Geeyakawathagotha Wiki
Register
Advertisement
සෙනෙහස ඉල්ලා
ගායනය මාලනී බුලත්සිංහල
පද රචනය අශෝක කෝවිලගේ
සංගීතය එච්. එම්. ජයවර්ධන

මාලිනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කළ මේ ගීතය ආදරයේ විෂම බව ගැන කියන්නට දැරූ උත්සහයක්.

ගී පද[]

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

හඬා වැටෙනවා මියෑසි කැළක්‌

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා

මලට වඩා විෂ බඹර තුඩක්‌


වැහි කළුවර ඇති සැන්දෑ සමයක

තරුමල් පිපුණලු අහස්‌ ගැබේ

දේවදූතයොත් හඬා වැටෙනවා

පෙම්මල් ඉහිරුණු පාර දිගේ


සෙනෙහස ඉල්ලා ...


යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය

කළියුගයේ ඇත පහළවෙලා

අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව

පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා


සෙනෙහස ඉල්ලා ...

ඇරඹුම[]

ගීතය රචනා කරන්නෙ අශෝක කෝවිලගේ මහතා. ඒ මහතාගේ පළමු ගීත රචනාව මෙය වන අතර ඔහු මෙම ගීතය රචනා කරනා සමයේ මාලිනී බුලත්සිංහල මහත්මිය හඳුනනේ නැහැ. දිනක් ගංගාරාමයේදී ඔහුට ඇයව හමු වෙලා තියෙනවා. තමා රචනා කරපු ගීතය ඒ අවස්ථාවේදී ඔහු ඇයට දුන්නා. ගීත රචනාව අත්බෑගයේ දමාගත් ඇය පසු දිනෙක ඔහුගේ ගීතය ගායනා කරනා බව කියා පණිවුඩයක් යවල තිබුණ ගීතය පැහැදිලිව නැවත ලියා එවන්න කියල. ගීතයට සංගීතය එකතු කලේ මාලිනී මහත්මියගේ සැමියා සේම විශිෂ්ට සංගීතඥයකු වූ එච්.එම්. ජයවර්ධන මහතායි. සංගීත සංකලනය ඉතා හොඳින් පද මාලාවට ගැලපුනා. ඒ හේතුව නිසාම ගීතය බොහෝ ඇය අතරේ ජනප්‍රිය වුණා.[1]

ආදරය ගැන නොදුටු පැත්තක් ආමන්ත්‍රණය කරන්නට ගීත රචකයා උත්සහ දරනව. ආදරයේ කුරිරු බව ව්‍යන්ගාර්ථයන් බොහෝ ගණනක් භාවිත කරමින් පෙන්වන්නට ගත් උත්සාහය අතරේ ආදරයේ ඉඳ හිට දක්නට ලැබෙන පිවිතුරු බව හා සුන්දරත්වය ගැනද ඔහු ගීතයට එකතු කර තිබෙනවා. පිවිතුරු ප්‍රේමය අද ලෝකයේ සොයාගන්නට අපහසු බව ගීතයෙන් පවසනවා.

විචාරයන්[]

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

හඬා වැටෙනවා මියෑසි කැළක්‌

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා

මලට වඩා විෂ බඹර තුඩක්‌

ලියතඹරා.... දුටුවන් උන්මාදයට පත්කරන මලක්‌... තවුස්‌ දම් පුරන්නෝ පවා ලියතඹරා මලක්‌ දුටුවොත්.... සමවැදී උන් දැහැන් බිඳෙනවා...... ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන එවන් වූ මලක්‌ අසලට වී සංගීත නාදය පතුරන්නෝ කැළක්‌ හඬා වැටෙන්aනේ වෙන කිසිවක්‌ නොව ආදරය ඉල්ලාය.

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්‌......

කපුරු මලින් වහනය වන සුගන්ධයට බඹරු වහවැටෙනවා මේ සුවඳ නිසාම බඹරු මිය යනවා..... හරියට ලියතඹරා මලක්‌ දුටුවාම තවුසන්ගේ දැහැන් සිඳී බිඳී යනවා වගේ..... ඒත් "අශෝක මේ ගීතයෙන් පවසන්නේ කපුරු මලට වඩා බඹර තුඩ විෂ බවයි.

ව්‍යංගාර්ථයන්ගෙන් පිරී තිබෙනා මේ ගීය හොඳින් කියවා බලන්න. බඹරා කියන්නේ ආදරයට උපමාවක්‌....... පෙම්වතාටත් බඹරා කියා කියනවා....... කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ තුඩට කපුරු මලක්‌ මැරේ නම් අනේක මල් ගැන කවර කතා ද......ගීත රචකයා මේ කියන්නේ ආදරයේ කුරිරු බව මිස අන් කවරක්‌ද?

වැහි කළුවර ඇති සැන්දෑ සමයක

තරු මල් පිපුණලු අහස්‌ ගැබේ

දේවදූතයොත් හඬා වැටෙනවා

පෙම්මල් ඉහිරුණු පාර දිගේ...


ආදරය සියයට සියයක්‌ම කුරිරුයි කියා නොකියන තරමට රචකයා මෙතැනදී පරෙස්‌සම් වෙනවා...... වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස්‌ ගැබේ" කියා ඔහු කියන්නේ ඒ නිසයි.

සැන්දෑ අහස වැහිවළාවකින් අඳුරුවෙලා..... ඒත් නබෝ ගැබ තුළ තරු මලුත් පිපිලා.. ඒ කියන්නේ ඉඳහිට හරි පිවිතුරු ආදරයක්‌ තිබෙනවා කියා නොවේද?

ප්‍රේමය බිඳ වැටුණාම දුක්‌ නොවන කෙනෙක්‌ සිටීද.. දේව දූතයන්.... හරිම පවිත්‍රයි..... පිවිතුරු බවේ සංකේතය තමයි දේවදූතයන්. ආදරයක්‌ කැඩී බිඳී යනවා කියන්නේ පිවිතුරු බව පලා යැමක්‌.....

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය

කළි යුගයේ ඇත පහළ වෙලා

අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව

පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

ආදරයේ විෂම බව මේ පද පේළියෙන් රචකයා මනාව පෙන්නුම් කරනවා. මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ ෙච්තනා පාරිශුද්ධ නෑ. ඒ නිසා පෙම් සටනින් පරාජය වෙනවා. අද ආදරය කරන, යෞවන යෞවනියන්ගේ සිත් ගැනත් ගී පද රචකයා කියනවා. ඔවුන්ගේ සිත් සම්මතයෙන් බැහැරවෙලා. එනිසා ඒ සිත් වටහා ගන්න තරම් පවිත්‍ර ප්‍රේමයට ශක්‌තියක්‌ නැහැ. පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌. පවිත්‍ර ප්‍රේමය විශ්‍රාම ගිහිං....

විශේෂ තොරතුරු[]

  • මෙම ගීතය අශෝක කෝවිලගේ මහතාගේ පළමු ගීතයයි.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/243/senehasa-illa-liyathabara-laga-malani-bulathsinhala-sinhala-mp3.html Listen
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/malani-bulathsinhala-mp3-songs/senehasa-illa-liyathambara-mp3-song.php 3.20 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/malani-bulathsinhala/senehasa-illa-liyathambara/

වීඩියෝව නරඹන්න []

  • පැරණි සංගීතය සමග Youtube Video by Krishan Perera
Senehasa_illa_-_Malani_Bulathsinhala

Senehasa illa - Malani Bulathsinhala

Senehasa_illa_Lyrics_Malani_Bulthsinhala_(HD)_-Sinhala_Jukebox-

Senehasa illa Lyrics Malani Bulthsinhala (HD) -Sinhala Jukebox-

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1902

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1914

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement