දුවේ නුඹ මගෙ | |
---|---|
ගායනය | සුනිල් එදිරිසිංහ |
පද රචනය | බණ්ඩාර ඇහැළියගොඩ |
සංගීතය | රෝහණ වීරසිංහ |
විවාහ වී පිටවන දියණිය ගැන පියෙක් හට දැනෙන සිතුවිලි සමුදාය ඇතුලත් මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මතතා විසින්.
ගී පද[]
දුවේ නුඹ මගෙ ප්රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //
දුවේ නුඹ මගෙ...
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //
දුවේ නුඹ මගෙ...
ඇරඹුම[]
පද රචනය[]
බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් මෙම ගීතය රචනා කරන ලද්දේ එවකට ඩී. එස්. අයි. ආයතනයේ අධ්යක්ෂ නන්දදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව.[1] සමහර මූලාශ්ර වල සඳහන් පරිදි මෙම ගීතය රචනා කර ඇත්තේ බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ දියණියගේ මංගල උත්සවයේදී ගායනා කිරීම සඳහා. [2]
සංගීතය[]
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
වීඩියෝව නරඹන්න []
- Youtube Video by Rajitha Jayamini Withanachchi
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1384 | |
Siyalla.com | http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Duwe-Nuba-Mage-Pranayai/ |
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | http://www.chords-lanka.com/song_view.php?song_id=611 |