Geeyakawathagotha Wiki
Register
Advertisement
මගේ පුංචි රෝස මලේ
ගායනය අමරසිරි පීරිස්
පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය ඩැනිස්ටර් පෙරේරා

අමරසිරි පීරිස් මහතා ගයනා කරන මෙම ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ රචනයක්. මෙම ගීතයට පාදක වෙන්නේ එක්තරා ගායකයෙක්ගේ අත්දැකීමක්.

ගී පද[]

මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//


කළුවර රෑ සඳක් වගේ

අහසේ නුඹ ඉන්නවනම්...

ආසයි මම නොකී කවිය 

නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...


මගේ පුංචි රෝස මලේ...


මගේ පුංචි නවාතැනේ 

ඇවිදින් සැරි සරනවනම්...

ආසයි මං කවුළු පියන්

ඇරලා තියන්න...

තරහක් නැහැ නෑවිත් ඉන්න.


මගේ පුංචි රෝස මලේ...

ඇරඹුම[]

ධම්මික බණ්ඩාර මහතා පවසන විදිහට එම ගායකයා විසින් පවත්වාගෙන ගිය සංගීත පන්තියකට පැමිණි ගැහැණු ලමයෙක් කෙරෙහි බැඳුනු ආදරයක් නිසා ලියවුනු ගීයක්. එම ගැහැණු ළමයට වඩා ගායකයා වයසින් ඉතා වැඩි නිසා තම ආලය සඟවාගෙන ජීවත් වීමට ඔහුට සිදු වුණා.

දිනක් ධම්මික මහතා එම ගායකයා හමුවීමට ගිය විටෙක ඔහු මත්පැන් පානය කරමින් ඉඳ තිබෙනවා. ධම්මික මහතා දැකල ඔහු අඩමින් කිව්වලු, ගැහැණු ළමයා විවාහ වන බව කියල බුලත් දීල පිටත්ව ගියාලු. ඔහු දරාගන්න බැරි දුකෙන්ලු හිටියේ. මේ සිද්ධිය ගැන ධම්මික මහතා ලිව්වා ගීතය තමයි මගේ පුංචි රෝස මලේ....[1]

විශේෂ තොරතුරු[]

  • මෙම ගීතයේ එන සංගීත ගුරුවරයා "මර්වින් පෙරේරා" මහතා බව සමහර මූලාශ්‍ර වල සඳහන්.[නිවැරදි කිරීමක් අවශ්‍යයි]

විචාරයන්[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න[]

  • ගිටාර් වාදනය සමග, රූපවාහිනී "සුරම්‍ය රාත්‍රී" වැඩසටහනෙන්

Guitar Chords[]

Sinhala Song Book http://www.sinhalasongbook.com/mage-punchi-rosa-male/
Chords Lanka http://www.chords-lanka.com/song_view.php?song_id=286

යොමු[]

Advertisement