Geeyakawathagotha Wiki
Register
Advertisement
ශාන්තිනි තෙමා වැටෙයි
ගායනය කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය ගුණදාස කපුගේ

ගී පද[]

ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්

කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්

පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්

ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //


කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්

උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්

බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්

බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්


ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...


සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න

මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න

තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න

මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න


ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්... //

ඇරඹුම[]

පද රචනය[]

මෙම ගීතයට පාදක වී ඇත්තේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ මිතුරෙකුගේ අත්දැකීමක්. ඔහු පවසන පරිදි මෙය ඔහුගේ උසස් පෙළ සදහා අධ්‍යාපනය ලබන අවධියේ සිදු වූ සිදුවීමක්. ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටින අවධියේ විභාගයේ ප්‍රධාන විෂයන් අවසන් වූ පසු ඉතිරිව තිබු ඉංග්‍රීසි විෂය සදහා දවස් හතක කාලයක් ඉතිරි වී තිබුණා. මෙම කාලයේ විශේෂයෙන් කල යුතු වැඩක් නොතිබූ බැවින් ඔහුගේ මිතුරන් විසින් විවිධ කටයුතු වල යෙදීමට සැලසුම් කර ඇත. මින් එක මිතුරෙක් තමන්ගේ ඤාතියකුගේ නිවසේ මෙම නිවාඩුව ගත කිරීමට තීරණය කර ඇත. මෙම ඤාතිවරයා ඉද ඇත්තේ නුවර එළියේ, ඉතින් මෙම මිතුරා නිවාඩුව ගත කිරීමට නුවර එලියට පිටත් වුණා.  

මෙම මිතුරා නැවතී ඉද තිබුණේ බොහොම සුන්දර පරිසරයක. එබැවින් ඔහු සැමදාම උදේට අවට මංමාවත් වල තේ වතු මැදින් වැටුණ අඩි පාරවල් වල ඇවිද යන්න පුරුදු වී ඇත. මෙසේ අව්දිමින් සිටියදී එක දවසක් ඉතා සුන්දර යුවතියක් මුහුණට මුහුණ මුණ ගැසෙනවා. හැද පැළදුම් අනුව දමිළ ලඳක්. ඔවුන්ගේ පළමු නෙත් හුමුවිමෙන්ම ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි බැඳී යනවා. මෙසේ ස්වල්ප වෙලාවක් එකිනෙකා කෙරෙහි බලාහිදිමෙන් පසු ඔහු ඇයව සිංහල භාෂාවෙන් අමතනවා, එහෙත් ඇයට සිංහල වැටහෙන්නේ නැහැ. ඔහුට දමිළ භාෂාව වැටහෙන්නෙත් නැහැ. 

මෙලෙස මේ දෙදෙනාගේ හමුවීම ඔවුන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත්වෙනවා. හමුවෙලා කතාකරන්න නොහැකි වුනත් සිනහවෙන් නෙත් වලින් හැකි තරම් අදහස් හුවමාරු කරගන්නවා. ඔවුන්ගේ බැදීමට තිබු බාධක කෙතරම් විශාලද යත් ඔවුනොවුන් එකිනෙකාගේ නම් වත් දැනගන්න ලැබී නැත. මේ අයුරෙන් සතියකට ආසන්න කාලය ගෙවී අවසන් වෙනවා.

ඔහුගේ වෙන්වී යාමට ඔහුගේ ඤාතියාගේ ගෙදර පොඩි සාදයක් පැවැත්වෙනවා. මේ සදහා ඤාතියා අහල පහල හිතවතුන් කිහිපදෙනේකුටත් ආරාධනා කරනවා. රැ හතට පමණ සාදය ආරම්භ වන අතර ඔහු පුදුමයට පත් කරමින් ඔහුගේ සිත් ඇදගත් එම යුවතියත් මෙම සාදයට පැමිණෙනවා. පියකරු ලෙස හැද පැළද මාල වළලු වලින් සැරසී ඇය සිය පියා සමඟ පැමිණ සිටිනවා. ඔහු නොදැන සිටියට මෙම යුවතියගේ පියා හා ඔහුගේ ඤාතියා සමීප මිතුරන්. මෙම පවුල් දෙක අතර ජාතින් ඉක්මවා සමීප බැදීමක් පැවති ඇත. මෙම අවස්ථාවේ මෙතෙක් නොදැන සිටි ඇයගේ නම ඔහුට දැනගන්න ලැබෙනවා. ඇය ශාන්තිනි.    

සාදය අතරතුර දෙදෙනාගේ නෙත් හමුවුවත් කියාගන්න නොහැකි දේ දෙනෙතින් කියවුණත් දෙදෙනාට මේ සමාජය තුළ, සමාජ සම්ප්‍රදාය තුළ ඉඩ නොමැති බව ඔහුට වැටහෙනවා. ඒ නිසා ඔහු තම හැගීම් හද තුළ තෙරපා තද කර එහි සිර කර තැබීමට ඉටා ගන්නවා. මේ ගීතයට මුල් වන මොහොත උදා වන්නේ මේ අවස්ථාවේදීයි.        

සාදය අවසානයේදී අමුත්තන් සදහා පොඩි කතා කිහිපයක් පවත්වනවා. මේ අතරේ ඔහුටත් පොඩි කතාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. හද තුල තෙරපෙන හැගුම් සමඟ පොර බදිමින් ඔහු කතා කිරීමට උත්සහ දරනවා. සැවොටම ස්තුති කර ඔහු අවසානයේ මෙසේ පවසනවා.

"මන් හෙට මෙහෙන් යනවා, සමහරවිට ආයේ කවදාවත් අපි හමුවෙන එකක් නැ."        

එසේ පවසා ඇයට මා කියූ කිසිත් වැටහෙන්නේ නැ නේද සිතමින් ඔහු නැවත අසුන් ගන්න සැරසෙනවා. එහෙත් මේ මොහොතේ ඇය හඬා වැටීමට පටන් ගන්නවා. අනිත් පිරිසට පුදුමයක් වුවත් ඔහුට මෙය අරුමයක් නෝවේ, ඉතින් ඔහුත් සැවොමට හොරෙන් තම නෙතඟින් නැගුණු කඳුළක් පිසලනවා.        

මේ කතාවේ අවසානය මෙය වුවත් රත්න ශ්‍රී මහත්මයා අවසානයේ පවසන අයුරින් මේ කතාවේ ඔහුගේ මිතුරා වෙනකකු නොව ඔහුම බව හෙළි කර සිටිනවා.

මෙම ගීතයට පාදක වූ සිදුවීම සිදුවුණේ 72, 73 අවධියේ, 83 කෝලාහල කාලයේ රත්නශ්‍රියන්ට මතක් වෙනවා ශාන්තිනි, ඇය යහතින් ඉන්නවාදැයි ඔහුගේ සිතේ නැගෙන හැගීමත් සමඟ ගීතය ලියවෙනවා.[1][2]     

සංගීතය[]

ගුණදාස කපුගේ

විචාරයන්[]

මෙම ගීතයෙන් එකිනෙකාගේ ජාතියේ වෙනස නිසා අසරණ වූ පෙම්වතුන් දෙදෙනුකෙගේ හැගීම් කියාපායි.


ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්

කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්

පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්

ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං


ශාන්තිනි තමන්ගේ නළලේ සටහන් කල කුංකුමම් තිලකය තෙමෙනවා අහසේ හඬන සඳ (චන්දිරන්) නිසා, සඳ හඬන්නේ ඇයි කියා පෙම්වතා සොයා බලු විට ඔහුට පෙනෙන්නේ ජාතින් එක් වී තැනු පහන් පැලට කව්රුහෝ ගිනිතබා ඇතිබවත් ඉන් නැගෙන දුම් නිසා හඳ හඩන බවය. ශාන්තිනිට දැන් හව්හරණක් නැහැ, එබැවින් ආරක්ෂාව පතා දෙවියන් ඇති තැනකට යමු යයි පෙම්වතා යෝජනා කරනවා.


කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්

උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්

බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්

බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්


ශාන්තිනීගේ කඳුළු වලට කණේ පැළදී තිරුවංගල් ගල්වල එළිය වැටිලා කඳුළු දිලිසෙනවා කවියක් වගේ නමුත් එක කියාගන්න බැරි කවියක්. ඇයගේ දෙඅතේ පැළදී වළලු බියෙන් සැලෙන ඇගේ දෑත නිසා සෙලවනවා, එබැවින් පෙම්වතාට කුකුසක් නැගෙනවා මේ තරම් වළලු සෙලවෙන්න වළලු කොපමණ බර විය යුතුද කියා.


සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න

මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න

තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න

මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න


පෙම්වතුන් දෙදෙනාගේ එක්වීමට හරස් වී තියෙන්නේ ජාති කුලගොත්, එබැවින් පෙම්වතා ආයාචනා කර සිටිනවා නෑදෑ හිතවතුන්ට ඔවුන්ගේ ජාති කුලගොත් ඔවුන්ම භාරගෙන ශාන්තිනි පමණක් තමන්ට ලබා දෙන මෙන්. දෑස් පියාගෙන (එවිට එය දමිළ පොතක් යයි නොහැගෙන නිසා විය හැක) තිරුක්කුරල් පොත (ආගම් ගැන සදහනක් නැති යුක්ති සාධාරණ ගුරු උපදේශණ ඇති පෞරාණික දමිළ පොතක්) කියවා බලන්න යයි පවසන පෙම්වතා අවසානයේ හැගීම්බර ලෙස ආයාචනා කරන්නේ තමන් නෙලූ මල තමන්ට සිපගන්න දෙන්න කියාය.[2] [3]

විශේෂ තොරතුරු[]

• මෙම ගීතය රත්නශ්‍රියන් රචනා කර ඇත්තේ මොණරාගල පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කරන අවධියේ.[2]

• රත්නශ්‍රියන් පසු අවස්ථාවක ස්ථාන හා සිදුවීම් වල ස්වල්ප වෙනසක් සහිතව නිධාන කතාව පවසන පරිදි මෙම සිදුවීම සිදු වී ඇත්තේ මන්නාරම් පෙදෙසේ වන අතර, ඤාතියකුගේ නිවසේ රැදී සිටින අවධියේ ශාන්තිනිගේ මව්පියන් මාස තුන හතරක් ඇසුරු කර ඇත. මෙම කතා දෙකේ අනෙක් වැදගත් වෙනස්කම් නම්, මෙම කතාවේ පරිදි ශාන්තිනි 15, 16 හැවිරිදි යුවතියක් වන අතර රත්නශ්‍රියන් 17 හැවිරිදි වියේ පසු වී ඇත. රත්නශ්‍රියන් ඇයගේ පාසල් අවසන් වූ පසු ඇය හා සමඟ ඇවිද යාමට පුරුදු වී ඇත.[2]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/karunarathna-divulgane-mp3-songs/shanthini-thema-wete-mp3-song.php 3.34 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/karunarathna-divulgane/asata-asuwana-maime/shanthini-thema-wetei/

වීඩියෝව නරඹන්න []

Karunarathna_Divulgane_-_Shanthini_Thema_Watei_-_කරුණාරත්න_දිවුල්ගනේ_-_ශාන්තිනී_තෙමා_වැටෙයි

Karunarathna Divulgane - Shanthini Thema Watei - කරුණාරත්න දිවුල්ගනේ - ශාන්තිනී තෙමා වැටෙයි

ගී පද පෝස්ටරය[]

Site Link Info.
www.geepada.com http://www.geepada.com/view.php?id=2293

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]


<fb:comments></fb:comments>

Advertisement