Geeyakawathagotha Wiki
Register
Advertisement
ඇසට අසුවන මායිමේ
ගායනය කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය මහින්ද දිසානායක
සංගීතය ගුණදාස කපුගේ

ගී පද[]

ඇසට අසුවන මායිමේ

බඹර සැණකෙළි මල් විලේ

ළසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත

ඔබ මගෙන් වෙන් වූ දිනේ


සියපතක් මත විසුල පිණි කැට

සැඩ සුළං වැද සර සරින් හෙත

මගෙන් රිදවුම් දෙවුණු මොහොතක

ඔබේ වත මට නැඟෙයි සිහියට


ඇසට අසුවන මායිමේ ....


සතර අත පෙති විහිද විකසිත

මලේ මල් මී මමණයුරු දැක

ඔබේ ලවනත සැදුණ මීවිත

මත් කළා මතකයි මගේ සිත


ඇසට අසුවන මායිමේ ....

ඇරඹුම[]

පද රචනය[]

මෙම ගීතයේ රචකයා වන මහින්ද දිසානායක මහතා මෙම ගීය රචනා කර ඇත්තේ ගුරුළුගෝමින් විසින් ලියවුණු ධර්මප්‍රදීපිකාවෙහි ඇතුලත් වන 'සුළු කළිඟුදාවත' කතාවේ ඇති සුළු කළිඟු කුමරු හා සාගල නුවර මදු රජුගේ දියණිය අතර ඇතිවන ප්‍රේමය අලලායි. [1]

සංගීතය[]

ගුණදාස කපුගේ

විචාරයන්[]

පෙම්වතිය හා වෙන් වීමෙන් පසු පෙම්වතාගේ සිතේ පහළවෙන විරහබර සිතුවිළි හා චිත්ත රුප අතිශය මනහර ලෙස මෙම ගීතයෙන් විදහා දැක්වේ.


ඇසට අසුවන මායිමේ

බඹර සැණකෙළි මල් විලේ

ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත

ඔබ මගෙන් වෙන් වූ දිනේ


ඇසට පෙනෙන මුලු ඉසව්වටම මෙම කුමරුට පෙන්නේ බඹරුන් සැණකෙළි පවත්වනවා වගේ සතුටෙන් මල් යායක මල් පහස විදිමින් පැණි උරා බොමින් සරණ ආකාරය. මෙම කුමරුට මතක් වෙනවා කුමරිය තමන්ගෙන් වෙන් වූ දිනේ තමන්ගේ සිතේ ඇවිලි ලැව් ගින්නක් සේ මුලු සිතම වෙලා ගත් දුක් ගින්න.


සියපතක් මත විසුල පිණි කැට

සැඩ සුළං වැද සර සරින් හෙත

මගෙන් රිදවුනු දෙවුණු මොහොතක

ඔබේ වත මට නැගෙයි සිහියට


නෙලුම් මලක පෙති අතර රැදී තියෙන පිනි බිඳු දැඩි සුළඟකට අසුවී එකින් එක හෙමින් සැරේ වැටෙනවා දකිනකොට කුමරාට සිතේ මැවී පේන්නේ තමන්ගේ අතින් කුමරියගේ සිත රිදවුනු වෙලාවක ඇයගේ මුහුණ දිගේ කදුළු බිඳු එකිනෙක කඩා හැලුණු ආකාරය.


සතර අත පෙති විහිද විකසිත

මලේ මල් මී මමණයුරු දැක

ඔබේ ලවනත සැදුන මීවිත

මත් කලා මතකයි මගේ සිත


හතර අතට පෙති විහිදා පොබයන මලක පැණි වැගිරෙන අකාරය දැක කුමරාට මතක් වන්නේ කුමරියගේ දෙතොල උරාබී සිත මනමත් වූ ආකාරය.

විශේෂ තොරතුරු[]

  • ධර්මප්‍රදීපිකාව යන්නේ අර්ථය ධර්මය දැක්මට එළිය දෙන පහන වේ. [1]
  • ප්‍රචලිත අමාවතුර ග්‍රන්ථය රචනා කලේද ගුරුළුගෝමින්ය. [2]
  • මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර පසුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් ලෙසද සේවය කර ඇත. [3]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://topbadu.net/sinhala_mp3/Karunarathna_Diwulgane_Asata_Asuwana.mp3 3.55 MB (Good Quality, 128kbps, Stereo)
SoundCloud.com https://soundcloud.com/nirodha-senavirathna/esata-asuwana-maime by nirodha-senavirathna

වීඩියෝව නරඹන්න []

Karunarathne_divulgane

Karunarathne divulgane

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Sinhalageethaekathuwa http://sinhalageethaekathuwa.blogspot.com/2013/01/esata-asuwana-maime.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chordslankalk.com/song_view.php?song_id=1530

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement