Geeyakawathagotha Wiki
Register
Advertisement
රූං පෙත්ත
ගායනය දයාරත්න රණතුංග
පද රචනය උදය චාමරසිංහ
සංගීතය දයාරත්න රණතුංග

ගී පද[]

රූං පෙත්ත කැරකෙනවා

කෝම්පිට්ටු ඉදිවෙනවා

අම්මි නුඹට සුරංගනා කතා කියනවා


පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා //

එදාවගේ නෑ..

මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ...


රූං පෙත්ත ...//


සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙවගේ //

හිනාවෙන්නෙ නෑ..

නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ..


රූං පෙත්ත ...//

ඇරඹුම[]

පද රචනය[]

පෙම්වතෙකු ලෙසින් ජීවිතය පටන්ගෙන පියෙකුවූ තැනෙත්තෙක් බිරිඳගෙන් තමාට හිමිවූ ආදරය පුතා ඉපදුණු පසු හීනවී ඇතැයි සිතනා අයුරැ[1] ඉතා අලංකාර ලෙස කැටිකොට මේ ගීතය රචනා කර තිබෙන්නේ උදය චාමරසිංහ[2] මහතා විසින්.

(ගීතය ගැන තොරතුරු "පැරණි සිංහල ගී රසික හවුල Sri Lankan music fan Page" පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සංගීතය[]

ගීතයේ සංගීත නිර්මාණය දයාරත්න රණතුංග ශූරීන්ගෙනි.

විචාරයන්[]

පළමු දරුවා ලැබෙන තෙක් තම ස්වාමියාට තිබුණු ආලය කෙමෙන් දරුවා කෙරේ යොමුවීම ඕනෑම මවකගේ ස්වභාවයයි. එම අවස්තාව සහ සැමියාට දැනෙන වෙනස අපූරු ලෙස ගීයකට එකතු කිරීමට රචකයා සමත් වන්නේ වෙනස් ආකාරයේ පද පෙළක් භාවිතා කරමින්. කුඩා දරුවා ක්‍රීඩා කරන ආකාරය පළමුවෙන්ද දෙවනුව ඡොදනා ස්වරූපයෙන් මවගේ වෙනස් වීමද අවසානයේ රසබර අතීතයද මතක් කිරීම සිදු කරයි.

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/dayarathna-ranathunga-mp3-songs/room-peththa-karakenawa-mp3-song.php 2.54MB New music, Noisy
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/dayarathna-ranathunga/room-peththa/ 3.38MB New Music, Good quality
www.geepada.com http://www.meemessa.co.uk/MP3/playerMultipleMenuPackage/Dayarathna_Ranathunga/Roon%20Peththa%20Kerakenawa.mp3 Good Quality, Original Music, 2.38 MB

වීඩියෝව නරඹන්න []

Roon_Peththa_Kerakenawa_~_Dayarathna_Ranathunga

Roon Peththa Kerakenawa ~ Dayarathna Ranathunga

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
www.geepada.com http://www.geepada.com/view.php?id=5193

Song Chords[]

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement