Geeyakawathagotha Wiki
Register
Advertisement
ඔබේ දෙතොල් පෙති
ගායනය වික්ටර් රත්නායක
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය වික්ටර් රත්නායක

ගතින් වෙන් වුනත් සිතින් එක තැන සිටින පෙම් යුවලක් ගැන කියන මේ ගීතය හමුවීම වෙන්වීම හා ඒ ඇසුරින් ඇතිවන දුක ගැන කියන්නට උත්සහ දරනවා. මෙහි පද රචනය අසහාය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ.

ගී පද[]

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ

හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී

මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ

සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...


හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා

තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා

මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ...


නා ගසක් දළු දමා වසන්තය එලඹිලා

මඳ පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා

මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා

සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...


යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා

ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ

මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ...


අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා

හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා

මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ....

ඇරඹුම[]

පද රචනය

සංගීතය[]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1859/obe-dethol-pethi-sasara-sari-sarana-thek-oba-mage-victor-rathnayaka-sinhala-mp3.html 3.25MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/downloads/s12rmivgm6jos/Obe_Dethol_Pethi_(Sasara_Sari_Sarana_Thek_Oba_Mage).mp3

වීඩියෝව නරඹන්න []

Obe_Dethol_Pethi_-_Victor_Ratnayake

Obe Dethol Pethi - Victor Ratnayake

  • Derana Dell Studio හි නව සංගීතයකට ගායනා කළ ගීතය
Sasara_Sari_Sarana_Thek_-_Victor_Rathnayaka_@_Dell_Studio_Season_02_(_30-01-2015_)_Episode_01

Sasara Sari Sarana Thek - Victor Rathnayaka @ Dell Studio Season 02 ( 30-01-2015 ) Episode 01

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/2571/victor-rathnayaka-sasara-sari-sarana-thek-oba-mage-obe-dethol-pethi.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1511

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement