Geeyakawathagotha Wiki
Register
Advertisement
මල් මිටක් තියන්න
ගායනය කසුන් කල්හාර
පද රචනය ප්‍රභා කුමාර රාජගුරු
සංගීතය කසුන් කල්හාර

කසුන් කල්හාර ගායනා කරන ගීතය රචනා කරන්නෙ වෛද්‍ය ප්‍රභා කුමාර රාජගුරු මහතා. මෙය ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ ඔහුගේ ජීවිතයේ අත්දැකීම් අලලා ලියන ලද්දක්.

ගී පද[]

මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ


සොදුරු කවි ලියාන හිත් කොනේ

තාරුකා වහින රාත්‍රියේ

ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී

ඔබයි මගේ


තුරුලතා පවා දුකෙන් වගේ

අතවනා සොයන්නෙ ඔබ කොහේ

හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න

මගේ හදේ

ඇරඹුම[]

පද රචනය[]

ප්‍රභා කුමාර රාජගුරු විශ්වවිද්‍යාලයට එන්නේ වියලි කලාපයේ දුෂ්කර ප්‍රදේශයක සිටයි. එසේ සරසවියට පැමිණි ඔහු යුවතියකට සිතින් පෙම් බැන්දා. පසු කලෙක ඔවුන් පෙම්වතුන් වුණා. වෛද්‍ය පීඨයේ තුන් වන වසරේ සිටි ඔහුට පෙම්වතෙක් විදිහට ගොඩක් දේවල් පිලිබඳ සිතින් දුක් විඳින්නට සිදු වුණා. දුෂ්කර ප්‍රදේශයක සිට පැමිණි ඔහුට තම ප්‍රේමය පිලිබඳ සිතට ආ දේවල් ගීතයකට එකතු කළා. වෛද්‍ය විද්‍යාලයේ සිටියත් කලාවට ඇදී ගිය හිත නිසාම ඔහු නිතරම කළා වැඩකටයුතු වල නිරත වුණා. පසුව ඔහු මෙම ගීත රචනාව කසුන් කල්හාරට බාර දුන්න.

සංගීතය[]

කසුන් කල්හාර මෙයට අලංකාර සංගීතයක් එකතු කර අලංකාර ලෙස කළ ගායනය ගීතය ඒක රයකින් ජනප්‍රිය වීමට හේතුවක් වුණා. ගීතයේ සංගීතය බටහිර ජන සංගීත ශෛලියකට අනුව සාදන ලද්දක්. මල් මිටක් ගීතයේ තනුව හා ආරම්භක සංගීත ඛණ්ඩය කසුන්ගේ. නමුත් ඊට පසුව එන වයලීන් ඛණ්ඩය ඔහුගේ මිතුරෙක් වුණු රුක්ෂාන් ගුණවර්ධනට අවශ්‍ය වූ පරිදි උපුටා ගන්නා ලද්දක්.[1] බටහිර ජන සංගීතය ඇසුරෙන් සාදන ලද වයලීන ඛණ්ඩයට සමාන සංගීතයක් Jack and the Beanstalk – The Real Story චිත්‍රපටයේ එන සංගීත ඛණ්ඩයකද දැකිය හැකියි. (බොහෝ තැන් වල මෙය තනුව සොරකම්කිරීමක් ලෙස සඳහන් වුවත් කසුන් කල්හාර විසින් පවසන පරිදි තනුව සම්පූර්ණයෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද අතර ඒ සඳහා පහත සඳහන් වයලීන ඛණ්ඩය උපුටා ගැනීම පමණක් සිදු කර ඇත.) එම වීඩියෝව පහතින්;

Jack_and_the_Beanstalk-_The_Real_Story

Jack and the Beanstalk- The Real Story

විශේෂ තොරතුරු[]

  • "මල් මිටක්‌ තියන්" ගීතය ප්‍රභා කුමාර රාජගුරු මහතා රචනා කළේ පැයක කාලයකින්.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/1232/mal-mitak-thiyanna-kasun-kalhara-mp3.html 3.15 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/kasun-kalhara-mp3-songs/mal-mitak-thiyanna-mp3-song.php 3.36 MB

වීඩියෝව නරඹන්න[]

Mal_Mitak_Thiyanna_-_Kasun_Kalhara_-_Edited_by_SI_VIDEOS

Mal Mitak Thiyanna - Kasun Kalhara - Edited by SI VIDEOS

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Mal-Mitak-Tiyanna-Oba-Athe/
Site Link Info.

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=305
Guitar.lk http://guitar.lk/mal-mitak-tiyanna-guitar-lesson/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement