Geeyakawathagotha Wiki
Register
Advertisement
සසර වසන තුරු
ගායනය W.D. අමරදේව
පද රචනය ඩෝල්ටන් අල්විස්
සංගීතය W.D. අමරදේව
ඇල්බමය වැලිතල අතරේ
එළිදැක්වීම 1972

අමරදේව ශූරීන් ගායනා කරන මේ ඉතා කෙටි පද පෙළ සිංහල ගීත රසිකයන් තුල දේශාභිමානී හැගීම් ගොන්නක් ඇති කිරීමට සමත් ගීතයක්.

ගී පද[]

සසර වසන තුරු

නිවන් දකින තුරු

පින් කෙත හෙළ රන් දෙරණේ

යළි උපදින්නට

හේතු වාසනා වේවා

හේතු වාසනා


රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි

තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි ...//


සසර වසන තුරු...

ඇරඹුම[]

  • ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචිත මේ ගීතයේ ඇරඹුම ඉතා අපූරු සිදුවීමක්. ඒ ගැන ඩෝල්ටන් අල්විස් මහතා මියගිය දින සුසාන භූමියේදී බෙදා හැරි පත්‍රිකාවක සඳහන් විය.

"මං ලියපු ගීත අතුරින් මම වඩාත්ම කැමති ගීතය ක්‌ෂණිකව ලියෑවුණු ගීතයක්‌... පිරිත් සඡ්ජායනාවක දෝංකාරයෙන් මතුවුණු ගීතයක්‌" යනුවෙන් ඩෝල්ටන් එම ගීය ලියෑවුණු සැටි විස්‌තර කරගෙන ගියා.

1972 වර්ෂයේ පසළොස්‌වක දවසක රාත්‍රියක්‌.... වෙලාව රෑ දොළහට පමණ ඇති. රේඩියෝ එකේ මහ පිරිත. මම මහ පිරිතට කන්දී ගෙන හුඟ වේලාවක්‌ හිටියා. නිදිත් මතයි. නැන්දට පිරිත් අහන්න එහෙමම රේඩියෝව දාල තියෙද්දීම මම නිදා ගත්තා. ටික වේලාවක්‌ ගියා. මට නින්දේදීම සිහිනයක්‌ පෙනෙනවා. සිහිනය මේකයි. මම සුදු ඇඳගෙන සුදු මල් වට්‌ටියක්‌ අතින් අරගෙන, පළමුවෙන් සිරිමා බෝධීන් වහන්සේ ළඟට ගිහින් වැන්දා. ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගියා. වැන්දා. පස්‌සෙ තිසා වැවෙන් නාල ආයිත් රුවල්වැලි සෑයට මල් වට්‌ටිය පූජා කළා. ඒ ඉවරවෙලා මම ගියේ සීගිරියට. සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තෙ සිංහාසනයක්‌ වගේ එකක්‌ තිබුණා. ඒකෙ ඉඳගෙන මම ගිමන් ඇරියා. එච්චරයි. මට එක පාරටම ඇහැරුනා.

සසර වසන තුරු - නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා"

කියන වචන මාලාවක්‌ එක්‌කම මහා නාදයක්‌ මගේ කණට ඇතුළු වුණා. මම එක පාරටම ඇඳෙන් බිමට බැස්‌සා. කාමරයේ ලයිට්‌ එක දැම්මා. පෑන ගත්තා. ඕක ලියාගෙන ලියාගෙන ගියා. එච්චරයි. එතකොට වේලාව පාන්දර හතරයි.

හැබැයි මේ ගීතය ලියලා ඉවර වුණ හැටියෙම මාව සසල වුණා. කොහොමද මං මේ ගීතය ලිව්වෙ කියල. මං මහ රෑ කරන මේ විප්ලවය මොකක්‌ද කියල දැන ගන්න ඊළඟට මගේ බිරිඳ දුවගෙන ආවා. එයාට මං ලියු ගීතය පෙන්නුවා. මේක දැකල එයා පුදුමයට පත්වුණා. ඊට පස්‌සෙ මං ඕක ගෙනැවිත් මේක පිරිතකින් පස්‌සෙ බිහිවුණ ගීතයක්‌ කියලා අපේ මහාම එක්‌කෙනාට අමරදේවට දුන්න නාද රචනාවක්‌ දාන්න. එයා ඒ පිරිත් නාද මාලාව අනුවම ඒකට නාද රචනාවක්‌ දාලා ගායනා කළා. ඕකයි "සසර වසන තුරු" ගීතයේ කතාව.[1]

විචාරයන්[]

  • මුළු සිංහල ජාතියේම වංශ කතාව ගත්තම ඒ මුළු මහා වංශයම මේ පද ස්‌වල්පයෙහි ඇතුල් කර තියෙනවා. අපේම සංස්‌කෘතිය බෞද්ධ හැදියාව, සිංහලයටම ආවේනික වූ අදීන කලා කුසලතා ගැන කියන්න මීට වඩා හොඳ වචන ටිකක්‌ ඇතැයි කියල මා කල්පනා කරන්නෙ නෑ.[2]

විශේෂ තොරතුරු[]

  • ගීතය පසු කාලීනව අමරදේවයන්ගේ "වැලි තල අතරේ" ඇල්බමයට ඇතුලත් කෙරිණි.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/193/sasara-wasana-thuru-w-d-amaradeva-sinhala-mp3.html 2.62 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/sasara-wasana-thuru-mp3-song.php 2.7 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/6386/sasara-wasana-thuru-w-d-amaradewa-mp3-song-download-online-listen තරමක් පැරණි පටිගත කිරීමක්
e-thaksalawa http://www.e-thaksalawa.moe.gov.lk/content/songs/songsgrade7&8/02-%20Sasara%20Wasana%20Thuru.mp3

වීඩියෝව නරඹන්න []

Sasara_Wasana_Thuru

Sasara Wasana Thuru

  • අමරදේව ශූරීන්ගේ "සසර වසන තුරු" ප්‍රසංගයකදී එතුමා විසින් කල ගායනයක්. (Youtube video by Lionskingdom)
Sasara_Wasana_Thuru_-_Pandith_Amaradeva

Sasara Wasana Thuru - Pandith Amaradeva

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Sasara-Wasana-Thuru-Niwan-Dakina-Thuru/

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=126

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement