Geeyakawathagotha Wiki
Register
Advertisement
ශ්වේත මීදුම් ඉරා
ගායනය භාචි සුසාන්
පද රචනය චරිත් සේනාධීර
සංගීතය කසුන් කල්හාර
8089-1-

ගී පද[]

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ

ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්

මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

මා එක්‌ක එනවාද චන්නකින්නරාවී


රළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ

මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ

ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී

මා එක්‌ක එනවාද චන්නකින්නරාවී


ශ්වේත මීදුම් ...


සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේ

ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී

හිනැහෙන්න පුළුවන්ද චන්නකින්නරාවී ...

ඇරඹුම[]

පද රචනය[]

භාචි සුසාන් ගායනා කරන මේ ගීතය රචනා කරන්නේ අනන්තයට යන පාර දිගේ ඇතුළු ගීත රැසක් ලියූ චරිත් සේනාධීරයි. ඔහු පවසන අන්දමට ගීතය තේමා කරගෙන තියෙන්නේ ආදරයත් සැබෑ ජීවිතයත් අතර තිබෙන යතාර්ථයයි. මෙය විශේෂ අත්දැකීමක් නොවන අතර සැම සියලු දෙනාම මුහුණ දෙන සත්‍යය ගීතයේ අඩංගු බව ඔහු පවසනවා.[1] සඳ කිඳුරු ජාතකයේ සඳ කිඳුරිය නමින් පෙම්වතිය ආමන්ත්‍රණය කරන්නට ඔහු උත්සාහ කර තිබෙනවා. සරල පද පෙළකින් ගැඹුරු අරුතක් දීමට චරිත් සේනාධීර දැරූ උත්සාහය අගය කල යුතුයි.

සංගීතය[]

පාසල් කාලයේ සිටම ගීත රචනා කල චරිත් ඔහු ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ එක පන්තියේ සිටි කසුන් කල්හාර තනු නිර්මාණය සඳහා යොදා ගන්නවා.

විචාරයන්[]

  • ආදරය කරන කාලය හරිම සුන්දර වුණත් විවාහයෙන් පසු සැබෑ ජීවිතය කරදර බාධක බොහොමයි. ආදරයෙන් එකතු වෙන දෙදෙනෙකුට ඉන්පසු ගෙවන්නට සිදුවෙන රළු ගමන ගැන ගීතයෙන් මතක් කරනවා. එවන් බාධා කරදර මැද්දෙත් ඇගේ ආදරය නොසැලී තිබේවිද? එවන් ගමනක් යාමට තමන් සමග පැමිණෙනවාදැයි සඳ කිඳුරියගෙන් (තම පෙම්වතියගෙන් ) අසා සිටිනවා.

සඳ කිඳුරිය... සඳ කිඳුරාට කොතරම් ආදරය කළාද... ඒ ආදරයේ තරම කියන්න වචන මදි... සඳ කිඳුරු ජාතකය... සඳ කිඳුරාගේ ජීවිතය වෙනුවෙන් සඳ කිඳුරිය සත්‍යක්‍රියා කළා. ආදරය එහෙමයි. ඒත් අද ආදරය හරිම වෙනස්‌. පණට පණ දෙන්න ආදරය කළත් කරදර දුක්‌ ගැහැට විඳිද්දී ටික කලකින්ම ඒ ආදරය පෑල දොරින් පලා යනවා.

ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ

ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්

මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

ආදරය කරන කාලෙදි නම් ජීවිතය හරිම සුන්දරයි. ඒත් පවුලක්‌ ලෙස කූඩු වුණාම... කරදර දුක්‌ ගැහැට එමටයි. ජීවිතය ගෙවන්න වෙන්නේ කරදර මැද්දේ. ආදරයට වඩා වගකීම් ගොඩකට මැදිවෙන්න වෙනවා. ආදරය නමැති තිමිර පටලය ඉවත්කරලා ජීවිතයට එබී බලන්න වෙනවා.. හරිම අසීරුයි. සීත සෘතුව... ගෙවාගන්න අසීරු කාලයක්‌නේ. ඉතින් ඒ සීතල මැද්දේ ගිරිදුර්ග පසුකරන්න වුණොත් තවත් අමාරුයි. මගේ ආදර සඳකිඳුරිය එවැනි ගමනක්‌ මා එක්‌ක යන්න එනවද කියල තමයි මේ තරුණයා විමසන්නේ.

රළු පොළව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ

මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ

ආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවී

මා එක්‌ක එනවාද චන්නකින්නරාවී

ආදරේ කරද්දි වගේ නොවේ... අපිට ඉන්පස්‌සේ දිගු ගමනක්‌ යන්න වෙනවා. ඒ ගමන හරිම කටුකයි. ඔයාට ඔරොත්තු දේවිද දන්නෙ නහැ. ගමන හරිම රළුයි. විඩාබරයි. ගිරි දුර්ග මතින් යන මේ ගමනේදි ඔයාගේ ඔය සිනිඳු දෙපා රිදෙන්න ගනියි. හිතට වේදනා ගෙනදේවි. මා එක්‌ක එන්න ගත්තු තීන්දුව වැරදිය කියා හිතලා වේදනා මුසු සුසුම් වාතලයට මුදාහරියි. එතකොට ඔයාගේ හිතේ මා කෙරෙහි ක්‍රෝධයක්‌ වෛරයක්‌ ඇතිවේවි. ඔය හිතේ මා ගැන ආදරයක්‌a ඉතිරි වෙන එකක්‌ නැහැ. ඉතින් ඔයා එනවද මා එක්‌ක යන්න.

සඳ නිවී ගිය රාත්‍රිය තාරකා ගොළුව ඝන අඳුරේ

ළය මතින් වැතිරී සොඳුරු හීනයට ඉඩදී

හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවී

ආකාසේ හඳ නිවී ගියොත් තරු මැකී ගියොත් කොයිතරම් අන්ධකාරද. ඒවගේ රැයක දකින හීන කොයිතරම් සුන්දරද? ආදරය කරද්දී එවැනි හීන දකිනවා. ඒත් ඉන්පසු ඒවගේ සොඳුරු හීනවලට ඉඩ තියේවිද. එදා වගේ අපිට හිනා වෙන්න පුළුවන් වේවිද? කිඳුරියනි.

ජීවිතයේ යථාර්ථය මේ ගීයෙන් කදිමට විග්‍රහ කෙරෙනවා. මතුපිටින් පදපෙළ සරල වුණත් යටිපෙළ අර්ථය හරිම ගැඹුරුයි. ජීවිතය කියන්නේ සින්තටික්‌ සිහිනයක්‌මද... කියා හිතෙනවා. භාචිගේ හැඟීම්බර හඬින් ගීය ඇසෙද්දි කසුන්ගේ තනුවත් පදපෙළට ගී හඬට සාධාරණයක්‌ කර තිබෙනවා. ගීයේ රූප රචනාව ගැනත් සඳහන් කළ යුතුමයි. අරුත දැන ඉතා දක්‌ෂ ලෙස කළ නිර්මාණයක්‌.[2]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3464/channa-kinnaravi-bachi-susan-sinhala-mp3.html 3.86 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/bachi-susan-mp3-songs/channa-kinnaravi-mp3-song.php 3.95 MB
  • Remix Version
Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3543/channa-kinnaravi-remix-version-bachi-susan-ft-pasan-liyanage-sinhala-mp3.html

වීඩියෝව නරඹන්න []

Channa_Kinnaravi_-_Bachi_Susan_from_Ananmanan.lk

Channa Kinnaravi - Bachi Susan from Ananmanan.lk

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/2301/bachi-susan-channa-kinnaravi-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka https://www.chords-lk.com/song/channa-kinnaravi/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement