කුණු හරුපයක් යැයි ද සිතූහ. ඇත්තටම ‘යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?’

මම මේ ප්‍රශ්නය ලූෂන් වෙත යොමු කරමි.

“නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.

“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.


ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

විශේෂ තොරතුරු[]

  • ලූෂන් බුලත්සිංහල මහතා මේ ගීතය රචනා කර තිබෙන්නේ අමරදේව මහතාට. නමුත් එතුමා තමන්ටවත් නොදන්වා ගීතය එඩ්වඩ් ජයකොඩි හට දී තිබෙනවා.[1]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/2117/siri-yahane-lanu-ihiri-edward-jayakody-sinhala-mp3.html 4.73 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/edward-jayakody/siri-yahane-lanu-ihiri/

වීඩියෝව නරඹන්න []

Siriyahane_Edwerd_Jayakody

Siriyahane Edwerd Jayakody

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
lyrics.tharunayaa.lk http://lyrics.tharunayaa.lk/fullsize-Siri%20yahane%20lanu%20ihiri-Edwad%20Jayakodi-290.html
sinhalageethaekathuwa.blogspot.com http://sinhalageethaekathuwa.blogspot.com/2013/03/siri-yahane-lanu-ihiree-edward-jayakodi.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=702

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement