Geeyakawathagotha Wiki
Advertisement

වඩාත්ම ජනප්‍රිය රණවිරු උපහාර ගීතය ලෙස සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන "රන් මලක් ලෙස" හැඳින්විය හැක.

{{{title}}}
ගායනය සුනිල් එදිරිසිංහ
පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය රෝහණ වීරසිංහ
එළිදැක්වීම 1993

ගී පද[]

රන් මලක් ලෙස දෙව් බඹුන්

දෝතින් පිදූ මේ පින් බිමේ

පස් පිඩක් ගිලිහී නොයන්නට

රන් වැටක් ඇත සිව් කොනේ

නෙත් පුරා එක හීනයේ

මුළු ලෝකයා නිදනා රැයේ

දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ


ළෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්

පෑ විකුම් මැද දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්

මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්

තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්


රන් මලක් ...


මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ

අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ

නෑ සියත් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ

හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ ...

ඇරඹුම[]

පද රචනය[]

මෙම ගීතය කුමාරදාස සපුතාන්ත්‍රි මහතා විසින් රචනා කරන ලදී. රණවිරු උපහාර පිණිස රචනා කරන ලද ගීතය එකල කුමාරදාස සපුතන්ත්‍රී මහතා විසින් රචිත සමාජ විවරණ සහිත ගීත මාලාවේ එකක් ලෙස සැලකිය හැකියි. එය ඔහුගේ වචනයෙන්ම;

"මුල් යුගයේ මගේ ජනප්‍රිය වුණේ ප්‍රේම ගීතම තමයි. ඔහොම ජනප්‍රිය වෙලා ඉන්න විටක අපේ සුනිල්ම තමයි මට කිව්වේ "සපු.. ටිකක්‌ සමාජ අසාධාරණය ගැනත් කතා කරන රිදෙන දැනෙන සින්දුත් ටිකක්‌ ලියමු කියලා. ඉතින් මම ලිව්වා. මලින් මලට, රන්මලක්‌, මිනිසා සුවඳයි, දසිස්‌ දිනා, යටගිය දවසක, ලඳු ඕවිටි කලල් වැනි ගීත ලියෑවුණේ ඔහොමයි. "

සංගීතය[]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/176/ran-malak-lesa-dev-babun-dothin-pidu-sunil-edirisinghe-sinhala-mp3.html 4.23 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/sunil-edirisinghe-mp3-songs/ran-malak-lesa-mp3-song.php 3.45 MB
kumaradasasaputhanthri.com http://kumaradasasaputhanthri.com/Songs/Ran%20Malak%20Lesa.php With Sinala lyrics

වීඩියෝව නරඹන්න []

https://www.youtube.com/watch?v=LOj4B5QAUXA

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1272/sunil-edirisinghe-ran-malak-lesa-dev-babun-dothin-pidu.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1384

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

  1. ගේය පද සාහිත්‍යයේ සපුතන්ත‍්‍රී ලකුණ http://kumaradasasaputhanthri.com/Blogs/Gamini_Weragama_blog.php
Advertisement