Geeyakawathagotha Wiki
Register
Advertisement
දවසක් පැල නැති හේනේ
ගායනය ගුණදාස කපුගේ
පද රචනය රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය ගුණදාස කපුගේ

රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ජීවිතයේ කුඩා කළ අත්දැකීම් ඇසුරෙන් තම මව ගැන සහ ජීවිතයේ සිදු වූ වෙනස්කම් ගැන මේ ගීතයේ රචනා කර තිබෙනවා.

ගී පද[]

දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැටුනා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ


නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ


කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

විචාරයන්[]

භාෂා භාවිතයේ ඉතා අලංකාර තැන කිහිපයක් ගීතයේ දක්නට ලැබෙනවා. වචන වල තේරුමට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ගීතය සතුයි. එවැනි අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.


ගීතය පටන් ගන්නේ "දවසක් පැල නැති හේනේ" යන පද පේලියෙන්. පැල නැති හේනක් කියන්නේ කිසිම ආරක්ෂාවක් නැති තත්වයක්. පියා නැති පවුලකටත් ඒ වගේ. පියා නැතිව අම්මා තනිවම ගැටළු වලට මුහුණ දුන්න.

"පායන තුරු හිටි පියවර හිටිය ඔබ අම්මේ " කියන්නේ අම්මා තවත් කසාදයක් කරගන්නේ නැතුව ප්‍රශ්න වලට තනිවම මුහුණ දීගෙන හිටිය එක කියල සමහර තැන වල සඳහන් වෙනවා.

"නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා

බිරිඳකගේ සෙනෙහෙ ගිය යෝධ ඇලේ නැම්මේ "

තරුණ වියට එළඹුණු ඔහු නගරයට ගියා. එහිදී ඔහුට හමුවුණු කාන්තාවක් විවාහ කරගත්තා. මෙහි කියවෙන යෝධ ඇලේ නැම්මේ කියන කොටස ගැන කිහිප තැනකින් ඉතා අලංකාර විචාරයන් හොයා ගන්න පුළුවන් උනා. ඒවගේ සඳහන් විදිහට යෝධ ඇල කියන්නේ සැතපුමට අඟලක බැස්මක් තියෙන ඇළක්. ඒ වගේම තමා බිරිඳගේ ආදරයත්. ටික කලක් ගියහම තමයි තේරෙන්නේ ඇත්ත තත්වේ. නමුත් අම්මගේ ආදරය ඒ වගේ නැහැ. සදාකාලිකයි. බිරිඳ ඔහු හැර ගියහම අම්මගේ සෙනෙහස මතක වෙනවා.

"ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ"

ගීයේ අවසානය විලාපයක්. එයින් අදහස් වන්නේ තවදුරටත් අම්මා ඔහු එන තුරු බලා සිටීමට ජීවතුන් අතර නැති බවයි



[1][2]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න[]

Dawasak_Pala_Nathi_Hene_Gunadasa_Kapuge

Dawasak Pala Nathi Hene Gunadasa Kapuge

Song Chords[]

මූලාශ්‍ර[]

Advertisement