Geeyakawathagotha Wiki
Register
Advertisement
එදා මෙදා තුර
ගායනය සනත් නන්දසිරි
පද රචනය විමල් ජයශාන්ත
සංගීතය සනත් නන්දසිරි
ඇල්බමය ඇවිලුණු ගිනි දැල්
එළිදැක්වීම 1975

සනත් නන්දසිරි මහතා ගායනා කරන මේ ගීතය පෙම්වතියගේ වියෝවෙන් තැවෙන පෙම්වතකුගේ දුක කැටි කොට ලියන ලද්දක්.

ගී පද[]

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා

ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා

මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා

දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා


දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින්

කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්

ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින්

මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්


එදා මෙදා තුර.........


ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ

ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ

ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ

ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්රි යේ


එදා මෙදා තුර.........

ඇරඹුම[]

පද රචනය[]

ගීතයේ රචකයා විමල් ජයශාන්ත නම් පුද්ගලයෙක්. මේ ගීතයේ එන අමිහිරි අත්දැකීමට මුහුණපැ පෙම්වතා ඔහු බව බොහෝ මාධ්‍යය වල සඳහන්. තම පෙම්වතිය මියගිය ශෝකයෙන් ඔහු ලියූ මේ ගීතය ඔහුගේ පළමු හා අවසාන ගීතයයි ගීතය රචනා කර තිබෙන්නේ 1975 වසරේ. මෙය පළමුවෙන්ම ගුවන්විදුලි වැඩසටහනකට සනත් නන්දසිරි මහතා විසින් සංගීතවත් කර ගායනා කර තිබෙනවා. පසුව එතුමාගේ "ඇවිලුණු ගිනි දැල්" කැසට් පටයට එකතු කර තිබෙනවා. දශක 4 කට ආසන්න කාලයක් ගත වුවත් එදා මෙදා තුර රසික සිත ශෝකයෙන් පිරවීමේ හැකියාවක් ගීතය සතුයි. සනත් නන්දසිරි මහතාගේ ශෝකී ගායනය සමග මුසුවුණු එතුමාගේම සංගීතය ගීතයේ අරුත හා ශෝකී බව වඩ වඩාත් තීව්‍ර කරනවා.[1]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • මෙම ගීතය විමල් ජයශාන්ත ලියූ එකම ගීතයයි. (මේ පිළිබඳව විවිධ මැති මතාන්තර පවතී. නමුත් ප්‍රසිද්ධ ගීතයක් බවට පත් වූ ඔහුගේ පළමු හා අවසාන ගීතයයි).

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1125/eda-meda-thura-kadulata-wiwara-wu-sanath-nandasiri-sinhala-mp3.html mp3, zip, Listen, Lyrics
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/sanath-nandasiri-mp3-songs/eda-meda-thura-mp3-song.php
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/sanath-nandasiri/eda-meda-thura-kadulata-wiwara-wu/

වීඩියෝව නරඹන්න []

Eda_Meda_Thura_(Song_lyrics)

Eda Meda Thura (Song lyrics)

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1131/sanath-nandasiri-eda-meda-thura-kadulata-wiwara-woosinhala-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=36

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement