Geeyakawathagotha Wiki
Register
Advertisement


කවුරුවත් නෑ
ගායනය අමරසිරි පීරිස්
පද රචනය හේමසිරි ගුණතුංග
සංගීතය ප්‍රේමසිරි කේමදාස
ඇල්බමය සොහොයුරාණෙනි

ප්‍රේමසිරි කේමදාස මහතාගේ ඉල්ලීමකට හේමසිරි ගුණතුංග මහතා රචනා කල මේ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහතා.

ගී පද[]

කවුරුවත් නෑ... කවුරුවත් නෑ

එගොඩට යන්නට එගොඩට යන්නට

ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ

අඳුර ගලනවා පාරුව ඇතුළට

ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වේ

කවුරුත් නෑ අද එගොඩට යන්නට


දවසින් දවසට පාළම හැදුනා

පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා

කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්

ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නෑ...


දෑතේ අතැඟිලි හබලට ගෙවුනා

ගෙනියන්නට බැරි බර පොදි තිබුණා

මෙතුවක්‌ නොමගිය බර අද දවසේ

මට හිනැහීගෙන යනවා වාගෙයි

කවුරුවත් නෑ...

ඇරඹුම[]

1980 දශකය අගභාගයේ තමයි ගීතය රචනා කරලා තියෙන්නෙ. කේමදාස මහතාට වුවමනා වෙලා තියෙනවා විරෝධාකල්ප ගීත එකතුවක්‌ කරන්න. පවතින විවෘත ආර්ථිකය නිසා ගමට සිදුවුණු වෙනස්කම් සහ විනාශය ගැන ගීතයේ ලියල තියෙනවා. ගීතය ඒ සියල්ල ඉදිරිපත් කරන්නෙ පාලමක් සැදීමත් සමග පාරු පදින්නෙකුට අත්වන ඉරණම ගැන කියමින්. නමුත් ගීතයේ අරුත ඉතා ගැඹුරුයි.ගීතය විවෘත ආර්ථිකයෙන් රටට ඇතිවන අයහපත් බලපෑම ගැන කියන්නට උත්සහ කරනවා. හේමසිරි මහතා මේ ගීතය සමග තවත් ගීත තුනක් කේමදාස මාස්ටර්ට ලියල දෙනවා. ඔහු ඒවාට සංගීතය සපයා "සොහොයුරාණෙනි" නමින් කැසට් පටයක් නිර්මාණය කරනවා. එය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපන් දිනයේදී එළිදක්වනවා.

විචාරයන්[]

ගඟෙන්.... නැතිනම් වැවෙන් වෙන්වන්නේ ගම්මාන දෙකක්‌.... මේ ගම්මාන දෙක යාකරන ප්‍රධාන පුද්ගලයෙක්‌ එදා හිටියා.... හේ තොටියා.... ඔරුවක්‌ පාරුවක්‌ පදවමින් ඒ ගමෙන් මේ ගමටත්, මේ ගමෙන් ඒ ගමටත් ගැමියන් එතෙර මෙතෙර වුණේ. තොටියාගේ ශක්‌තිමත් දෑත් දෙකට පිං සිද්ධ වෙන්න.

කවුරුවත් නෑ.... කවුරුවත් නෑ....

එගොඩට යන්නට එගොඩට යන්නට

ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ

අඳුර ගලනවා පාරුව ඇතුළට

ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණාවේ

කවුරුත් නෑ අද එගොඩට යන්නට


මේ අපේ රට විවෘත ආර්ථිකය විසින් ඩැහැගත් පසුව තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.. ඔහු බලාන ඉන්නවා එගොඩට යන්නට කිසිවකු එනකල්... ඉරගලත් වැටිලා... පාරුව ඇතුලට අන්ධකාරය වැටෙනතුරු ඔහු බලා සිටියා. වෙනදාට නම් මේ වෙලාවට ඔහු ලන්තෑරුම දල්වනවා... ඒ පාරුවට එළිය එන්න..... ඔහු ලන්තෑරුම සෙව්වා.... ඒ සමඟම "නෑ.... ඕනේ නැහැ... ඒක ඔහේ තිබුණා වේ...." එගොඩට යන්න කවුරුවත් නැති එකේ මොකටද ලන්තෑරුම පත්තුකරලා... තොටියා වේදනාවෙන් වැළපෙනවා...

දවසින් දවසට පාළම හැදුනා

පාළම් මෝලේ හෙන හඬ ඇසුණා


කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්

ගම හැරදා යන්න ගිහින්....

තොටියා වැළපෙන්නේ පාරුවට සෙනඟ නොඑන නිසා... ගම්මු පාරුවෙන් එගොඩ නොවන්නේ ඇයි... ගමට පාළමක්‌ ඇවිත්.... ඒ නිසා.... විවෘත ආර්ථිකය ගමටත් ඇවිත්..... අලුත් පාලමෙන් සංකේතවත් කරන්නේ ගමටත් විවෘත ආර්ථිකය ඇවිත් කියලා.

තොටියා පාරුවේ තනිවෙලා.... දැන් ඉතිං මගේ සේවය ඕනෑ වෙන්නේ නැහැ... කඩිමුඩියේ පාළම හැදෙනවා... පාළම හැදෙද්දි ගමේ තිබුණු නිසංසල බව... පලා ගිහිං..... ගල් කඩනවා. යකඩ තලනවා... හරියට හෙණ ගහනවා වගේ.... මේ සද්දෙට කැලෑවේ හිටපු කුරුල්ලන්... කොබෙයියන්.... සිවුපාවුන්... පලා ගිහිං.... දැන් කෝ ගමේ සුන්දරත්වය... විවෘත ආර්ථිකය ඒ සුන්දරත්වය ගිලගෙන...

විවෘත ආර්ථිකයේ හොඳ සේම නරකත් තියෙනවා.... ගමකට පාළමක්‌ එන එක හොඳයි.. ඒත් හේමසිරි මේ ගීයෙන් කියන්නේ පාළම නමැති විවෘත ආර්ථිකය නිසා ගමට නොහොබිනා දේත් එන්න පටන් ගත් බවයි.

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...

ගෙනියන්නට බැරි බර පොදි තිබුණා

මෙතුවක්‌ නොමගිය බර අද දවසේ

මට හිනැහී ගෙන යනවා වාගෙයි....


මගේ දෑතේ ඇඟිලි හබලටම දියවුණා... එදා මගේ පාරුවෙන් ගෙනියන්නට බැරි බරත් තිබුණා... සමහර විට මේ තොටියා පාරුව පැදවූයේ ගමත් නගරයතA නගරයත් ගමත් යා කරමින්.. වෙන්න ඇති... නගරයේ සිට අනවශ්‍ය දෑ තොටියා ලවා ගමට ගෙන එන්න සමහරු දැරූ උත්සාහය ඔහු ප්‍රතික්‍ෂේප කරන්නත් ඇති...." ගෙනියන්නට බැරි බර පොදි තිබුණා" කියා ඔහු කියන්නේ ඒ නිසයි. ඒත් පාළම හැදුනට පස්‌සේ....

"මෙතෙක්‌ කලක්‌ ගමට නොආ බර අද ගමට එනවා.... ඒ එන්නේ එදා එය ප්‍රතික්‍ෂේප කළ තොටියාටත් සරදම් හිනාවක්‌ නගමින්...." මෙතුවක්‌ නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි..."

[1]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1519/kawuruwath-na-kawuruwath-na-amarasiri-peiris-sinhala-mp3.html 5.14 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/amarasiri-peiris/kauruwath-naha/

වීඩියෝව නරඹන්න []

Kauruwath_naha_Amarasiri_Peris

Kauruwath naha Amarasiri Peris

  • ගීතය ගැන විස්තරයක් සමග ගිටාර් වාදනයෙන් ඔපවත් වූ ගීතය.
Kauruwath_naha.mp4

Kauruwath naha.mp4

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1955/amarasiri-peiris-kawruwath-na-kawruwath-na-lyrics.html

Song Chords[]

Sinhala Song Book http://www.sinhalasongbook.com/kawuruwath-nehe/
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1824

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement