Geeyakawathagotha Wiki
Register
Advertisement
ගිමන් හරින දියඹ
ගායනය W.D. අමරදේව
පද රචනය ජානක සිරිවර්ධන
සංගීතය අරුණ ගුණවර්ධන
ටෙලිනාට්‍යය අග්නි

ඉතා මෑතකදී දෙරණ රූපවාහිනියේ විකාශය වූ අග්නි ටෙලිනාට්‍යයේ තේමා ගීතය ලෙස මෙම ගීතය අමරදේව ශූරීන් විසින් ගායනා කරනු ලැබුවා.

ගී පද[]

ගිමන් හරින දියඹ දිගේ

සුසුම් හෙලන වෙරළ ඉමේ

බැස යන හිරු අඩසි සඳට

රහස් කියනවා

සඳ ආදරයෙන් අහස පුරා

ර‍ටා මවනවා


හිත් දැහැනේ වේලි තිබුණු

නෙත් දැහැනේ ගලා හැලුණු

මියැදෙන්නට බලා ඉඳපු

ආදරයද මේ

හිරු රහසේ කියා දුන්නු

ආදරයද මේ ……


නිල් කටරොළු නිල නැහැවුනු

මල් බර මුදු සුව ‍රැඳවුන

තොල් පෙති කන් පලදාලන

ආදරයද මේ

නුඹ රහසේ කියාදුන්නු

ආදරයද මේ…


ගිමන් හරින ...

ඇරඹුම[]

පද රචනය[]

ගීතය රචනා කළේ අග්නි ටෙලිනිර්මාණය කළ ජානක සිරිවර්ධන විසින්. ටෙලිනාට්‍යය වෙනුවෙන්ම රචනා කළ නිසාවෙන් ගීතයේ ඇරඹුම පිලිබඳ විශේෂ කතාවක් සොයාගන්න නැහැ. ආදරය කෙතරම් පුදුමාකාර දෙයක්ද යන්න මේ ගීතයෙන් කියන්න උත්සාහ කර තිබෙනවා. ඇත්තටම මේ ගීයේ පද පෙළ විස්තර කරනවට වඩා ගීතය විඳීම තුලින් ගීතයෙන් කියවෙන දේ හොඳින් වටහා ගත හැකියි. ගීතය අහනකොට පද පෙළ ඇතුලේ සැඟවිලා තිබෙන ආදරයේ අපූර්වත්වය ඉතාමත් සංවේදී විදිහට අපිට දැනෙනවා.

සංගීතය[]

අරුණ ගුණවර්ධනයන්ගේ සංගීතය ඒ සොඳුරු හැගීම තව තවත් තීව්‍ර ලෙස සිතට දැනෙන්න සලස්වනවා.

විචාරයන්[]

ජීවිතයේ සැදෑ සාමය ගත කරන අමරද්වයන්ගේ ගැඹුරු නමුත් ඉතා සංවේදී කටහඬ ගීතයට එකතු කරන්නේ ඉතා සොඳුරු හැගීමක්. අමරදේව මහතාම ගීත ගායනය සඳහා තෝරා ගැනීම දිවි ඇති තුරා පවතින ආදරය ගැන, ගතින් වියපත් වුවත් වියපත් නොවූ ආදරය ගැන කියන්නට දරන උත්සාහයක් විය හැකියි. කෙසේ නමුත් ගායනය, පද රචනය සහ සංගීතය යන ත්‍රිත්වයේ අපූරු සංයෝජනයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකියි.

  • මගේ පිටුව බ්ලොග් අඩවිය

"ආදරය යනු කොයි තරම් මිහිරි අත් දැකුමක්ද විටෙක සිත දැහැනින් වෙළන තවත් විටෙක සිතට විඩා ගෙනෙන අප හා සරන මේ ලෝකය අප අවට වටපිටාව අපට කියා දෙන ඒ සොඳුරු ආදරය මේ යැයි කියා මේ සොඳුරු ගීතය අපට කියනවා. ආදරයේ ගැඹුර එහි ඇති මිහිර කොයිතරම්ද යන්න අසන්නා සහ බලන්නාගේ සිත් නොතැලෙන සියුම් වූත් සරල වූත් සුන්දර වූත් රූප පෙළකින් ගීතය සරසනවා"[1]

විශේෂ තොරතුරු[]

  • ගීතය රචනා කල ජානක සිරිවර්ධන මහතා 2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී හොඳම ගීත රචනා සඳහා ඇගයීමට පාත්‍ර වී තිබෙනවා.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/giman-harina-diyamba-dige-(adarayada-me)-mp3-song.php 3.48 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/amaradeva/giman-harina-adarayada-me/

වීඩියෝව නරඹන්න []

Adarayada_Me_-_W.D._Amaradewa_(_Official_HD_Music_Video_)

Adarayada Me - W.D. Amaradewa ( Official HD Music Video )

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/2816/w-d-amaradeva-giman-harina-diyaba-dige-adarayada-me-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1576

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement