Geeyakawathagotha Wiki
Register
Advertisement
අහන් ඉන්න අහගෙන ඉන්න
ගායනය මේකලා ගමගේ
පද රචනය සෝමලතා හේරත් මැණිකේ
සංගීතය රුවන් ශ්‍රී වල්පොළ
පසු ගායනය ඉන්ද්‍රචාපා ලියනගේ

ඉතා අලංකාර හදවතට ආමන්ත්‍රණය කරනා ගායනයක් සහිත මේ ගීතයෙන් කියවෙන්නේ අන්ධ පුද්ගලයෙක් ලෝකය දකින අන්දම පිළිබඳවයි.

ගී පද[]

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්

මුදු මල් පෙති ඇහැරෙනවා...

පොද වැස්සක සීතල ඇවිදින්

සිතට එබෙනවා...

කෝඩුකාර මල් රේණු අගින්

සුවද බෙදනවා...

ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//

සිලි සිලියේ හමන සුළඟ

කොදුරන්නෙ අපටමයි...

සතුට මිසක දුක මොකටද

සෙනෙහස මහමෙරයි...

අමාවකේ දුක දුරලන

දහසක් තරුකැට නුඹටයි...

ඒ එලියෙන් දැල්වෙන ලෝකය

මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//

ඇරඹුම[]

ගීතය රචනා කර තිබෙන්නේ මහනුවර මහ රෝහලේ අක්ෂි තාක්ෂණවේදී නිලධාරිනියක් වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය විසින්. ඒ සුනෙර පදනමෙන් කරනා ලද Human Touch නම් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නාට්‍ය නිර්මාණයේ තේමා ගීතය සඳහා ගීතයක් නිර්මාණය කිරීමට කළ ඉල්ලීමටයි.ගීතය ගයනා කරනු ලබන මේකලා ගමගේද අන්ධ තරුණියකි.

මෙම ගීතයේ වේග රිද්ම ගායනයක්ද නිර්මාණය කර ඇත. එහි ගායනය ඉන්ද්‍රචාපා ලියනගේ මහතාගේ. නමුත් වඩාත් සංවේදී හා හැඟුම්බර ලෙස සිතට දැනෙන ගායනය වන්නේ මේකලා ගමගේ ගයනා කරනා Classical Version එකයි. එහි සංගීත නිර්මාණය රුවන් ශ්‍රී වල්පොළ මහතා විසින් සිදු කර ඇති අතර ඒ සඳහා අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයක් භාවිත කර කටහඬ ඉස්මතු කිරීමට උත්සහ කර ඇත. [1]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

මේකලා ගමගේ ගායනය

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/805/ahan-inna-ahagena-inna-mekala-gamage-sinhala-mp3.html 5.08 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/mekala-gamage-mp3-songs/ahan-inna-ahagena-inna-mp3-song.php 4.06 MB

ඉන්ද්‍රචාපා ලියනගේ ගායනය

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1447/ahan-inna-ahagena-inna-indrachapa-liyanage-sinhala-mp3.html 6.58 MB

===
වීඩියෝව නරඹන්න ===

  • මේකලා ගමගේ ගායනා කරන ගීතය Youtube Video by MISTvideoGlaray
Ahan_Inna_(Official_HD_Video)_From_www.mist.lk

Ahan Inna (Official HD Video) From www.mist.lk

  • ඉන්ද්‍රචාපා ලියනගේ ගායනා කරන ගීතය Youtube video by isuru perera
Ahan_Inna_Ahagena_Inna

Ahan Inna Ahagena Inna

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1849

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=302

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement