Geeyakawathagotha Wiki
Register
Advertisement
මේ මැයි ගහ යට
ගායනය මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය අජන්තා රණසිංහ
සංගීතය මිල්රෝයි ධර්මරත්න
පසු ගායනය රනිල් මල්ලවාරච්චි

මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන මේ විරහ ගීතය රචනා කළේ අජන්තා රණසිංහයන්ගේ පෞද්ගලික අත්දැකීමකින්.

ගී පද[]

මේ මැයි ගහ යට දවසක් දා

වැස්සට අපි උන්නා...

රත් කැට වාගේ මැයි මල් පිපී පීපී

අපට සෙවන දුන්නා...//


මැයි මාසේ එක සැන්දෑ වරුවක

සීතල වැහි පොද වැටෙන වෙලේ

ආදර වියෝවක් සිතින් එබෙන සඳ

වැහි පොද සේ නෙතු කඳුළු සැලේ


මේ මැයි ගහ...


වැහි පොද වැටුනත් ඉස්සර වාගේ

මැයි මල් පිපුනත් රතට රතේ

අප දෙදෙනෙක් නැත අද මා පමනයි

මැයි ගස් සෙවණේ අදුරු පෙතේ


මේ මැයි ගහ...

ඇරඹුම[]

පද රචනය[]

මෙහි එන මැයි ගහ බේස්ලයින් පාරේ මවුන්ට්මේරි තියෙන ප්‍රදේශයේ තිබුණු ගසක්. ඒ ප්‍රදේශයේ මැයි ගස් බොහොමයක් තිබිල තියෙනවා. ඒ ප්‍රදේශයේදී අජන්තා රණසිංහයන් ලද අත්දැකීම ගීතයට පෙරළුණා.

"අපි හමුවුණේ ඒ හරියෙදි. මල් පිපෙන කාලෙට ගහ පිරෙන්න මල් පිපෙනවා. ඇය මගෙන් වෙන්වෙලා අවුරුදු දහයකට විතර පස්සේ මම මේ පාරෙන් මගේ කාර් එකේ ගමට ගියා.

මට මැයි ගහ දැක්කම අතීතය මතක් වුණා. මම කාර් එකෙන් බැහැලා ඒ ගහ යටට ගියා.

එදත් මැයි මල් වැටිලා තිබුණා. හීන් පොද වැස්සක් වැටුණා. මට අදටත් තේරෙන්නේ නැහැ මං ඇයි එදා ඒ ගහ යට නතර වුණේ කියලා. වැස්ස තුරල් වුණා.

මට අතීතය මතක් වුණා. මම ඒ කාලේ ගී ලියන්නේ නැහැ. මේ අත්දැකීම මගේ හිත අස්සේ තිබුණා. එය තමයි පසුකලෙක ගීයක් ලෙස ලියැවුණේ."[1]

කවුරුත් ප්‍රිය කරන මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගායනයෙන් හා මිල්රෝයි ධර්මරත්නයන්ගේ සංගීතයෙන් ඔපවත් වෙලා එදා මෙදා තුර අමරණීය ගීතයක් විදිහට ලාංකීය ජනතාවගේ හදවත් වලට මෙය සමීප වී තිබෙනවා.

විචාරයන්[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/ranil-mallawarachchi-mp3-songs/me-mai-gaha-yata-mp3-song.php 128 kbps, 44,100 Hz

වීඩියෝව නරඹන්න 

  • පැරණි පටිගත කිරීමක Youtube වීඩියෝව by pathm11
Me_Mai_Gaha_Yata

Me Mai Gaha Yata

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1088/milton-mallawaarachchi-mey-mai-gaha-yata-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1661
Guitar.lk http://guitar.lk/tag/me-mai-gaha-yata-guitar-chords/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement