Geeyakawathagotha Wiki
Register
Advertisement
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
ගායනය සේනානායක වේරලියද්ද
පද රචනය වජිර මහකණුමුල්ල
සංගීතය සේනානායක වේරලියද්ද

ඇසුන ගමන් නොතේරුණත් මෙය තරමක් ගැඹුරු අරුතක් ඇති ගීතයක්. ගොඩක් තැන් වල සටහන් වෙලා තියෙන විදිහට ගීතයෙන් කියවෙන්නේ දුම්රියකට පැන දිවි නසාගත්ත යුවතියක් ගැන. සමහර තැන වල තිබෙන විදිහට දිවි නසාගත් පෙම්වතුන් යුවලක් කියලත් කියනවා. නිවැරදි සිදුවීම කුමක්ද කියල හොයාගන්න බැරි උනත් ගීතයේ මුලික අදහස දුම්රියට පන දිවි නසාගැනීමක් බව පැහැදිලියි. ගීතය රචනා කළේ මහකණුමුල්ලේ වජිර හිමි ලෙස බොහෝ තැන් වල සඳහන් වෙනවා. නමුත් තවත් සමහර මූලාශ්‍ර ගීතයේ රචකයා ලෙස වජිර මහකණුමුල්ල ලෙස සඳහන් කරනවා. මහකණුමුල්ලේ වජිර හිමි මේ වනවිට සිවුරු හැර ගිහි ජීවිතයක් ගත කරන බවත් ඒ ඔහුගේ ගිහි නම බවත් සඳහන්.[1]

ගී පද[]

පෙරුම් පුරාගෙන ආ සංසාරේ

පැතුමද සුනු විසුනුව වැටුණේ

කාටද රිදුණේ කවුරුද හැඬුවේ

දුම්රිය මොහොතක් නතර වුණේ...


මලක් වගේ රොන් සුවඳ වගේ

ජිවතය සුව අපමණ වේ ...//

දොළක් වගේ දිය දෝත වගේ

ජිවිතයේ අම සිසල දැනේ....


පෙරුම් පුරාගෙන ආ සංසාරේ...


වරක් නෙතග කදුළැලි පිරුණාදෝ

සිතට දරාගනු බැරි දුක් වීදෝ....//

දිවිය මොන තරම් සුන්දරදෝ

දුකම කොයි තරම් සතුටක්දෝ...


පෙරුම් පුරාගෙන ආ සංසාරේ...

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

වීඩියෝව නරඹන්න[]

මූලාශ්‍ර[]

Advertisement