රෑ සිහිනේ | |
---|---|
ගායනය | නාමල් උඩුගම |
පද රචනය | නාමල් උඩුගම |
සංගීතය | නාමල් උඩුගම |
නාමල් උඩුගම මහතා ගායනා කරන මේ ගීතය ඔහු විසින්ම පද රචනා කර ගායනා කරන ලද්දක්.
ගී පද[]
රෑ සිහිනේ...
ඔබ ළග මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ලග සිත ලතවෙනවා
මේ බැදුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප හමුවන්නේ
රෑ සිහිනේ...
ඈ සනසමින්
ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ
සෙනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද
මා ගැන නොසිතන්නේ
රෑ සිහිනේ...
ඇරඹුම[]
පද රචනය[]
ඒ කාලයේ ඔහු ගීත ගායනා නොකලත් ගායකයකු වීමට සිහින මවමින් සිට ඇත. ඔහු නුවර ප්‍රදශයේ සිට කොළඹ අවුත් නතර වෙලා ඉඳල තියෙන්නේ ඔහුගේ නැන්දලගේ නිවසේ. ඒ කාලයේ සිටි ඔහුගේ මිතුරෙකුගේ ප්‍රේම පලහිලව්වක් ගැන ගීතයේ සඳහන්.
ඒ කාලයේ මිතුරාගේ සිත ලොකු පවුලක ගැහැණු ළමයකු කෙරේ බැඳී තිබුණ. නමුත් ඒ ගැහැණු ළමය ඒක දැනගෙන හිටියේ නැහැ. ඔහු සැම විටම ඇයගේ සිත දින ගැනීමට උත්සහ කළා. නමුත් ඇය ඔහුව ගණන් ගත්තේ නැහැ. කොච්චර ආදරය කලත් එය යථාර්තයක් බවට පත් කරගත නොහැකි වීම නිසා නාමල්ගේ මිතුරා ඉතා අසරණ වෙලා සිටියාලු. මේ සිදුවීම මුල් කරගෙන නාමල් ඔහුගේ දෙවන ගීත රචනාව ලිව්වා. පසු කලෙක ශිහාන් මිහිරංග විසින් මෙම ගීතය නව සංගීතය මුසු කර ගයනා කරනු ලැබුවා.[1]
විශේෂ තොරතුරු[]
- මෙය නාමල් උඩුගම රචනා කළ දෙවැනි ගීතය.
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
නාමල් උඩුගම ගායනය
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1695/ra-sihine-oba-laga-ma-sanasenawa-namal-udugama-sinhala-mp3.html | 3.06 MB |
ශිහාන් මිහිරංග ගායනය
වීඩියෝව නරඹන්න []
නාමල් උඩුගම ගායනය
- Youtube Video By manjulghm
- ඉතා පැරණි පටිගත කිරීමක් Youtube Video By Rukshan Kariyawasam
ශිහාන් මිහිරංග ගායනය
- Youtube Video By malithsanjaya
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1487 |
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | http://www.chords-lanka.com/song_view.php?song_id=597 |