Geeyakawathagotha Wiki
Register
Advertisement
ගිණි මලක් පිපුනාය
ගායනය කිත්සිරි ජයසේකර
පද රචනය ධම්ම දිසානායක

,කීර්ති ආරියදාස

සංගීතය ලලිත් වික්‍රම

කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන මේ ගීතය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන රචනා කරන ලද්දක්.

ගී පද[]

ගිනි මලක් පිපුණාය දොරකඩ

වරක් නොව තව වතාවක්

සඳක් සේ දිළිසුණා පුරපස

පිපුණි දොරකඩ රන් මලක් ... //


මදහසක් දිලිසීය මුව අග

නිමේෂයකට කඩ ඉමක් ඇර

නමුදු ඒ හස කඩා කඩඉම්

ගෙනගියා අප අනන්තය වෙත


ගිනි මලක් ...


දුටිමු අප ඇගෙ ඇසිපියන් යට

දෙසිත් කැළඹූ නිල් උපුල් යුග

දැවි දැවී සැනසුනා අප සිත්

තැබී ඈ තව පියවරක් දුර


ගිනි මලක් ...

ඇරඹුම[]

මේ ගීතය රචනා කරල තියෙන්නෙ දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස යන මහත්වරුන්. ගීතය රචනා කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන අවධියේ. ගීතය නිර්මාණය කිරීමට හේතුවත් ඉතා අපූරු කතාවක්. ඔවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳල තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් ඒ බෝඩිමට ලස්සන ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඔවුන් දෙදෙනාම ඒ ගෑණු ළමයව දැකල ඇය ගියාට පස්සෙත් ඇය ගැනම කතා කරන්න ගන්නවා. ඒ අතරේ දෙයියෝ දුන්න වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා. දෙපාරක්ම තමන්ගේ බෝඩිම ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය දැකල ඔවුන් තම සතුට දරාගන්න බැරුව ඒ සිතුවිලි සමුදාය ගීතයකට නැගුවා. දෙදෙනාගේම අදහස් වලින් ලියපු මේ ගීතයට ඉතාම අලංකාර තනුවක් යොදන්නේ ලලිත් වික්‍රම මහතා. කාන්තාරයකට වැටුණු වැස්සක් වගේ අහම්බෙන් දැකපු මේ ගෑණු ළමය ගැන සිතට ආපු අදහස් ගීතයට එකතු කරලා තියෙන විදිහ ඉතාමත් අලංකාරයි.

== විචාරයන් ==ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක්

ගිණි පුළිගුවක් මෙන් ඇස් දෙකම ආකර්ෂණීය වන ලස්සන ගැහැණු ළමයෙක් එක වරක් නෙවෙයි දෙවතාවක්ම තම නවාතැන්පොළේ දොරකඩටම එනවා.ඇයගේ වත දකින්නේ අහසේ පැයුව පුන් සඳක් ලෙසටයි. එක්වරම දුටු මේ රුවට දෙදෙනාගෙම හිත යන්නේ ඔවුනටත් නොදැනිමය.

මදහසක් දිලිසීය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇර නමුදු ඒ හස කඩා කඩඉම් ගෙනගියා අප අනන්තය වෙත

                ඇගේ මුවින් මඳ සිනහවක් මොවුන්ට පිරිනමනවා. එය පිදුවේ සුහදත්වයකට වුවද තව තවත් ඇය කෙරේ බැදිමට හේතු විය. ඒ හිනාවෙන් මොවුන් වශීවී ඇය කෙරේ තව තවත් ඇල්මක් ඇති කිරිමට හේතුවෙනවා.

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර

                      ඇගේ ඇසි පිය යටින් ඇති නීල ඇස් දෙක මොවුන් දෙදෙනාගේ හිත තවත් කළබවන්න හේතු වුනා. රූප ස්භාවයෙන් පිරිපුන් වූ මේ කාන්තාවට මොවුන්ගේ හිත් දැන් තදින්ම බැදෙනවා. එහෙත් ඇය යළි හමුනොවුන බව දැන දැනත් තමන්ට හිමි නොවන බවත් දැන දැන හිතින් ඇයව ඔවුනගේ කරගෙන ආදර සුව විදිනු ලැබුවා.

(සැ.යු:- ගීයේ පසුබිම් විස්තරය අන්තර්ජාලය තුල පලවු ලිපියක් ආස්‍රයෙන් ගනු ලැබුවකි.)


                            ✏️✏️✏️ -- කෝශල ප්‍රනාන්දු --

විශේෂ තොරතුරු[]

  • සිංහල ගීත ඉතිහාසය තුල පද රචකයන් කිහිප දෙනෙකු විසින් රචනා කළ ගීත ඉතා විරලයි. කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන මේ ගීතයත් ඒ වගේ ගීත රචකයන් දෙදෙනෙක් විසින් රචනා කරන ලද්දක්.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/953/gini-malak-pipunaya-dorakada-kithsiri-jayasekera-sinhala-mp3.html 3.77 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/kithsiri-jayasekara-mp3-songs/gini-malak-mp3-song.php 3.88 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/347/Gini%20Malak

වීඩියෝව නරඹන්න []

Gini_Malak_-_Kithsiri_Jayasekara

Gini Malak - Kithsiri Jayasekara

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1231/kitsiri-jayasekara-gini-malak-pipunaya-dorakada-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://sarigama.lk/profile/song_profile/347/Gini%20Malak

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement