රත්න දීප | |
---|---|
ගායනය | W.D. අමරදේව |
පද රචනය | මහගම සේකර |
සංගීතය | W.D. අමරදේව |
ගී පද
Edit
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ...//
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
රත්නදීප ජන්ම භූමි ...
සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
රත්නදීප ජන්ම භූමි ...
ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැගී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
රත්නදීප ජන්ම භූමි ...
ඇරඹුම
Edit
පද රචනය
Edit
තවත් ජාතික ගීතයක් ලෙස හැඳින්විය හැකි මෙම ගීතය රචනා කළේ මහගමසේකර නම් ප්‍රවීණ කලාකරුවාණන් විසින්. ගීතයට සබැඳී අප්‍රසිද්ධ සිදු වීමක්ද පවතී. "1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්‍යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි."[1]
සංගීතය
Edit
සංගීත නිර්මාණය අමරදේව ශූරීන් විසින්.
විචාරයන්
Edit
විශේෂ තොරතුරු
Edit
යොමු
Edit
සින්දුව බාගතකරන්න/අහන්න
Edit
වීඩියෝව නරඹන්න
Edit
- Youtube Video by Dillina Herath
Search on Youtube
ගී පද පෝස්ටරය
Edit
Site | Link | Info. |
---|---|---|
[[1]] | i242.photobucket.com/ |
Song Chords
Edit
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | http://www.chords-lanka.com/song_view.php?song_id=627 |