වළා අතුල සිරි යහනේ | |
---|---|
ගායනය | අමරසිරි පීරිස් |
පද රචනය | සුනිල් රත්නායක |
සංගීතය | ප්‍රේමසිරි කේමදාස |
ටෙලිනාට්‍යය | දළ රළ පෙළ |
අමරසිරි පීරිස් මහතා ගායනා කරන මේ ගීතය "දළ රළ පෙළ" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි.
ගී පද[]
වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැළවෙන
ලතා මඩුල්ලේ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
නොදරුවකු අතින් බොඳ වුණ
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත රටා වියනවා...
කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා...
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...
වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැලවෙන
ලතා මඩුල්ලෙ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...
ඇරඹුම[]
පද රචනය[]
- අපූර්ව සංගීතයකින් හා සිත ස්පර්ශ කරන අයුරින් කරන ගායනය සඳහා සරල බසින් මෙම ගීතය රචනා කර තිබෙන්නේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කල ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක මහතා.
සංගීතය[]
- ගීතය ප්‍රේමසිරි කේමදාසයන්ට අනන්‍ය වූ සංගීතයෙන් අලංකාර වී තිබෙනවා.
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
වීඩියෝව නරඹන්න []
- Youtube Video by SLWarriorXXXX
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1580/amarasiri-peiris-wala-athula-siriyahane-unusum-hiru-kedi-porawa-lyrics.html |
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | http://www.chords-lanka.com/song_view.php?song_id=28 |