Geeyakawathagotha Wiki
Register
Advertisement
ගඟ අද්දර
ගායනය විජය කුමාරතුංග
පද රචනය ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය නිමල් මෙන්ඩිස්
චිත්‍රපටය ගඟ අද්දර

ගඟ අද්දර චිත්‍රපටයේ එන මේ ගීතය විජය කුමාරතුංග මහතා විසින් ගායනා කරනු ලැබීය. ගීතය යන අවස්ථාවේ වසන්ති චතුරාණි සහ විජය කුමාරතුංග රංගනයෙන් දායක විය. මෑත කාලීනව ගීතය වෙනත් ගායකයන් කිහිප දෙනෙක් විසින් වෙනස් සංගීතයකට ගායනා කරන ලදී.

ගී පද[]

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

හද සන්තක විය අනුහස් ආසිරි ගී

ඔබ හමුවේ මා මුව ගොළු වූවා


ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ

ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ

පිබිදුනි ආශා ගිනිසිළු සේමා


මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා


ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ

මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ

මා හද රහසේ බැඳුනා පහසේ

ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ

ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ

ඔබෙ රුව ඡායා සැඟවේ පායා


මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා

සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්

ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා

චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා


ඔබෙ රුව ඡායා සැඟවේ පායා //

ඇරඹුම[]

පද රචනය[]

ඔගස්ටස් විනයාගරත්නම් විසින් රචනා කරන ලදැයි පැවසෙන මේ ගීතය නිමල් මෙන්ඩිස් මහතා විසින් රචනා කරන ලද්දක් බවත් විවිධ මූලාශ්‍ර වල සඳහන් වෙනවා. ගීතය චිත්‍රපටය සඳහා සිංහල බසින් රචනා කර ඇත්තේ ඔගස්ටස් විනයාගරත්නම් මහතා විසින්. ඒ නිමල් මෙන්ඩිස් මහතා විසින් ඉංග්‍රීසියෙන් රචිත "Banks of the River" නම් ගීතයේ සිංහල පරිවර්තනයක් ලෙසින්.[1] නමුත් මෙය ඔගස්ටස් මහතාගේ නිර්මාණශීලීත්වය අනුව මුල් ගීතයට වඩා වෙනස් අයුරින් චිත්‍රපටයට ගැලපෙන පරිදි රචනා කරන ලද්දක්.

සංගීතය[]

සංගීත නිර්මාණය ගැන විශේෂයෙන් යමක් සඳහන් නොවුනත් 'ගඟ අද්දර' චිත්‍රපටයේ සංගීත නිර්මාණය කල නිමල් මෙන්ඩිස් මහතා ගීතයට සංගීතය නිර්මාණය කල බව සැලකිය හැකියි.

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • ගීතය පසුකාලීනව සුරේන්ද්‍ර පෙරේරා විසින් 'ගඟ අද්දර' ටෙලි නාට්‍යයට නැවත ගායනා කරනු ලැබුවා.
  • නව සංගීතයකට වෙනස් ශෛලියකට Gresha Schuilling විසින්ද ගීතය නැවත ගායනා කරනු ලැබුවා.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

  • මුල් ගීතය
Site Link Info.
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/vijaya-kumarathunga/ganga-addara-vijaya-kumarathunga/

වීඩියෝව නරඹන්න []

Ganga_Addara

Ganga Addara

  • සුරේන්ද්‍ර පෙරේරා ගායනා කල ගීතය Youtube Video by Lankan TV
Ganga_Addara_Tele_Drama_Theme_Song_-_Surendra_Perera_-_New_Version_from_wWw.TOPS.Lk

Ganga Addara Tele Drama Theme Song - Surendra Perera - New Version from wWw.TOPS.Lk

  • Gresha Schuilling විසින් ගැයූ ගීතය Youtube video by mediaeyemusic
Ganga_Addara_-_Gresha_Schuilling

Ganga Addara - Gresha Schuilling

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1084
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Ganga-Addara-Ma/

Song Chords[]

Site Link Info.
ChordsLanka https://www.chords-lk.com/song/ganga-addara/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement