Geeyakawathagotha Wiki
Register
Advertisement
හන්තානට පායන හඳ
ගායනය අමරසිරි පීරිස්
පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය ඩැනිස්ටර් පෙරේරා

අමරසිරි පීරිස් මහතා ගායනා කරන මේ ගීතය ධම්මික බණ්ඩාර මහතාගේ පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් කරන ලද ගේය පද රචනයක්.

ගී පද[]

හන්තානට පායන හඳ

ලස්සනයිද කියන්න...

මා නොදකින ඒ පුර හඳ

ඔබට හැකිය දකින්න...


අඳුරු ලලා වහිනා කල

සරසවි බිම තෙමෙන්න...

කුඩේ යටින් ඔබ යන කල

එපා තනිය දැනෙන්න...


ලතා මඩුළු අත වනාවි

එපා අහක බලන්න...

මා ගැන මතකය ගුලිකර

මහවැලියට දමන්න...


හන්තානට පායන හඳ...

ඇරඹුම[]

ගීත රචනාව[]

ගීතයේ නිර්මාණ කළ ධම්මික බණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් පුද්ගලයෙකි. නමුත් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉතා ඇලුම් කල අතර එහි ඔහුගේ මිතුරන් සිටියෝය .  පසුව ඔහු ගුරු වෘත්තියට එළඹුණු අතර  ඔහු ඉගැන්වූ උසස් පෙළ පන්තියේ සිදුවුණු සිදුවීමක් ගීතයට ඇරඹුමක් තැබීය. එම පන්තියේ සිටි සිසුවෙක් සහ සිසුවියක් අතර පෙම් සබඳතාවක් ඔහු විසින් නිරීක්ෂණය කර තිබිණි. නමුත් ඔහු එයට කිසි විටෙක බාධා කලේ නැත. උසස් පෙළ විභාගයෙන් පසුව සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණු අතර සිසුවාට එහි යාමට නොහැකි විය. කලකට පසු ඔහුට මෙම සිසුවා හමු විය. ඔහුගේ ප්‍රේම සම්බන්ධය ගැන සිසුවාගෙන් ඇසූ විට ඔහු පවසා සිටියේ මෙවැන්නකි. "සර්.. එක ඉවරයි. එයා කැම්පස් ගියා. එයාට දුර ගමනක් යන්න තියෙනවනේ. පේරාදෙණියට ගියාම කොයිතරම් සුන්දර දේවල් දකින්න තියෙනවද. ඒ සුන්දරත්වය මම නිසා දකින්න බැරි වේවි. ඒ නිසා ලියුම්ගණනක් ලියල මම අයින් උනා."

මෙය නිමිති කරගෙන ධම්මික මහතා පේරාදෙණිය සරසවියේ සිටින ඇයට පෙනුනට ඇගේ පෙම්වතාට නොපෙනෙනා වූ හන්තානට පායන හඳ ගැන ගීතයක් රචනා කළා. 

ගීතය ගැන ධම්මික බණ්ඩාරයන්ගේ හඬින් රූපවාහිනී "සඳ රඟ මඬල" වැඩසටහනෙන්.(youtube video by හිනයක් සංකල්ප

*Hanthanata_Payana_Sanda*Dammika_Bandara_explaining_the_souce_of_Lyrics

*Hanthanata Payana Sanda*Dammika Bandara explaining the souce of Lyrics

සංගීතය[]

සංගීතය නිර්මාණය කළ ඩැනිස්ටර් පෙරේරා මහතාගේ වචනයෙන්ම ගීතයේ සංගීතය ගැන;

"මේ ගීතයේ වදන් පෙළ බැලූ බැල්මට සුන්දරයි. එහෙත් ගීතයකට තාලයකට ගයන්නට පුළුවන් දැයි සැක සහිත වදන් පෙළක්. ඒ වුණත් එහි ගැබ්වුණු අපූරු අදහස මා ඉදිරියේ විසල් මල් රුකක් සේ මට පෙනුණා. මට ඒ මල් රුක ලස්සනට සරසන්නට අවශ්‍ය වුණා.

ගීතයේ අදහස හරි අපූරු එකක්. මින් පෙර නොකියැවුණු අදහසක්. මේ ගීතයට රාගධාරි තනුවක් එතරම් උචිත නැතැයි මට සිතුණා. ඒ නිසා බටහිර සංගීතයේ ආභාසය මා ලබාගත්තා. ඊට 3-4 රිද්මය යොදාගත්තා. රිද්මයෙන් සංගීත සංයෝජනය කළා.

හන්තානේ කන්ද හරි සුන්දර ස්ථානයක්. ඒ ගැන මතක් වන විටත් ඇතිවන්නේ සුන්දර පෙ‍්‍ර්මාලිප්ත හැඟීමක්. ඒ සුන්දරත්වයට ශ‍්‍රාවකයා සංවේදී කළ යුතු නිසා මා ‘සෙක්සෆෝන්’ හඬ බෙහෙවින් යොදාගත්තා.

අනික මෙහි කියැවෙන පෙ‍්‍ර්මය හරි ම අහිංසකයි. මේ පෙ‍්‍ර්මය අහිමි වුණත් එය කිසිදිනක වෛරයකට පෙරළෙන එකක් නොවෙයි. ඔහු සිය පෙම්වතිය තමා අතහැර වෙන්වී ගිය දිනෙක වුවත් ඇයට සුභාශිංසනය කරන්නට මිස වෛර කරන්නට පෙළඹී නැහැ.

ඔහු දුක්වෙන්නෙත් නැහැ. බොහොම සන්සුන් විදිහට උපේක්ෂාසහගත ව හිතන කෙනකු ඒ තරුණයාගේ හිතේ සන්සුන් බව කියන්නට අවශ්‍ය නිසා මායොදාගත්තා. ළං ළං ස්වර නොයොදා දුර දුර ස්වර යොදාගත්තේ ගීතයෙන් සතුටක් ජනිත කිරීම අවශ්‍ය නිසා.

රසය වැඩි කිරීමට ලීඩ් ගිටාරය වැඩි වැඩියෙන් භාවිතා කළා.

මේ ගීතයට උචිත ම ගායකයා අමරසිරි පීරිස්. ඔහුගේ ගැඹුරු ලයාන්විත හඬ, යථාර්ථ ස්වරූපී ගායන ශෛලිය මේ ගීතයට සුදුසුම හැඩයයි. ඔහුට ගායනයේදී විශාල පරාසයක ගායනා කරන්න පුළුවනි. හෙ¾ඩ් ගාම්භීර ප‍්‍රකාශනයක් තියෙනවා. ඒකට මං කියන්නේ ‘මනුෂ්‍යත්වයේ හඬ’ කියලා මා ඒ හඩින් මේ ගීතයේ දී උපරිම පල නෙළාගත්තා."[1]

විචාරයන්[]

"ඉතා කෙටි යෙදුම්වලින් විශාල ගැඹුරු අරුතක් මෙහි කියැවෙන අතර සංගීත භාණ්ඩ කීපයකින් අර්ථවත් සංගීතයක් නිර්මාණය කොට තිබෙනවා."

"මෙවන් ආත්ම පරිත්‍යාගයෙන් යුත් පෙ‍්‍ර්මවන්තයින් ඉතා විරල ලෝකයක මෙලෙස අර්ථපූර්ණ වචන ටිකකින් අඩු සංගීත සංකලනයකින් භාවපූර්ණ ලෙස ගායනා වූ ගීතත් ඉතා විරල බව කිව යුතුය."

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න[]

Hanthanata_Payana_Sanda_►_Original_Song

Hanthanata Payana Sanda ► Original Song

Guitar Chords[]

මූලාශ්‍ර[]

Advertisement