ආදරයේ උල්පත වූ අම්මා | |
---|---|
ගායනය | වික්ටර් රත්නායක |
පද රචනය | ප්‍රේමකීර්ති ද අල්විස් |
සංගීතය | වික්ටර් රත්නායක |
වික්ටර් රත්නායක මහතා ගායනා කරන මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් රච්ත ඔහුගේ පළමු මවු ගුණ ගීතයයි.
ගී පද[]
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ.....
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ...
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි...
සුලැගිල්ලේ එල්ලී....
සද දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දොවා...
දිව මතුරක් වන් නැලවිලි ගියෙන්
මතකයි මා නැලවුවා...
ජිවිතයෙන් ජිවිතයක් ගෙනදී
ඒ ජිවිතයට කිරි දී පණ දී...
මා දැඩිකළ අම්මා...
තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා
නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ සුවදක් වාගේ
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳි
ගෙන දී දිවියට නව පණ ලැබදී...
මා දැඩිකළ අම්මා..
ඇරඹුම[]
ප්‍රේමකීර්ති මහතා කුඩා කාලයේ සිටම අම්මා මහා සෙවනැල්ලක් විදිහට ඔහු පිටුපසින් ඉඳල තියෙනවා. කුඩා ප්‍රේමකීර්ති ගුවන් විදුලි වැඩසටහන් වලට පවා එක්කගෙන ගිහින් තියෙන්නේ ඔහුගේ අම්මා. ප්‍රේමකීර්ති ගීත රචනා කරන කාලයේදී ඔහුගේ වියපත් අම්මට ඇසේ ශල්‍යකර්මයක් කරන්න සිදු උනා. ඉතින් රෝහලේ නවත්වපු අම්මා ගැන ඔහු සිටියේ බොහොම බයෙන්. අම්මා නැති පාළුව ඔහුට හොඳට දැනුන.
මේ අතර සංගීතවේදී වික්ටර් රත්නායක මහතා ප්‍රේමකීර්ති සොයාගෙන ආව සරල ගීත වැඩසටහනකට ගීතයක් ලියාගන්න. රෝහලේ සිටින අම්මා ගැන හිතමින් ඔහුට ගීතයකට හිත හදාගන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. ඒ ගැන දැනගත්ත වික්ටර් තමන්ගේ ගීත ඉල්ලීම කල්දාන්න තීරණය කල. ප්‍රේමකීර්ති, වික්ටර් රත්නායක එක්ක අම්මා බලන්න රෝහලට ගියාලු. අයව බලන්න ආ ඒක ගැන ප්‍රේමකීර්තිගේ අම්මා ගොඩක් සතුටු වුනාලු. රෝහලට ගිහින් එන අතරේ වික්ටර් තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කළා.
කාලයක් තිස්සේ ප්‍රේමකීර්ති මවු ගුණ ගීයක් ලියන්න හිතාගෙන හිටිය. එහෙම ලියපු ඔහුගේ පළමු මවු ගුණ ගීතය තමයි වික්ටර් රත්නායක මහතාගේ සංගීතයන් හා ගායනයෙන් ඔපවත් වෙලා අපිට අහන්න ලැබෙන්නේ. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය, දරුවෙක් වෙනුවෙන් කරන මෙහෙය ගැන දරුවෙකුට කියන්න පුළුවන් උපරිම ආකාරයෙන් එතුමා විසින් ගීතය රචනා කර තිබෙනවා.[1]
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
- From www.ananmanan.lk - http://topbadu.net/sinhala_mp3/Victor_Rathnayaka_Adaraye_Ulpatha.mp3
- From www.siyalla.com - https://www.siyalla.com/free-sinhala-mp3/song/Adaraye-Ulpatha-Wu-Amma-Ma-Obage-Puthu-Wu/
වීඩියෝව නරඹන්න[]
- Youtube video by Ruchira Bandara