Geeyakawathagotha Wiki
Register
Advertisement
සඳකැන් වැසිලා
ගායනය වික්ටර් රත්නායක
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය වික්ටර් රත්නායක

1970 මැද භාගේයේ ගායනා කළ මේ ගීතය වික්ටර්, ප්‍රේමකීර්ති සුසංයෝගයේ තවත් ඇති විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි.

ගී පද[]

සඳකැන් වැසිලා අඳුරේ එතිලා

ගණඳුරු රෑ තනිකම නෑ

සොයා එන්න ගණඳුරු තරු නිවලා

මගේ එළිය අද ඔබ පමණී


ජිවිතම සතු එකම සුවේ

හී සර පහරක වෙලෙනු පෙනේ

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු

අසල් වාසියෙකු සොයනු දැනේ


සඳකැන් වැසිලා...


මා නැත අන්සතු සිත් බිඳලා

දෑතම බැඳගෙන ඉඳිමි බලා

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු

රහස් අහස් තලයට පවරා


සඳකැන් වැසිලා...

ඇරඹුම[]

පද රචනය[]

ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයාගේ අනර්ඝ පද රචනයක් වන මෙය පිළිබඳව නොයෙක් මැති මතාන්තර තිබේ. සමහරක් මෙය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් ලෙසත් හඳුන්වනවා. තවත් සමහරෙක් මෙය ප්‍රේමකීර්තිගේ මිතුරෙකුට සිදුවුණු දෙයක් ලෙසත් හඳුන්වනවා[1]. කෙසේ වුවත් ගීයෙන් කියවෙන පුද්ගලයාගේ බිරිඳ හෝ පෙම්වතිය තවත් කෙනෙකු වෙත යොමුවීම හා ඒ සමග බැඳෙන විරහව, වේදනාව ගීතයේ මනාව විස්තර කරනවා.

සංගීතය[]

ගීතයේ අරුත මනාව පිළිඹිඹු කරන පරිදි අලංකාර සංගීත නිර්මාණය කරන්නේ වික්ටර් රත්නායක මහතා විසින්.

  • සංගීත නිර්මාණය පිලිබඳ ඉතා හරවත් විචාරයක්

ගීතයේ සංගීත සංයෝජනය ගැන කියන්න දේවල් කීපයක්ම තියෙනවා .

මුලින්ම අපි බලමු තේමා වාදනය කොහොමද කියලා . තේමා වාදනය පටන් ගන්නේ වයලීන් වලින් වාදනය කරන ස්වර හතරකින් . ඒ ස්වර හතර අතරේ ගිටාර් වලින් කෝඩ් පන්ච් එකකුත් කරනවා . මේ ස්වර සංකලනය වෙලා තියෙන විදියට ඇතිවෙන්නේ ජීවිතය ගැන අවිනිශ්චිත හැගීමක් . ඊට පස්සේ බට නලාවකින් වාදනයක් ඉදිරිපත් වෙනවා . ඒ බටනලාව ඉහල ශ්‍රුතියක බටනලාවක් . ඒ කියන්නේ දිගින් අඩු කොට බට නලාවක් . මේ බටනලාවෙන් වෙනත් ගීතවල ඇති කරන්නේ ශ්‍රුන්ගාරාත්මක හැගීම් . ඒත් මේ වෙලාවේ එතන ඇති කරන්නේ විප්‍රලම්භ ශ්‍රුන්ගාරය කියලා කියන්න පුළුවන් . ඊට පස්සේ ආයෙත් වයලීන් වලින්

ටික්කිරි ටී..... ටික්කිරි ටී..... ටික්කිරි ටී..... ටික්කිරි ටී.....

කියලා ඉහල ස්වර ඉඳලා පහල ස්වර වලට වාදනය කරගෙන එනවා . අන්තිමටම තනි වයලීන් එකකින් එක වයලීන් පාට් එකක් වාදනය කරනවා . මේ වයලීන් වාදනය ගීතයේ මුලට එන නිසා මේ වයලීන් වාදනයෙන් ශෝක රසය උඩට අරගෙන ගීතය ආරම්භ කරන්න මුල පුරනවා . ඊට පස්සේ ගීතය ආරම්භ වෙන්නේ ටිකි ටිකි ටිකි ටින් කියලා වාදනය වෙන ගිටාර් සහ පියානෝ වාදනයකින් . ආ ! කියන්න අමතක උනා ගීතයේ තාල වාදනය කරන්නේ බොංගෝ ඩ්‍රම් එකකින් . ඒ වගේම හයිහැට් එකකින් ....... වැඩිදුර කියවන්න

විචාරයන්[]

මේ පුද්ගලයාගේත් ජීවිතයට තිබුණ ආලෝකය ගෙනල්ලා දුන්නේ තමන්ගේ බිරිඳ . මෙතන සඳෙන් දෙන ආලෝකය මම උපමා කරනවා බිරිඳගේ ආදරයට . අඳුර උපමා කරනවා බිරිඳගේ තහනම් ප්‍රේමයට .

එතකොට සඳකැන් වැසිලා අඳුරේ එතිලා කියලා කියන්නේ තමන්වෙත එන ආදරය දැන් නැවතිලා වැහිලා ගිහින් , තහනම් ප්‍රේමයකට බිරිඳ යොමුවෙලා නිසා . ඉතින් මේ පුද්ගලයාගේ ජීවිතයම දැන් පාළු අන්ධකාර රාත්‍රියක් වෙලා කියලා එයා හිතෙන් හිතාගෙන තවත් තනි වෙන්නම උත්සාහ කරනවා . ගණඳුරු රෑ තනිකම නෑ කියලා කියන්නේ තමන්ට තමන් ඉන්න නිසා වෙන කවුරුවත් ඕන නෑ මට මේ තනිකම හොඳයි කියලා හිතන නිසා වෙන්න ඕන . සොයා එන්න ගණඳුරු තරු නිවලා කියන පද පේලියටත් මම ටිකක් වැඩිපුර කැමතියි . මෙතන තරු වලට මම උපමා කරනවා බිරිඳ හැර තමන්ගේ ළඟින් ඉන්න අනිත් අය .

ඒ කියන්නේ හොඳම යාලුවෝ වගේ අය . මෙයාට කොච්චර දුකක් හිතිලා තියෙනවද කියනවනම් මෙයා හිතනවා පාළුව තනිකම සහිත ඝන අන්ධකාරය තමන්ගේ යාළුවනුත් තමා වෙතින් අයින් කරලා තමන් වෙතට එන්න කියලා . අවසාන වශයෙන් මගෙ එළිය අද ඔබ පමණි කියලා ගීතයේ ස්ථායි කොටස නවත්තනවා . මෙයා බිරිඳ එක්ක ජීවත් උනා මිස වෙනත් කාන්තාවන්ගේ පහස ලබන්න යොමු උනේ නෑ . ඒ නිසා මෙයාට බිරිඳගෙන් ලැබෙන ආලෝකයට ආසන්න වශයෙන් සමාන වෙන ආලෝකයක් වත් වෙන කෙනෙක්ගෙන් ලබාගන්න බැහැ . ඒ නිසා මෙයා කියනවා අද මගෙ ජීවිතයට ආලෝකය වෙන්නේ අන්ධකාරය තමයි කියලා .

සම්පූර්ණයෙන් කියවන්න

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/372/sada-kan-wetila-adure-ethila-victor-rathnayaka-sinhala-mp3.html 3.34 MB, Old original music
SoundCloud.com https://soundcloud.com/anjulasashika/sanda_kan_watila Old Original music

වීඩියෝව නරඹන්න []

  • Youtube Video by lankastuff (Original music. Very old recording. Sound quality - poor)
Sandakan

Sandakan

Sada_Kan_Wasila_Victor

Sada Kan Wasila Victor

  • මහේෂ් දෙනිපිටිය සංගීත නිර්මාණය කල Dell Studio ගායනය Youtube video by TV Derana 
Sandakan_Watila_-_Victor_Rathnayaka_@_Dell_Studio_Season_02_(_30-01-2015_)_Episode_01

Sandakan Watila - Victor Rathnayaka @ Dell Studio Season 02 ( 30-01-2015 ) Episode 01

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/685/victor-rathnayaka-sanda-kan-wasila-andure-ethila.html
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Sandakan-Wasila-Andure-Ethila/

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=623

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement