Geeyakawathagotha Wiki
Register
Advertisement
ඈත රන් විමන්
ගායනය ප්‍රියා සූරියසේන
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

ගී පද[]

ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී

මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා ...


මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්

මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිළෙනවා

රෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටී

අද රෑට අද රෑට අද රෑට දිළෙනවා ...


ගීත රාවයෙන් සැළී දෑත ආදරෙන් වෙළී

ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා

රෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටී

අද රෑට අද රෑට අද රෑට දිළෙනවා ...

විශේෂ තොරතුරු[]

  • මෙම ගීතය පිලිබඳ විවිධ අවස්ථා වල විවිධ පද රචකයන්ගේ නම් යොදාගෙන තිබෙනවා. ඒ අතර මෙය ෂෙල්ටන් වීරරත්න, ක්ලැරන්ස් විජේවර්ධන යන අය විසින් රචිත බව සඳහන්. නමුත් වරෙක ප්‍රියා සූරියසේන මහතා පවසා ඇති පරිදි මෙය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කර ඇත.[1]
  • "ප්‍රේමකීර්ති ද අල්විස් ගෙ පදරචනයකට ක්ලැරන්ස් විජේවර්දන මුලින්ම මේ තනු නිර්මානය කරලා තියෙන්නෙ [[::Category:මිල්ටන් මල්ලවාරච්චිට (Milton Mallawarachchi)|මිල්ටන් මල්ලවාරච්චිට]]. නමුත් ගීතයට වඩාත් උචිත ප්‍රියා සූරියසේනෙගේ හඩ බව වටහාගත් ක්ලැරන්ස් ගීතය ඔහුට ගායනා කරන්න දී තිබෙනවා."[2]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න[]

Priya_Suriyasena_Sooriyasena_--_Etha_Ran_Viman_Original_Song

Priya Suriyasena Sooriyasena -- Etha Ran Viman Original Song

Guitar Chords[]

මූලාශ්‍ර[]

Advertisement