Geeyakawathagotha Wiki
Register
Advertisement
සකුරා මල් පිපිලා
ගායනය නන්දා මාලිනී
පද රචනය සුනිල් ආරියරත්න
සංගීතය නන්දා මාලිනී

නන්දා මාලිනී මහත්මිය ගායනා කරන මේ ගීතය ඇසෙන විට එයින් කියවෙන්නේ විකාරරූපී සිදුවීම් පෙළක් යැයි ඕනෑම කෙනෙකුට සිතෙන දෙයක්. නමුත් මෙය සම්ප්‍රදායට එරෙහිව ගිය විප්ලවීය අදහස් ඇති ගීතයක් ලෙස ප්‍රකටයි.

ගී පද[]

සකුරා මල් පිපිලා හරි පුදුමයි

ගේ දොරකඩ නිල් වන පියසේ

නිදි මත නැතිවී හිරු පායා ඇත

උමතු වෙසින් මහ රෑ යාමේ


මින් රළ වෙරළේ සක්මණ් කළ සඳ

පා සටහන් ඇත වැලි තලයේ

නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ

ඉගිලෙති නටමින් උඩු ගුවනේ


සකුරා මල්...


යන එන සෙල්ලම් රිය පෙළ අතරින්

පාසල් යනවිට බෝනික්කෝ

අකුරු උගන්වති කූඹි සිසුන් හට

වයසක ගුරුවර සූටික්කෝ


සකුරා මල්...


සුදම් සභාවේ අරගලයක් වී

අහසින් කොටසක් කඩා වැටී

වියපත් සඳවත ගේ දොර නැතිවී

හැරමිටි සරණින් බලා සිටී


සකුරා මල්...

ඇරඹුම[]

පද රචනය[]

ගීතය රචනා කරලා තියෙන්නෙ සුපුරුදු පරිදිම නන්දා මලිනියන් හට ගීත වැඩිම ප්‍රමාණයක් රචනා කළ සුනිල් ආරියරත්න මහතායි. මෙම ගීතය 1971 කැරැල්ලට උත්තේජනයක් සැපයු බවද පැවසෙනවා. එම හේතුව නිසාම එකල ගීතය සඳහා වාරණයන් එල්ල වුණා. සුනිල් ආරියරත්න මහතා පවසන පරිදි මේ ගීතය එකල පැවති ඒකාකාරී ගීත සම්ප්‍රදායට එරෙහිව විප්ලවීය ස්වභාවයක් මතු කිරීම සඳහා ලියන ලද්දක්. ඔහු මෙය හඳුන්වාදෙන්නේ උමතු තරුණියක දුටු විකාර රූපි සිහිනයක් විදිහට.

”ඒකාකාරී ගීත රැල්ලකින් රසිකයන් හෙම්බත්ව සිටි කාලයක් ඒ කාලය. මට හිතුණ මේ ඒකාකාරීත්වයට එරෙහිව ගීතයක් ලියන්න. විකාර රූපී අත්දැකීමකින් කැරලිකාර විප්ලවීය ස්වභාවයක් මතු කරන්න මට හිතුණා. මොකද ඒ කාලේ මම ඒ වගේ නාට්‍ය කෘති කියවලා තිබුණ නිසා.

ඒ විදිහට මේ ගීතය මා හඳුන්වා දුන්නේ උමතු තරුණියක දුටු විකාර රූපි සිහිනයක් විදිහට. ගුවන් විදුලියේ ජනපි‍්‍රය ගායිකාවක්ව උන් නන්දා මාලිනියට මෙය ලබාදුන්නම ඇය සංගීත නිර්මාණය කරලා මෙය ගායනා කළා. හිතුවටත් වඩා මේ ගීතය ජනපි‍්‍රය වුණා.

ගීත රචකයෙක් විදිහට මා මුල්වරට රසිකයින් අතර කතාබහට ලක්වුණේ මේ ගීතයෙන්. ඒත් අවාසනාවකට වගේ මේ ගීතය ගුවන් විදුලියේදී වාරණයටත් ලක්වුණා. මේ ගීතයට විවේචන, චෝදනා බොහොමයක් ම ලැබුණා. ඒත් ඒ සියල්ලටම මා මුහුණ දුන්නා."[1]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • ගීතය සුනිල් ආරියරත්නයන්ගේ පළමුගීත රචනාවයි. එයට පෙර ඔහු නාට්‍ය සඳහා ගීත රචනා කර තිබුනත් මෙය ඔහුගේ පළමු ප්‍රසිද්ධ ගීත රචනාව ලෙස ජනතාව අතරට ගියා.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/sakura-mal-pipila-mp3-song.php 2.52 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/nanda-malini/sari-podiththak/sakura-mal-pipila/

වීඩියෝව නරඹන්න []

Sakura_Mal_Pipila_~_Nanda_Malini

Sakura Mal Pipila ~ Nanda Malini

"Sakura_Mal_Pipila"_Song_By._Nanda_Malani

"Sakura Mal Pipila" Song By. Nanda Malani

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1760/nanda-malani-sakura-mal-pipila-hari-pudumai-lyrics.html

Song Chords[]

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement