Geeyakawathagotha Wiki
Register
Advertisement
පාරමිතා බල
ගායනය W.D. අමරදේව
පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය W.D. අමරදේව
එළිදැක්වීම 1962
චිත්‍රපටය රන් මුතු දූව

වෙසක් දිනයකදී නොවැරදීම අසන්නට ලැබෙන මෙම ගීතය තරම් වෙසගේ අසිරිය කියාපාන තවත් ගීතයක් නැති තරම්. ගීතය ඉතා අලංකාර ලෙස බුදුගුණ විදහා දක්වනවා.

ගී පද[]

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//


සැනසෙමු පුදදී මුණි සිරිපාදේ

පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ


සනසා මුලු ලොව නිවන් ලබා දී

පුන්‍ය මහෝදධි ශාන්ත සමාධී…//

සණරාමර ගුරු ලෝක ශිවන්කර..//

බුද්ධ දිවාකරයාණෝ…

මාර පරාජය කළ මුණිදුන් ගේ..//

කරුණා සීතල මෙත් දහරා

ගලා බසී තුන් ලෝ තලයේ

දුක් ගිමන් නිවා අම සෙත සාදා


බුදු රැස් කැටිවී නැගි ආලෝකේ

පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ..//


පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//

ඇරඹුම[]

පද රචනය[]

  • මෙම ගීතය රචනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින්. ඒ 1962 වසරේ තිරගත වූ "රන්මුතුදූව" චිත්‍රපටය සඳහා. චිත්‍රපටයේ එන තොරණක පසුබිම් ගායනයක් සඳහා යොදාගත් මෙම ගීතය පසුව ලංකාවේ සියලුම තොරණ සඳහා නැතුවම බැරි ගීතයක් බවට පත් වුණා.

සංගීතය[]

විචාරයන්[]

  • වෙසක් පොහෝ දිනයෙහි දිනූ සේකැයි කවියා කියන්නේ “බුද්ධ දිවාකරයාණෝ ය. දිවාකර යනු හිරුට නමකි. ඒ දවස බිහි කරන අරුතිනි.

හිරුට දිනමිණ, දිනියුරු, දිවයුරු ආදී පදද යෙදිය හැකි ය. බුදු යන පදය සමඟ දිවයුරු යන පදය එක් කොට සමාසගත කළ හැකි ය. එවිට කියවෙන්නේ “බුදු දිවයුරු” කියා ය. ඒ අරුතම ඇතිව “බුද්ධ දිවාකරයාණෝ” යයි කී විට, ඇති වන වෙනස විමසුව මැනවි‍. ඒ ගම්භීරත්වය බිහිවන්නේ, මානවසිංහයන්ගේ සුභාවිත කවිත්වය තුළිනි. “පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි” යන ගී පද කෙරෙහි ද සාවධාන වුව මැනවි. මෙතැන්හි කවියා තත්සම පද බහුල මිශ්‍ර සිංහලය යොදාගන්නා අපූරුව විමසන්න. “පුණ්‍ය මහෝදධී” යනු, පින නමැති මහ සයුර ය. නැතහොත් බුදුහිමියන් සැදැහැතියන්ගේ පිනට, මහ සයුරක් වන බව ය. සඟ ගණ, පින් කෙතක් හෙවත් පුඤ්ඤ බෙත්තං ය. බුදුරදුන් පින් කෙතක් නොව, පින් සයුරක් ය. මානවසිංහයන් එකී චින්තන මාර්ගයෙහි ඉදිරියට යමින්, නිර්මාණය කරන පුණ්‍ය මහෝදධි යන කවි රූපයේ ප්‍රතිභාමත්බව අපූර්වයක් නොවන්නේ ද? එපරිදි ම “මාර පරාජය කළ මුනිඳුන්ගේ කරුණා සීතල මෙත් දහරාවන්” තුන්ලෝ තලයේ ම ගලා බසින බවක් කියන කවියා එමඟින් දුක් ගිමන් ද නිවෙන බව සඳහන් කරයි. ප්‍රතිභාවත් කවිත්වයත් බසෙහි වෙසරද බවත් එක් වූ තැන බිහි විය හැක්කේ, අපගේ ප්‍රස්තුතයට ලක්වන මෙම ගීතය බඳු නිර්මාණයක් ම පමණි.[1]

විශේෂ තොරතුරු[]

  • අමරදේවයන්ගේ ගායනයෙන් රසබර වූ ගීතය එතුමාගේම සංගීතයෙන් ඔපවත් වුණා. රන්මුතුදූව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කලේද අමරදේව මහතායි. එම චිත්‍රපටයේ එන සියලුම ගීත මානවසිංහයන් විසින් රචනා කරන ලද ගීතයි. කලක් පැවිදිව සිටි මානවසිංහයන්ගේ බෞද්ධ පසුබිම ගීතයේ සුවිශේෂී අලංකාරයට හා බුදුගුණ වඩාත් අරුත්බර ලෙස ඉදිරිපත් කිරීමට සහය වන්නට ඇති. මානවසිංහ හා අමරදේව සුසංයෝගය තම චිත්‍රපටය සඳහා තොරා ගත්තේ අධ්‍යක්ෂක ශේෂා පලිහක්කාර මහතා විසින්. කෙසේ වෙතත් එම සුසංයෝගය පසු කලෙක මෙවන් අපූර්ව ගීත සමුදායක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළා.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/6103/paramitha-bala-poojitha-poojitha-w-d-amaradeva-nanda-malani-sinhala-mp3.html 3.69 MB

වීඩියෝව නරඹන්න []

Buddhist_Songs-_Paramitha_bala..._song_by-W.D_Amaradeva

Buddhist Songs- Paramitha bala... song by-W.D Amaradeva

  • ඉතා පැරණි පටිගත කිරීමක් Youtube Video by Ruchira Bandara
Paramitha_Bala_W_D_Amaradewa

Paramitha Bala W D Amaradewa

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/2921/w-d-amaradeva-paramitha-bala-poojitha-poojitha-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chordssrilanka.com/2015/04/paramitha-bala-poojitha-poojitha.html

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement