සුදු නෙළුම කෝ | |
---|---|
ගායනය | W.D. අමරදේව |
පද රචනය | රත්න ශ්‍රී විජේසිංහ |
සංගීතය | W.D. අමරදේව |
අමරදේව ශූරීන් ගයන මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක්.
ගී පද[]
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ
වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ....
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා
සුදු නෙළුම කෝ...
ඇරඹුම[]
රත්න ශ්‍රී විජේසිංහ මහතා මොනරාගල ප්‍රදේශයේ හුලන්දාව කනිෂ්ඨ විද්‍යාලයෙ[1] ගුරුවරයෙක් විදිහට සේවය කරන කාලේ වෙච්ච සිද්ධියක් මේක. එතුමා උගන්වපු පාසලේ හිටිය එක්තරා ගැහැණු ළමයෙක් පැමිණීම මදිකම නිසා ඇය ගැන ටිකක් උනන්දුවෙන් හොයල බැලුව. තාත්තා නැති ඇය ජීවත් වෙන්නේ අසනීප අම්මත් එක්ක. පවුල ජීවත් කරවන්න මුදල් හොයාගන්නේ මේ කුඩා දැරිය. ඇය නෙලුම් මල් කඩල එම ප්‍රදේශයේ තිබුණු දෙමටමල් විහාරය වඳින්න එන අයට විකුනනවා. දවසක් මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. පස්සේ වැව් ඉවුරේ තිබී ඇගේ මළසිරුර හොයාගන්නවා. ඇගේ මරණයට රත්න ශ්‍රී විජේසිංහ මහතාත් සහභගී වෙනවා. ඇගේ සිරුර තැබීමට තරම්වත් නිවසේ ඉඩ නැහැ. කුඩා පෙට්ටියක පාසැල නිල ඇඳුමෙන් සැරසුණු ඇගේ සිරුර තබා තිබෙනවා. මේ සිදුවීම මුල් කරගෙන තමයි රත්න ශ්‍රී විජේසිංහයන් සුදු නෙළුම කෝ නමින් ගීතයක් රචනා කරන්නෙ. ගීතය අමරදේව මහතාට දෙන්නේ වසර කිහිපයක් ගතවුනාට පසුවයි.[2]
ගීතය ගැන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හඬින් (ස්වාධීන රූපවාහිනී තඹර විල වැඩසටහනෙන්)
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
- සත්‍ය සිදුවීම සිදු වුණේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ වුවත් ගීතය සඳහා රත්න ශ්‍රී විජේසිංහයන් තරමක් ප්‍රසිද්ධ මහියංගනය විහාරය සහ සොරබොර වැව යොදා ගන්නවා.
- අමරදේවයන්ගේ 64 වන ජන්ම දිනය උත්සවයක් ටවර් රඟහලේ පැවැත්වුණු අවස්තාවක සත්‍ය කතාවත් කියමින් අමරදේවයන් ගීතය ගායනා කල අවස්ථාවේ බොහෝ දෙනෙක්ගේ ඇස කඳුලින් තෙත් වී ඇත.
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/sudu-neluma-ko-mp3-song.php | 3.70 MB |
Srimp3.com | http://srimp3.com/sudu-neluma-w.d.-amaradeva-25939.html |
වීඩියෝව නරඹන්න []
- Youtube Video by Prashan DZ
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | http://www.chords-lanka.com/song_view.php?song_id=293 |