Geeyakawathagotha Wiki
Register
Advertisement
ඉර හඳ පායන ලෝකේ
ගායනය W.D. අමරදේව
පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය W.D. අමරදේව
ඇල්බමය ස්වර්ණ විමානය
එළිදැක්වීම 1963
චිත්‍රපටය සිකුරු තරුව

පණ්ඩිත අමරදේවයන් විසින් ගායනා කරන මේ ගීතය "සිකුරු තරුව" චිත්‍රපටයේ තේමා ගීතයයි.

ගී පද[]

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ

සැප දුක සමබර වේ

මේ ජීවින කතරේ

මේ ජීවන කතරේ

සැප දුක සමබරවේ


උකුළේ ළමැදේ සමබර උසුලන //

ගැමි ලිය යන ගමනේ

මුදු බඳ නැළවෙන සේ

කඳූවැටි ගංගා සාගර එකසේ //

පොළොවට සමබර වේ

මේ ජීවින කතරේ

මේ ජීවන කතරේ ...

සැප දුක සමබරවේ


වැඩිවන ආශා මැඩලන වේගේ //

ජීවන මග කැළඹේ

ඒකම රස මුසුවේ

මහ මඩ වගුරේ වන විල් මතුවේ //

පියුම් පිපී නැටවේ

මේ ජීවින කතරේ

මේ ජීවන කතරේ ...

සැප දුක සමබරවේ


ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ

සැප දුක සමබර වේ

ඇරඹුම[]

පද රචනය[]

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් 1963 දී තිරගතවූ "සිකුරු තරුව" චිත්‍රපටය සඳහා මෙම ගීතය රචනා කරන ලදී. මානවසිංහන් මෙම ගී පදවලින් කියන්නට උත්සහ කරන්නේ ඉර හඳ පායන අපගේ මේ ලෝකයෙහි සියල්ලන්ට සැප දුක දෙකම සමබර විඳීමට සිදු වන බව නොවේද. එමහින් ඔහු අටලෝදහම පිළිබඳව කියන්නට උත්සහ කරනවා විය හැක.

පුවත්පතකින් උපුටාගත් පහල කොටස් ගීතයේ අරුත මනාවට පැහැදිලි කරයි. "මානවසිංහ කවියා - සැබැවින් ම ගේය පද රචකයා - මෙම ගී පදවලින් කියන්නේ කුමක්ද? විවිධ කවි රූප මඟින්, විවිධ අවස්ථා මවා පාමින්, ඔහු කියන්නේම එකම කරුණකි. එනම්, ඉර හඳ පායන අපගේ මේ ලෝකයෙහි සැප දුක දෙකම සමබර බව ය.

අපගේ මෙම මහ පොළොවෙහි කඳු වැටිය, ගංගාය, සාගරය. ඒ සියල්ලම එක සේම පොළොව සමබරව පවතින්නේ වෙයි. කෙසේද යත්, පුළුලුකුළේද, සරු ළමැදේද, බර දරාගෙන ගැමිලිය ඇවිදින විට, ඇගේ මුදු බඳ නැළවෙන්නා සේ ය. එතැන ද ඇත්තේ සමබර බවකි. ඒ සමබර බව කඳු වැටි ගංගා සාගර යන මේ සියල්ල පොළොව මත එක් බඳුව සමබර වන්නා සේ ය.

ඇත්තටම ලොවෙහි ඇත්තේ ඒ සමබර බව නොවේද? මෙලොව නොනැසී පවතින්නේ ඒ නිසා නොවේද? අප දරාගෙන සිටින මිහිලිය ද, සිය පුළුල් උකුළත් සරු ළමැදත් දරාගෙන සිය මුදු බඳ මඳක් පමණක් සෙලවෙන්ට ඉඩ දී සමබරව සිටින ගැමිලිය වැන්න."

"පුහුදුන් අප වැනි මිනිසුන්ගේ ආසාවන් නැ‍ඟෙයි. එහෙත් ඒ ආසාවන්ට ඉඩ නොදී මැඬලන්ට ද සිදුවෙයි. මුළු ජීවිත ගමනම කැලඹෙන්නේ එවිට ය. එහෙත් ඒ කැලඹීම ද රසවත් ය. මිහිරිය. හරියට මහ මඩ වගුරක හෝ වන විලක හෝ පියුම් පිපී නටන්නා සේ ය.

එසේ ය. මේ නම් ජීවන කතරකි. ඒ කියන්නේ, ජීවිතය කාන්තාරයක් බව ය. කාන්තාරයක් වුවද, ඒ ජීවන කතරෙහි සැප දුක දෙකම ඇත. කවියා කියන්නේ, ඒ දෙකම සමබර වන බව ය."[1]

සංගීතය[]

ගීතය සංගීතවත් කර ගායනා කරනු ලබන්නේ අචාර්ය පණ්ඩිත අමරදේව ශූරීන් විසින්.

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • පසු කලෙක මෙම ගීතය අමරදේවයන්ගේ ස්වර්ණ විමානය ඇල්බමයට ඇතුලත් කරනු ලැබුවා.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/amaradeva/ira-handa-payana-loke/ 3.89 MB

වීඩියෝව නරඹන්න []

9._Ira_Handa_Payana_-_Pandith_Amaradeva

9. Ira Handa Payana - Pandith Amaradeva

  • සිකුරු තරුව චිත්‍රපටයේ එන මුල් ගීතය. Youtube video by Dr196903
Ira_Handa_Payana_Loke_-_Original_Soundtrack_(1963)_-_Pundit_Amaradeva_-_From_Sikuru_Tharuwa

Ira Handa Payana Loke - Original Soundtrack (1963) - Pundit Amaradeva - From Sikuru Tharuwa

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
sinhalageethaekathuwa.blogspot.com http://sinhalageethaekathuwa.blogspot.com/2013/01/ira-handa-payana-loke.html HD Lyrics

Song Chords[]

Site Link Info.
chordify.net https://chordify.net/chords/ira-handa-payana-loke-song-by-mastro-wd-amaradeva-suneth-channaka

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement