Geeyakawathagotha Wiki
Register
Advertisement
ඉස්සර මං ගිය පාසැල
ගායනය සුනිල් එදිරිසිංහ
පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය H. M. ජයවර්ධන

කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද රචකයා විසින් රචනා කරන ලද "ඉස්සර මං ගිය පාසැල ඇරිලා..." ගීතය සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරනු ලබයි. සම්පුර්ණ ගීතයටම පාදක වී ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රී ගායන ශිල්පියාගේ ළමා කාලයයි. කුඩා කාලයේ ඔහු ගතකල සුන්දර ළමා විය, කෙළිදෙලෙන් පාසැල ආ ගිය හැටි, පරිසරය සමග කාලය ගත කල හැටි ගීතය පුරාවට විස්තර වේ.

ගී පද[]

ඉස්සර මං ගියපාසැල ඇරිලා

පුංචි පැටව් පෙරහැරෙ එනවා

හේවිසි ගහගෙන හූ හඞ දීගෙන

ලන්ද පුරා දුව පැන එනවා

මේ දරු දැරියන් නොදුටුව දෑසින්

එක දරුවෙක් තනිවී එනවා


ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා

බිම්මල් හිනැහී හිස වැනුවා

ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ

ඔහුගේ සුවඳට ඉව කෙරුවා

මේ විසිතුරු හැර කොතැනක යන්නද

පුංචි දෙපා එකතැන රැඳුණා


ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ

නෙළුම් රටාවකි තණ ගොල්ලේ

නීල කොබෙයි රැල පේලි සැදී හිඳ

මුතු ඇහිඳියි මදටිය ගාලේ

ගිනි මද්දහනේ කුසගිනි නොදැනී

තාමත් ඔහු මේ වන නිල්ලේ


පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්

වන වදුලේ අසිරිය දකිනා

ගම් දරුවන් මැද මේ දරු පැටියා

මගේ නෙතට කඳුලක් නැඟුවා

ඔහුට මුවාවී පාසැල් යන්නේ

මා දැයි නිකමට මට හිතුණා

ඇරඹුම[]

රැකියාවෙහි නියුතු කුමාරදාස සපුතන්ත්‍රී මහතා දිනක් තම ගමේ නිවසේදී දුටු පාසල් දරු දැරියන්ගේ දර්ශනයක් ඇසුරෙන් ගීතය ලියා තිබෙනවා. පාසල් ළමුන්ගේ දසුනෙන් ඔහුට තම කුඩා පාසල් විය මතක් වෙනවා. කුඩා කාලයේ ඔහුගේ පාසල් ජීවිතය ගැන ලියූ පද පෙළ මේ අයුරින් ගීයක් ලෙස ජනප්‍රිය වුණා.

ගීතය පිළිබඳව ඉතා විස්තරාත්මක ලිපියක් "පුංචි පරිසර වේදියාගේ ආත්ම කථනය" නමින්  2012/03/18  සිළුමිණ පුවත් පතේ පල විය. එහි සඳහන් ආකාරයට ගීතය රචනා කිරීමට පහත සඳහන් සිදුවීම පාදක වී ඇත.

"උසස් අධ්‍යාපනය සඳහා කොළඹ යන සපුතන්ත්‍රි නිවාඩුවට ගමේ ගොස් නිවසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක වාඩි වී ඉදිරිපස බලා සිටී. වේලාව දහවල් දෙකට ආසන්න ය. පාසල් නිම වී නිවෙස් බලා යන දරු දැරියන් ගේ හඬ දුර තියාම සපුතන්ත්‍රිට ඇසේ. පාරේ ඇති ටින් බෙලෙක්කවලට පා පහර ගසමින් දිය කඩිතිවලට කැට කැබැලිති විසි කරමින් කෙළි සිනා හඬ නංවමින් ඔවුන් එන අසිරිය පුංචි පෙරහැරක් මෙනි."[1]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න []

මූලාශ්‍ර[]

Advertisement