Geeyakawathagotha Wiki
Register
Advertisement
හෙට දවසේ අප දෙදෙනා
ගායනය ප්‍රියා සූරියසේන
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය ප්‍රියා සූරියසේන

ගී පද[]

හෙට දවසේ අප දෙදෙනා

අද වාගෙම හමුවිය යුතුවේ

අද දවසේ මවෙත ගෙනා

මිහිර හෙටත් ගෙන ආ යුතු වේ


කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත

එය මා හද රැදි ආදරයයි

මගෙ ජීවිතයම නෞකාවක් නම්

එය ඔබ පැද යන සාගරයයි


හෙට දවසේ....


අද සුපිපෙන මල හෙට නොපිපේවී

ලෝකය දිවයයි වෙනස් වෙලා

එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්

ආදරයම මම ඉදිමි බලා


හෙට දවසේ....[1]

ඇරඹුම[]

පද රචනය[]

බොහෝ අන්තර්ජාල බ්ලොග් සටහන් වල මෙම ගීතය මත්පැන් ගැන ලියවුන ගීයක් යයි අදහස් පල කර ඇතත්[2][3][4], ප්‍රියා සූරියසේන මහතා පවසන අයුරෙන් මෙම ගීතයේ මුලාශ්‍රය වෙනතක්. රචකයා ජීවතුන් අතර නැති හෙයින් සහ අපර පද මත්පැන් හා නොගැළපෙන බැවින්, ප්‍රියා සූරියසේන මහතාගේ කතාව මෙහි සටහන් කෙරේ.

ප්‍රියා සූරියසේනයන්ට අනුව ඔහු දවසක් ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකට ගීයක් ලියාගන්න කෙනෙක් සොයමින් සිටියදී, ගුවන්විදුලියේම වැඩකරපු එල්මෝ ප්‍රනාන්දු මහත්මයා සූරියසේනයන්ව ප්‍රේමකීර්තියන්ට හඳුන්වා දී තිබේ. ඒ ගුවන් විදුලියේ පිළිගැනීමේ මේසය ළඟ. එතනදීම ප්‍රේමකීර්තියන් කොළ කෑල්ලක ගීතයේ පළමු පද පේළි හතර ලියා, ඉතුරු කොටස ඊළග දවසේ ලියා දෙන්නම් යයි පොරොන්දු වී ඇත. සූරියසේනයන් ඊළග දිනයේ එකල සිටි නාත්තන්ඩියේ සිට නැවත ගුවන්විදුලියට පැමිණ ඇත. එහිදී නැවත පිළිගැනීමේ මේසය අසලදී ප්‍රේමකීර්තියන් පළමුව ලියු කොලයේම ගී පද සම්පුර්ණ කර සූරියසේනයන්ට ලබා දී ඇත.[5][6]


සංගීතය[]

ප්‍රියා සූරියසේන

විචාරයන්[]

වෙනස් වන ලෝකයේ වෙනස් නොවන ආලයක් ගැන ගීතය ලියවී ඇත.

විශේෂ තොරතුරු[]

  • මුල් ගායනයේ පද ඉහත සටහන් කර ඇතත් පසු ගායන වල වෙනස් කම් කිහිපයක් පෙනේ.

1. හය වන පේළිය "එය මා ලැබූ ඔබේ ආදරයයි" ලෙස

2. අට වන පේළිය "එය ඔබ සුරකින සාගරයයි" ලෙස[7]

රත්න ශ්‍රි විජේසිංහ මහතා විචාරය කරන පරිදි අර්ථයට වඩා ගැලපෙන්නේ (ඉහත 2 වන වෙනස්කම සහිතව ගායනා කිරීමේදී), "ඔබ එය සුරකින සාගරයයි" යන යෙදුමයි.[6]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4193/heta-dawase-apa-dedena-priya-sooriyasena-sinhala-mp3.html 3.67 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/16638/heta-dawase-apa-dedena-priya-sooriyasena-mp3-song-download-online-listen

වීඩියෝව නරඹන්න []

Heta_Dawase_Apa_Dedena_-_හෙට_දවසේ_අප_දෙදෙනා

Heta Dawase Apa Dedena - හෙට දවසේ අප දෙදෙනා

  • ගීතය ගැන;
    Heta_dawase_-_real_story

    Heta dawase - real story

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/769/priya-sooriyasena-heta-dawase-apa-dedena-lyrics.html

Song Chords[]

Site Link Info.
Guitar.lk http://guitar.lk/heta-dawase-chords/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement