Geeyakawathagotha Wiki
Register
Advertisement
දම් පාටින් ලා සඳ
ගායනය ගුණදාස කපුගේ
පද රචනය ලූෂන් බුලත්සිංහල
සංගීතය ඔස්ටින් මුණසිංහ

ගී පද[]

දම් පාටින් ලා සඳ බැස යනවා

ආකාසේ රන්වන් පාටයි

සමුගෙන යන්න මගෙන් තව මොහොතයි

නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි


දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා

වෙන් වෙන මොහොතක් නොහැගේ

දැසට ලංව තවත් මේ මොහොතේ

ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම්


සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //

බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි

එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා


දම් පාටින් ....


රැ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් //

නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්

පමා වෙලා හිරු නැගෙන තුරා


දම් පාටින් ....

ඇරඹුම[]

පද රචනය[]

ලූෂන් බුලත්සිංහලයන්ගේ අත්දැකීමක් මෙම ගීතය රචනා කිරීමට ඔහුට පාදක වී ඇත. ඔහුට පාසැල් කාලයේ හමු වූ පෙම්වතියක් හිඳ ඇත. සරසවි වරම් හිමිවීමත් සමඟ බුලත්සිංහලයන් පේරාදෙණි සරසවියටත් පෙම්වතිය කොළඹ සරවියටත් ඇතුළු වී ඇත. යම් කාලයකට පසුව දෙදෙනා වෙසක් දවසක නිවාඩුවට කොළඹ පැමිණ පෙම්වතිය සමඟ වෙරළේ ඇවිදීමට යා ඇත. මෙසේ ඇවිද ගියත් දෙදෙනාටම එය රසවත් අත්දැකීමක් වී නැත. බුලත්සිංහලයන්ට මෙවිට ඇයගෙන් වෙන්වී යළි පේරාදෙණි සරවියට ගියා නම් හොදයි කියා සිති ඇත. මෙම මොහොත හා සිතිවිල්ල ගීතය රචනා කිරීමට නිමිත්ත වී ඇත. බුලත්සිංහලයන් පවසන අයුරින් ඔවුන් දෙදෙනාගේ සම්බන්දය පසුව අවසන් වී ඇත. නිමිත්ත මෙසේ වුවත් ගීතයෙන් නම් කියවෙන්නේ මීට වඩා සැහෙන වෙනස් පෙම් යුවලක පෙම් සම්බන්දතාවයක් ගැනයි.[1]

සංගීතය[]

ඔස්ටින් මුණසිංහ

විචාරයන්[]

මෙම ගීතයෙන් පෙම්වතුන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීමක අවසන් මොහොතේ සිදුවන සොඳුරු සංවාදයක් කියාපායි.


දම් පාටින් ලා සඳ බැස යනවා

ආකාසේ රන්වන් පාටයි

සමුගෙන යන්න මගෙන් තව මොහොතයි

නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි


පෙම්වතිය පෙම්වතාගෙන් අසනවා, හඳ බැසයන්නත් ලඟයි, ඒ අනුව අපගේ වෙන් වන මොහොතත් ලංවෙනවා, (මින් රචකයා ව්‍යංගාර්ථයෙන් පෙම්වතුන් රාත්‍රියේ හමුවී උදැසන වෙන්වන යුවලක් බව කියාපායි) ඒත් ඇයි කිසිවක් නොකියන්නේ.


දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා

වෙන් වෙන මොහොතක් නොහැගේ

දැසට ලංව තවත් මේ මොහොතේ

ගොළු වී ඉන්නෙමි මම් ගොළු වී ඉන්නෙමි මම්


දම් පාට සඳ වගේම ඔබේ මුහුණ පෙනෙනවා ඒ හින්දා වෙන් වෙලා යන්න නොහිතේ, මුහුණට "තවත්" ලංවෙලා (දැනටමත් ලංවී හිඳ තිබෙන්නේ) ඇස දෙක දිහා බලාගෙන දැහනට සමවැද මෙන් ගොළුවී ඉන්නෙමි යයි පෙම්වතා පිළිතුරු දේ. මෙහදී මුහුණ "දම්" පාට සඳකට උපමා කර ඇත්තේ, සඳ බැසයන මොහොත අඳුරු මොහොත මෙන් පෙම්වතියගේ මුහුණද දුකබරව අඳුරු වී තිබු නිසා විය හැක. පෙම්වතාගේ "ගොළුවී" හිදිම පෙම්වතියගේ මුහුණේ ලස්සන හින්දා හෝ බොහෝදුරට පෙම්වතියගේ දුක්බර මුහුණ දැක පෙම්වතාගේ හද නැගුණ ශෝකය නිසා හෝ විය හැක.


සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //

බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි

එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා


පළමුව පෙම්වතිය පෙම්වතාගේ ඇසුර නොමැතිව තමන්ගේ දවල් කාලය දැරිය නොහැකි පාලුවෙන් ගතවී යන අයුරු විස්තර කරයි. හිරුගේ ආලෝකයෙන් ඇඳුන සෙවනැළි මැකී දහවල් ආලෝකය තුරන් වී රාත්‍රිය උදා වීමට පෙම්වතියට දරා ගන්න බැරි තරම් කාලයක් ගතවන බැවින් තනිය මකාගන්නට ගෙයි බිත්ති පුරා පෙම්වතාගේ සෙවනැළි ඇඳ (බොහෝදුරට සිතේ අඳි රූ විය හැක) ඒ දෙස බලා ඉන්න බව දුක්බර ලෙස හෙළිකරයි.


රැ කල දිගුවේ නම් ලා සඳ නොමකේ නම් //

නෙළුම් පතක රැදී පිනි බින්දුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්

පමා වෙලා හිරු නැගෙන තුරා


පෙම්වතා ඊට මෙසේ පිළිතුරු දෙනවා. එක තමයි, රැ කාලය තව දිගු වී ලා සඳ අහසේ මැකෙන්නේ නැතිව දිගටම පායා තියෙනවනම්, ඔබගේ සුවපහසු පපු තලයට හිසතියාගෙන ඉන්න තිබ්බානේ. මෙහිදී රචකයා මෙම හිස තබා හිදිම නෙළුම් පත්‍රයක රැදී පිණි බිදුවකට සමාන කර තිබෙනවා. මෙහිදී රචකයා උපමාවෙන්, පිණි බින්දු හිරු නැගෙන විට නැති වන්නා සේ හිස තබා හිදිමත් හිරු නැගෙන විට අවසන් වන බව හැගවිම හෝ පෙම්වතියගේ පපු තලය නෙළුම් පත්‍රයටද තමාගේ හිස පිණි බින්දුවට සාමාන කලා විය හැක.

විශේෂ තොරතුරු[]

  • පෙම්වතුන් හා වෙන්වීම සම්බන්දයෙන් බුලත්සිංහලයන්ගේ අදහස් නිසදැසකින්
Bulathsinghala nisadasa
  • මෙය කපුගේ ශූරීන්ගේ පළමු යුග ගීතයයි. [1] (තවහවුරු කිරීමක් අවශ්‍යයි)
  • මෙම ගීතය පළමු වරට ගායනා කර ඇත්තේ ඔස්ටින් මුණසිංහ සමග අනුලා බුලත්සිංහලයි.[1] (තවහවුරු කිරීමක් අවශ්‍යයි)

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/211/dam-patin-laa-sada-basa-yanawa-malani-bulathsinhala-gunadasa-kapuge-sinhala-mp3.html 4.26 MB (Good Quality, 128kbps, Stereo)
SoundCloud.com https://soundcloud.com/anjulasashika/dam-patin-la-sanda by AnjulaSashikaW

වීඩියෝව නරඹන්න []

Dam_Patin_La_Sanda_Basa_Yanawa_Malani_Bulath_Singhala_n_Gunadasa_Kapuge

Dam Patin La Sanda Basa Yanawa Malani Bulath Singhala n Gunadasa Kapuge

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/slyrics/files/Dam_Patin_Gunadasa_Kapuge.jpg

Song Chords[]

Site Link Info.
ChordsLanka https://www.chords-lk.com/song/dam-patin-la-sanda-besa-yanawa/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement