පනම් අටෙන් | |
---|---|
ගායනය | නෙවිල් ප්‍රනාන්දු |
පද රචනය | නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි)
,කරුණාරත්න අබේසේකර (සිංහල) |
සංගීතය | නිමල් මෙන්ඩිස් |
පසු ගායනය | එරල් ප්‍රනාන්දු, BnS |
එළිදැක්වීම | 1975 |
චිත්‍රපටය | කළු දිය දහර |
ලේබලය | Lotus |
කළු දියදහර චිත්‍රපටයේ එන මේ ගීතය අයිතිය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර තිබෙන ගීතයක්.
ගී පද[]
පණම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ
මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටී
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ
ඇරඹුම[]
පද රචනය[]
මෙම ගීතය කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනයක් ලෙස ප්‍රසිද්ධ උනත් එය නිමල් මෙන්ඩිස් නම් ඉංග්‍රීසි ගීත රචකයාගේ ගීත රචනාවක පරිවර්තනයක්. ගීතය රචනා කරලා තියෙන්නේ 1975 වසරේ තිරගත වූ මණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ 'කළු දිය දහර' චිත්‍රපටයට. රවින්ද්‍ර රන්දෙනිය රඟන මෙම චිත්‍රපටයේ කතාව පසුබිම් කරගෙන ගීතය ලියා තිබෙනවා. ගීතයෙන් කම්කරු ජනතාවගේ සමාජ සාධාරණත්වය, ගෞරවය ගැන කියවෙනවා. ගීතය මුලින්ම රචනා කර තිබෙන්නේ ඉංග්‍රීසි බසින්. ගීතය රචනා කිරීම සඳහා නිමල් මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික අත්දැකීම් භාවිතා කර තිබෙනවා.
ගීතය ගැන නිමල් මෙන්ඩිස් මහතාගේ වචනයෙන්;
"මේ ගීතය මං ලියුවේ මගේ ජීවන අත්දැකීමක් ඇසුරින්. මං ලියූ හැම ගීතයක් ම එහෙමයි. ඒ නිසා ‘මාස්ටර් සර්’ ගැන ඒ කතාව මට කෙටියෙන් කියන්නම ඕනෙ. බොහොම තරුණ කාලේ මං එංගලන්තෙ ජීවත් වුණේ සමාජ ශාලාවක පියානෝ ගහලා. හැමදාම මං ගෙදර ආවේ අන්තිම බස් එකේ. එක දවසක් මට බස් එක මිස් වුණා. මං පයින් ඇවිදින්න ගත්තා. හුඟක් දුර ඇවිදගෙන එද්දි එක පාරටම වෑන් එකක් නවත්තලා හතරපස් දෙනෙක් මගේ හමේ පාට කිය කියා ගහන්න ගත්තා. තුවක්කුවක් අරන් වෙඩි තියද්දි මං දුවලා පණ බේරා ගත්තා. මට උදව් කළේ අයිරිෂ් ජාතිකයෙක්. එංගලන්තය මට එපා වුණා. ඒත් මට හුඟක් හිටියෙ සුදු ජාතික යාළුවෝ. පස්සෙ මමම හිත හදාගෙන, බය නැතිවෙනකල් හැමදාම රෑට පයින් ගෙදර ගියා.
ඒත් ටික දවසකින් මං එංගලන්තෙ අතෑරලා ඇවිත් නෝටන්බ්රිජ්වලින් අක්කර 10 ක් අරගෙන වගා කරන්න ගත්තා. ඒ දෙමළ මිනිස්සු මට කතා කළේ ‘මාස්ටර්’ කියලා. දෙමළ අය තමන්ගෙ ස්වාමියාට කතා කරන්නෙ එහෙමයි. සිංහල මිනිස්සු කිව්වෙ ‘සර්’ කියලා. මට තේරුණා, එංගලන්තෙ වුණත් මෙහෙ වුණත් තියෙන වර්ග - වර්ණ භේදය ගැන.
මනික් සන්ද්‍රසාගර මගේ යාළුවෙක්. එයා මට කිව්වා ඔය වගා කර කර ඉන්නෙ නැතිව ඇවිත් එයා එක්ක වැඩ කරන්න කියලා. ඊට පස්සෙ එයාගෙ උවමනාවට තමයි මං එයා කරපු ‘කළු දිය දහර’ චිත්‍රපටයට ‘මාස්ටර් සර්’ ගීතය ලියුවෙ.
මං ඉංගී්රසියෙන් ලියපු ගීතය, බොහොම සාර්ථකව කරුණාරත්න අබේසේකර එයාගේ සිංහල වචන දමලා පරිවර්තනය කළා."
- සිළුමිණ 2012/12/23[1]
සංගීතය[]
නිමල් මෙන්ඩිස් මහතා විසින් කළු දියදහර චිත්‍රපටයේ එන ගීතය සඳහා පළමු සංගීත නිර්මාණය කර තිබේ.[2]
ගායනය[]
නෙවිල් ප්‍රනාන්දු මහතා මෙම ගීතය පළමු වතාවට චිත්‍රපටය සඳහා ගායනා කරන ලදී. එය පසුව Lotus ලේබලය යටතේ Lotus Entertainment Company Limited මගින් නිකුත් කරන ලදී. එම ගායනයට නෙවිල් ප්‍රනාන්දු මහතා පමණක් සහභාගී වී ඇත.
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
- ගීතය ගායනයට අධ්යක්ෂ වරයා විසින් තෝරාගෙන තිබුනේ නෙවිල් ප්‍රනාන්දු මහතා. නමුත් නිමල් මෙන්ඩිස් මහතාගේ ඉල්ලීමක් පරිදි 16 වියැති නීලා වික්‍රමසිංහ ගායනය සඳහා එක් වෙනවා. ඔවුන් විසින් කරන ලද මුල් ගායනාවේ නෙවිල් ප්‍රනාන්දුගේ හඬ ඉස්මතු වී තිබුණා. විවිධ මුලාශ්‍ර වල සඳහන් පරිදි චිත්‍රපටයේ තැන් දෙකකදී ගීතය වරක් නෙවිල් ප්‍රනාන්දු විසින් සහ තවත් වරෙක නීලා වික්‍රමසිංහ විසින් දෙවිදිහකට ගායනා කරනවා. නෙවිල් ප්‍රනාන්දුගේ අභාවයෙන් පසුව නීලා වික්‍රමසිංහ විසින් ගයන ගීතය වඩාත් ජනප්‍රිය වුණා.
- නෙවිල් ප්‍රනාන්දුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදරයකු වන එරල් ප්‍රනාන්දු මහතා විසින් එම ගීතය ගායනා කරනු ලැබුවා.
- ගීතයේ ඉංග්‍රීසි රචනාව සැන්ඩ්‍ර එදිමා (Sandra Edema) සහ නිමල් මෙන්ඩිස් විසින් ගායනා කරනවා.
- මෑත කාලයේදී භාතිය සහ සන්තුෂ් විසින්ද වෙනස් ආරක ගායනාවක් ඉදිරිපත් කර තිබුණා.
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
- නෙවිල් ප්‍රනාන්දු විසින් කළ ගායනය (Original Song by Neville Fernando)
Site | Link | Info. |
---|---|---|
SoundCloud.com | https://soundcloud.com/resha-shamil/master-sir-1 | |
Infolanka.com | http://www.infolanka.com/miyuru_gee/kk/k449.ram | .ram file |
- එරල් ප්‍රනාන්දු විසින් කළ ගායනය
Site | Link | Info. |
---|---|---|
Topsinhalamp3.com | http://www.topsinhalamp3.com/songs/eral-fernando-mp3-songs/panam-aten-(master-sir)-mp3-song.php | 2.77 MB |
- නීලා වික්‍රමසිංහ විසින් කරන ලද ගායනය
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://m.ananmanan.lk/song/3340/master-sir-neela-wickramasinghe-sinhala-mp3.html | 128kbps - 3.31 MB, 56kbps - 1.49 MB |
- භාතිය සහ සන්තුෂ් (BnS) විසින් කරන ලද ගායනය (Master Sir Remake by BnS)
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://m.ananmanan.lk/song/521/master-sir-bathiya-santhush-bns-sinhala-mp3.html | 128kbps - 9.05 MB |
වීඩියෝව නරඹන්න []
- නෙවිල් ප්‍රනාන්දු විසින් කළ ගායනය Youtube Video by goonewj
- නීලා වික්‍රමසිංහ විසින් කරන ළද ගායනය (1983). Youtube Video By sg perera
- භාතිය හා සන්තුෂ් විසින් කරන ලද ගායනය (Remake by BnS) Youtube Video By Malik Jayasuriya
- නිමල් මෙන්ඩිස් සමග Sandra Edema කල ඉංග්‍රීසි ගායනය Youtube Video by goonewj
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Site | Link | Info. |
---|---|---|
Geepada.com | http://www.geepada.com/view.php?id=1552 |
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | https://www.chords-lk.com/song/master-sir/ | |
Guitar.lk | http://guitar.lk/master-sir-guitar-lesson/ |
වැඩිදුර කියවන්න[]
- http://www.silumina.lk/2012/12/23/_art.asp?fn=av12122310
- http://www.divaina.com/2012/03/02/cineart01.html
- http://geeyakawathagotha.blogspot.com/2013/09/panam-aten-master-sir.html