Geeyakawathagotha Wiki
Advertisement

1945 අගෝස්තු 7 දින උපන් එල්ලමුල්ල කපුගේ ගුණදාස හෙවත් ගුණදාස කපුගේ මහතා සිංහල ගීත රැසක් ගායනයෙන් හා සංගීතයෙන් අලංකාර කර තිබේ.

ගුණදාස කපුගේ
"center"
සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස
උපත 1945 අගෝස්තු 7
විපත 2003 අප්‍රේල් 3
අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය,
ධර්මාශෝක විද්‍යාලය,
එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය,
ගාල්ල නාගොඩ විද්‍යාලය,
හේවුඩ් විද්‍යාලය,
භාත්ඛන්ඩේ සංගීත විශ්වවිද්‍යාලය


ගීත ගායනා[]

ගීත ඇල්බම්[1][]

  • දම් පාටින් ලා සඳ (1980)
  • සීතල සඳ එළියේ (1981)
  • උන්මාද සිතුවම් (1983)
  • මාවතේ ගීතය (1983)
  • කම්පන (1990)
  • පිය සටහන් (1990)
  • මිරිවැඩි සඟලක් (1995)
  • Sunflower 1,2,3 (1998)
  • ඉරබටු තරුව (1999)
  • සඳ රෑ සිහිනේ (2000)
  • නෑසෙන ගී රස 1,2 (2000)

සංගීත අධ්‍යක්ෂණය / දායකත්වය[1][]

වේදිකා නාට්‍ය[]

  • තුරඟ සන්නිය
  • පරපුටුවෝ
  • නන්දි විසාල
  • තාරාවෝ ඉගිලෙති
  • සිර කඳවුරු
  • සත් සහ සත
  • සසර සෙවනැළි
  • කම්පන

ටෙලි නාට්‍ය[]

  • ගිගිරි වළලු
  • අය්යම්මරුව
  • රන්දෝලි
  • දොළොස් පැය
  • සිර කඳවුරු
  • පාරමීදම්
  • සසර සෙවනැලි
  • රේල් පීලි සඳ මද්දහන
  • සඳා

චිත්‍රපට[]

  • සඳා
  • රතු මකරා
  • මාල ගිරවී
  • චුට්ටි
  • පුතුනි මට සමාවන්න
  • බව දුක
  • භවකර්ම

ජීවන තොරතුරු[]

ගාල්ලේ අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස උපන් ගුණදාස කපුගේ ගාල්ල ප්‍රදේශයේ පාසල් කීපයකින්ම අධ්‍යාපනය හැදෑරුවා. පසුව හේවුඩ් සංගීත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ ඉන්දියාවේදී උපාධියක් හදාරා පැමිණ 1960 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් විය. 1975 දී ඔහු ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක වරයෙක් ලෙස පත්විය. 1981 දී රජරට සේවය සංගීත අංශයේ ප්‍රධානියා ලෙසත් පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙසත් පත් විය.[2] 2003 වසරේ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව ඔහුගේ පුත් මිත්‍ර කපුගේ මහතා විසින් ඔහුගේ ගීත ගායනා කරනු ලැබේ.

සංගීත ජීවිතය[]

  • කපුගේ ශූරීන්ගේ පළමු ගීත ගායනය ලෙස "දෑස නිලුපුල් තෙමා" ගීතය 1973 වසරේදී නිකුත් විය. එය ඉතා කෙටි කාලයකදී ජනප්‍රිය විය.
  • ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායකයකු ලෙස තෝරාගත් කපුගේ මහතා සංගීත අධ්‍යක්ෂණය කල පළමු වේදිකා නාට්‍යය වූයේ සුගතපාල ද සිල්වා මහතාගේ තුරඟ සන්නියයි.
  • පළමු වරට චිත්‍රපටයක සංගීතය සඳහා දායක වූයේ ස්ටැන්ලි පෙරේරා මහතාගේ "සඳා" (1980) චිත්‍රපටය සඳහායි.
  • පළමු කැසට් පටය ලෙස "දම් පාටින් ලා සඳ" කැසට් පටය මාලනී බුලත්සිංහල මහත්මිය සමග නිකුත් කළේ 1980 වසරේදීය.

සම්මාන[]

  • ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996)
  • විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ (1996)
  • රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා (1997)
  • ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997)
  • සරසවි සම්මානය – හොඳම කටහඬ (1997)
  • OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997)
  • ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998)
  • සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999)


මූලාශ්‍ර[]

All items (10)

Advertisement