Geeyakawathagotha Wiki
Register
Advertisement
සඳකඩ පහනක
ගායනය සුනිල් එදිරිසිංහ
පද රචනය වොලී නානායක්කාර
සංගීතය වික්ටර් රත්නායක
ඇල්බමය සදකඩ පහනක
එළිදැක්වීම 1973
චිත්‍රපටය මාතර ආච්චි

සුනිල් එදිරීසිංහ මහතා මාතර ආච්චි චිත්‍රපටයට ගායනා කල මේ ගීතය ඔහුගේ පළමු ගීත ගායනය ලෙස ඉතිහාස ගත වෙයි.

ගී පද[]

සඳකඩ පහනක කැටයම් ඔපලා

පාවෙන දේදුණු ලැගුම් ගනී

කැලැතුනු රසයක පැන ආ බුබුලක්

අකුරු වැලක් දෙහදක ලියැවී

යුගයෙන් යුගයට නොමියෙන දහනක

දිවියක පදනම මතු වෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා

සියුමැලි කැකුළක් මැළවෙද්දී...//



දහසක්පෙතිමත රහසක් කොඳුරා

තුඩින් තුඩට ගෙනයන බින්දූ

ගවුවක් ඉහලක ගොනු කොට රඳවා

පොපියන දෙතොලක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා

ඒ හා මුහු වුන වැහි බින්දු

ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක

තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ...//



සඳකඩ පහනක කැටයම් ඔපලා......



හදවිල ඉපැදුණු කැකුළක් නොකලට

නටුවන් ගලවා දුරක යවා

මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්

සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද

එක්ටැම් මැදුරක කවුළු අරා

රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටී බලා...//

ඇරඹුම[]

පද රචනය[]

වොලී රත්නායකයන් විසින් මාතර ආච්චි චිත්‍රපටයට රචනා කරන ලදී.

සංගීතය[]

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායකයන් විසින් සන්ගීතවත් කරන ලදී.

විචාරයන්[]

ගීතය ගැන විවිධ අර්ථයන් සොයාගන්න පුළුවන් වුනත් චිත්‍රපටයේ කතාවට අනුව ගීතයෙන් කියවෙන්නේ පෙම් පුවතක්. කෙටියෙන් කිව්වොත් තරුණයා අධ්‍යාපනය සඳහා විදේශ ගත වූ අවස්ථාවක තරුණියට වෙනත් අයෙකු හා විවාහ වන ලෙස එල්ල වන බලපෑම සහ නැවත ලංකාවට එන තරුණයාගේ සිතේ ඇතිවන වේදනාව මෙහි ඇතුලත් වෙනවා.

අහසක් ගුගුරා කළුවක් වපුරා

ඒ හා මුහුවන වැහි බිංදු

ඈ ගෙන යද්දී නටබුන් අතරෙක

තවෙකෙක් ඈ වෙත හද රැන්දූ


මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

හද විල ඉපැදුණු කැකුළක් නොකලට

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්

සත් සමුදුරකට මුහුව ගියා


ඔබට උරුම වූ රිදුණු තැවුණු හද

එක්ටැම් මැඳුරක කවුළු අරා

රුවන් විමානෙන් පියඹා එනතුරු

පොපියන හදවත සිටියි බලා

ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.



සම්පූර්ණයෙන් කියවන්න : http://www.elakiri.com/forum/showthread.php?t=1226990&page=12

විශේෂ තොරතුරු[]

  • සඳකඩ පහණ කියන්නේ සුනිල් එදිරිසිංහ මහතාගේ පළමු ගීතය. බොහෝ අවස්ථා වල පවසන අන්දමට එය ඔහුගේ ප්‍රියතම ගීතයයි
  • මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත්, වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත්, සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.[1]

යොමු[]

සින්දුව බාගතකරන්න[]

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/2561/sandakada-pahanaka-katayam-opala-sunil-edirisinghe-sinhala-mp3.html mp3 - 4.12MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/sunil-edirisinghe-mp3-songs/sandakada-pahanaka-mp3-song.php 128 kbps, 44,100 Hz

වීඩියෝව නරඹන්න []

01._Sandakada_Pahanaka_-_Sunil_Edirisinghe

01. Sandakada Pahanaka - Sunil Edirisinghe

Song Chords[]

Site Link Info.
ChordsLanka https://www.chords-lk.com/song/sandakada-pahanaka/

මූලාශ්‍ර[]

Advertisement